සත්‍යය සහ යුක්තිය සඳහා ජාත්‍යන්තරය

ලංකාව තුළ තවමත් සිදු වන වධබන්ධන පිළිබඳව පියවර ගැනීමට වුවමනාවක් ඇත්තේ නම් ශ්‍රී ලංකාව විසින් කළ යුත්තේ වධහිංසාවට සම්බන්ධ බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවල නම් කොට ඇති ප්‍රධාන හමුදා නිලධාරීන්ගේ සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කිරීම බව ඉන්ටර්නැෂනල් ටෘත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

නන්දන මුණසිංහ, සිසිර මෙන්ඩිස්, ජගත් ජයසූරිය සහ ශවේන්දු සිල්වා යන අයට වධබන්ධන චෝදනා ඇති බවත් ඔවුන්ගේ වැඩ තහනම් කර අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්ය.

පෙබරවාරි 25 වන දින අදාල මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත. අතිශයින්ම කුරිරු වධබන්ධන පැනවීම සම්බන්ධයෙන්  47 දෙනෙකුගේ නම් හඳුනාගෙන ඇති බවද එහි සඳහන් වේ.