ලක්ශාන්ත අතුකෝරල

කලා නිර්මාණ බිහි වෙයි. කාලය ගලා යයි. ජීවිතය හා බැඳී පැමිණ අවසානයේ එය සොරා ගන්නා ‘පොදු අමුත්තා’ ඒ නිර්මාණකරුවන්ගේ ද අගිසි සීමාව ලකුණු කරයි. අමරදෙවයන් මේ සනාතන ධර්මතාව ගීයකින් කීවේ මෙසේය.
‘ඔබට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදු වන්නේ – ඉන්නට බැරි වන්නේ’
මරණයේ හමුව කවරාකාරදැයි ජීවත්වන අපි නොදන්නෙමු. දන්නේ එහි ආගමනය නිසැක බව පමණි. එහෙත් ‘මරණය’ නම් චරිතය ජීවත්වන්නවුන්ගේ කලා නිර්මාණ තුළ කොතෙකුත් නිරූපිතය. කලාවේ තෙරක් නොමැති පරිකල්පන විජිතය වෙත තමන්ට රිසි අයුරින් ඔහුව කැඳවන්නට නිර්මාණකරුවෝ පසුබට නොවෙති.
මෑතකදී එබඳු කලා කෘතියකට මසිත කොතෙක් බැදුණේද යත්, වහාම එහි හොඳ කැන්වස් පිටපතක්e-bay හරහා ගෙන්වා ගනිමි. එය නම් සුප‍්‍රකට ඔස්ටි‍්‍රයානු සිත්තර, ගුස්ටාව් ක්ලිම්ත් විසින් අඳින ලද, දැනට වියනාහි ලියෝපෝල්ඞ් කලාග ාරයේ තබා ඇති ‘මරණය සහ ජීවිතය’ (Death and Life) නම් සිතුවමයි. 1911 රෝමයේ පැවති ජාත්‍යන්තර චිත‍්‍ර ප‍්‍රදර්ශනයේදී පළමු තැන ලැබුවා වූ ද, ක්ලිම්ත් විසින් තමාගේ වැදගත්ම නිර්මාණය ලෙස හ`දුන්වනු ලැබුවා වූ ද එය මානව සත්තාවන් සහ මරණය උසස් ලෙස චිත‍්‍රණය කළ සිතුවමකි. පසෙකින් ළමා වියේ සිට මහලූ විය දක්වා ජීවිතයේ ඇතුළත් වන සුඛ, දෝමනස්ස, සෞන්දර්යයන් සේම මානව ආදරය සහ තෘෂ්ණාව ද, අනෙක් පසින් ඒ සියල්ල දෙස සෝපාහාසයෙන් බලා සිටින අප අමුත්තා ද එහි නිරූපණය වන අයුරු බලන්න. මට සිහි වන්නේ අප ජනශ‍්‍රැතියේ එන ‘හතර හිනාවන්’ගේ අවසාන හිනාවයි. එනම් අවසානයේ හිමි වන්නේ පොළොවෙන් හතර රියනක් පමණක් බව නොදැන, ලෝභකමින් දගලන මිනිසුන් දැක මාරයා නගන හිනාවයි.
2005 වසරේදී මාකුස් සුසක් විසින් නාසිකාලීන ජර්මනිය පදනම් කරගෙන ලියූ ‘පොත් සොරකම් කරන්නිය’ (The Book Thief) නම් ජනපි‍්‍රය නවකතාවේදී ‘මරණය’ යොදාගෙන ඇත්තේ කථකයෙකු ලෙසයි. එම කෘතිය 2013දී බ‍්‍රයන් පර්සිවල් අතින් විශිෂ්ට සිනමා නිර්මාණයකට හැරවෙයි. ඒ තුළ මරණයේ චරිතය උස් හිස් වැස්මකින් සහ දිගු කබායකින් සැරසී වීදි දිග ඇවිද යන්නේය. ජර්මනියේම ට‍්‍රයර් දේවස්ථානයේ තබා ඇති මාරයාගේ පිළිරුව, සළුවක් පොරවාගෙන ‘මරණයේ විසිකැත්ත’ දරා සිටින ඇටසැකිල්ලකි. රෙම්බ‍්‍රාන්ට් සිය සිතුවම්වල මරණය ඇන්දේද ඇටසැකිලි වෙසකිනි. පුද්ගලාරෝපණය කළ මරණය The Grim Reaper ලෙස ප‍්‍රකටව හැ`දින්වෙන අතර, එහිදී මෙන්ම ගී‍්‍රක මිථ්‍යාශ‍්‍රැතියෙහි ද බොහෝ විට මාරයා දක්වන්නේ එම කැති ආයුධය ගෙන මිනිසුන් එකතු කිරීමට පැමිණෙන මහලූ හෝ ඇටසැකිලි රුවක් ලෙසිනි. බර්ග්මාන්ගේ The Seventh Seal නම් කළුසුදු චිත‍්‍රපටයට, එහි ප‍්‍රධාන චරිතය, මරණය සමග චෙස් කී‍්‍රඩාවේ නියැලෙන දර්ශනයක් ඇතුළත් වේ. එයට 15 වන සියවසේදී ඇල්බර්ටුස් පික්ටර් ඇඳි ‘මරණය චෙස් අදියි’ නම් චිත‍්‍රය බලපාන්නට ඇතැයි සැලකේ.
කලාව තුළ වන මරණයේ විවිධ නිරූපණයන් සියල්ල මෙවන් කෙටි ඉඩක දැවටිය නොහැක.Paradise Lost ලියූ ජෝන් මිල්ටන්ගේ සිට වර්තමාන ලේඛකයන් දක්වා විශාල පිරිසක් අතිශය නිර්මාණශීලී ලෙස තම සාහිත්‍ය කෘති තුළට මරණයේ චරිතය රැගෙන ආවෝය. Supernatural නමැති ජනපි‍්‍රය රූපවාහිනී කතාමාලාවේදී එය සර්වබලධාරී සත්ත්වයෙකු ලෙස දක්වන අතර, ජේ.කේ. රෝලිංග්ස්ගේ හැරී පොටර් කතාමාලාවේ සිටින මරණය ද සටනේදී පරාජය නොවන චරිතයකි. නීල් ජර්මන් විසින් ලියන ලද Sandman නම් ඉංගී‍්‍රසි කොමික් පොත්මාලාවේ මරණය නිරූපණය වනුයේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු උඩ`ගු තරුණියක ලෙසටය. කවියේදී ‘රමණී’, ‘මරණී’ බවට පත් කරමින් මරණය සංකේතවත් කළ අපේ මහගම සේකරයන් ද මෙහිදී මතකයට නැගේ.
පර්සි බයිස් ෂෙලී සිය කාව්‍යාක්ෂියෙන් මරණය දකින්නේ බියකරු යමක් ලෙස නොව එක් විය හැකි සන්සුන් යහළුවකු ලෙසිනි.
‘‘මරණය සොඳුරුද කෙතරම් එය සහ එහි සොයුරු නින්දත් කෙනෙකු අර මියෙන සඳ සේ සුදුමැලිව අනෙකා සවස මෙන් රෝස පැහැතිව’’
මෙයාදි නිරූපණයන් අත් විඳ, මරණානුස්මෘතියෙහි මොහොතක් නෙත් පියා නවතින මට, මගේ ඇතුළු හද රේඩියෝවෙහි ‘නෝඩික් යූනියන්’ කණ්ඩායම ගයන When death is calling ගීය වැයෙනු ඇසේ. ඒ අතරම හරිහැටි සුසර නොවීමෙන්දෝ, හදෙහිම වෙනත් නාලිකාවක ගැයෙන සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු හඬ ඛණ්ඩ වගයක් ද රැුව් නගයි.
‘අපට නොවෙයි බඹුටත් මරු ළඟා වෙති….’
‘නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා…’