අමෙරිකාෙවි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලංකාවේ චීන මැදිහත්වීම් ගැන ලියූ ලිපියක් මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.

එයින් හෙළිදරව් වන ලෝකයේ චීන ආර්ථික හා දේශපාලනික ආක්‍රමණයට අදාළ කරුණු පුදුම උපදවනසුලූ වුණත්, ඊට වඩා බැරෑරුම් ලෙස අප සැලකිය යුතු වන්නේ, ලංකාවේ දේශපාලන නායකයන්, චීනයට රට උගස් තියා ඇති ආකාරය ගැන ය.

මේ නායකයන්ගේ මුවගින් නිතරම වැගිරෙන්නේ ජාතික අභිමානය, ලෝකෙන් උතුම් රට, දේශප්‍රේමය වැනි වාගාලංකාරයන් ය. එහෙත්, ඔවුන් ක්‍රියාකර ඇති ආකාරය කිසිසේත් ඒ වාගාලංකාරයන් සමග ගැළපෙන්නේ නැතිවා පමණක් නොව, ඒවා සම්පූර්ණයෙන් ම එහි අනෙක් පැත්ත ය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලය ඉදිකිරීම සඳහා රජයට අයත් ව තිබුණු හමුදා මූලස්ථාන ඉඩම සින්නක්කර චීනයට විකුණා දැමීමත්, පෝට් සිටි අලූත් ගොඩබිමෙන් අක්කර 50ක් චීනයට සින්නක්කරව ලියා දීමත්, මේ නායකයන්ගේ දෙපත් කතාවලට තිඛෙන ලජ්ජා සහගත කිලිටි උදාහරණ ය.

ලංකාව වැනි රටකට එක් වරායකින් හොඳටම සෑහීමට පත් වීමට හැකි ව තිබිය දී, අවශ්‍ය නම් ඒ වරායේ වැඩි දියුණුකම් කර නවීන කර ගන්නවා වෙනුවට රටේ ගොඩබිමෙන් කොටසක් ද මුහුදට බිලි කර, කිසි ම ආර්ථික පලදායකත්වයක් නැති වරායක් කැලෑවක ඉදි කිරීම වූකලි මේ දේශපාලකයන්ගේ පටු ආත්මාර්ථකාමිත්වයත්, අත යටින් මුදල් ගැනීමේ මසුරුකමත් පෙන්වන සලකුණු නොවේ ද?

ශක්‍යතා වාර්තා ඈ සියලූ දේ වරායේ අදහසට පටහැනිව තිබිය දී, ඉදි කිරීම සඳහා ආධාර දීම ඉන්දියාව පවා ප්‍රතිෙක‍ෂප කරද්දී, තමන්ගේ හිතුවක්කාරකම් හා මසුරුකම් මුදුන්පත් කර ගැනීමට මේ නායකයෝ ගියෝ චීනයට ය. වෙනත් රටවලින් අඩු පොලියට ලැඛෙන ණයක් වෙනුවට, චීනයෙන් වැඩි පොලියට ණය ගෙන ඔවුහු වරාය ඉදි කළහ. එසේ ඉදි කරගෙන යද්දී මතුවුණු කළු ගලක් බිඳ දැමීම සඳහා චීනය අය කළ මුදල ද ප්‍රමාණයට වැඩි බව ලිපියේ දැක්වෙයි.

එමතු නොවේ.

තමන්ට වරාය ලබා දීම ගැන සතුටට පත් චීනය රාජපක‍ෂ මැතිවරණ ව්‍යාපෘති සඳහා අත දිග හැර වියදම් කරන ප්‍රතිපත්තියක් පවත්වා ගෙන ගියේ ය. ඡන්දදායකයාට ඛෙදීම සඳහා දිය යුතු විවිධ තුටුප~ුරු සඳහා මුදල් වැය කළා පමණක් නොව, රාජපක‍ෂ හිතවත් භික‍ෂුවකට ද විශාල මුදලක් සන්තෝසම් වශයෙන් වියදම් කළේ ය. එහෙත් ඒවා චීනයේ අදාළ සමාගම්වල පෞද්ගලික මුදලින් දුන් සන්තෝසම් නොවේ. අපට චීනයෙන් ලබා දුන් ණයට ම ඇතුළත් කරන ලද ගෙවීම් ය.

මේ විදියට බලනකොට, අන්තිමේ දී, චීනය විසින් රාජපක‍ෂලාට ලබා දුන් සන්තෝසම්වලටත් අද ණය ගෙවමින් සිටින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව ය.

එවැනි බිහිසුණු පාවාදීමක් තවත් තිබේ ද? තමන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීනය දුන් සන්තෝසම්වලට ගෙවන්නේ තම රටේ ම ජනතාවගේ සාක්කුවෙන් බව දැන ගෙනත්, එවැනි දේට ඉඩ හරින නායකයන් අප සැලකිය යුත්තේ ජාතිමාමක, දේශමාමක රජවරුන් ලෙස ද? නැතිනම්, පජාත හොරුන් ලෙස ද?

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ තොරතුරු ලබා ගෙන ඇත්තේ ඔවුන් විසින් ම කරන ලද ගවේෂණාත්මක කාර්යයක් මගින් නොවේ. ලංකාවේ ආණ්ඩුව, පසුගිය කාලයේ කළ විමර්ශනවල ප්‍රතිඵලවලින් ය.

පුදුමය නම්, මේ තරම් භයානක කරුණු කාරණා සහ අමනකම් එළිදරව් වී තිබියදීත්, ලංකාවේ බලධාරීන් ඒ කිසිවක් එළිදරව් කර නොතිබීම ය.

ඒ ඔවුන් මේ අපරාධකරුවන් සමග දක්වන ඇයිහොඳයිකම් ආරක‍ෂා කර ගැනීමට ද?•