සිංහල සංස්කෘතිය, වෙසෙසින් ථේරවාද බෞද්ධ දර්ශනය මත පදනම් වූවක් නිසා දෝ පසිඳුරන් පිනවීමට එහි අනුබලයක් නැත. මෙහි දී ලෝවැඩ ස`ගරාවේ එන ‘කුමන නැටුම් කෙළි කවට සිනා දා…’ ආප්තය සිහියට එන්නේ නිරායාසයෙනි. ඒ නිසා ම ද, සිංහල අපට සම්භාව්‍ය සංගීත සම්ප‍්‍රදායක් නැත්තේ, යන පැනය මසිතේ විටින් විට මතු වේ. 2001 වර්ෂයේ දී අමරදේව සූරීන් ‘මැග්සයිසේ’ සම්මානයෙන් පුදනු ලැබීම නිමිති කොටගෙන පළ වූ ‘අමරදේව හර සරණියේ’ මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ යථා තත්වය නොවළහා මෙසේ පැවසුවේ ය.


‘‘ … අපේ රටේ මහා ගද්‍ය රචකයන් බිහි විය හැකියි. ඒ අපේ ඉතිහාසයේ විද්‍යා චක‍්‍රවර්තීලා ගුරුළුගෝමීලා ජීවත් ව තිබෙන නිසයි; මහා කවීන් පහළ විය හැකියි. ඒ අපට තොටගමුවේ රාහුල, වෑත්තෑවේ, වීදාගම වැනි කවීන් සිටි නිසයි. මහා නරපතීන් බිහි විය හැකියි. ඒ දුටුගැමුණුලා, පරාක‍්‍රමබාහුලා අපට සිටි නිසයි. එහෙත් අපේ පොළොවේ මහා සංගීතඥයෙක් පහළ විය නොහැකියි. මන්ද යත් විසි වැනි සියවස මුල් භාගය වනතුරුත් සංගීත නිර්මාණයක් තබා සංගීතඥයකුගේ නාම මාත‍්‍රයක් වත් අපේ වංශ කතාවේ සඳහන් නොවන නිසා ය. අමරදේව, විජයාගමනයේ පටන් මේ දක්වා ලංකා ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම සංගීතවේදියා වන්නේ ඒ නිසයි…’’
මෙවැනි සන්දර්භයක් තුළ තනි එක් අංගයක් වශයෙන් කේවල සංගීතය හෙවත් ‘ස්වර වර්ණ විභූෂිත ධ්වනිය ගැන කවර කතා ද?

අමරදේවගේ දායකත්වය


කෙසේ වෙතත්, ගීතයෙන් තොර සංගීතය පිළිබඳ සාකච්ඡුා කිරීමේ දී අමරදේව ගාන්ධර්වයානන්ගෙන් ආලෝචනයක් ලබාගැනීම සාකල්‍යයෙන් ම යුක්ති යුක්ත යැයි හැෙ`ග්. අමරදේවයන්ගේ 50 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් 1977 වසරේ දී පළ කරන ලද ‘ශ‍්‍රවණ රමණී’ කෘතියේ ‘මගේ සංගීත දර්ශනය’ යන මැයෙන් එතුමා මෙවැනි අදහස් කීපයක් දක්වා ඇත. එනම්, සංගීතය වූකලී සෞන්දර්ය පූර්ණ ආකෘතීන්ගෙන් සැදුම් ලත් භාව ප‍්‍රකාශනයෙහි සමත් සුසංගත නාද සංයෝජනයකි. එසේ ම 1970 දශකයේ දීත් සංගීතයේ යථා රූපය පිළිබඳ ව විවිධ දුර්මත පැවති හෙයින් ඒ පිළිබඳ නිරාකූල තත්වාවබෝධයකට මෙරට රසිකයන් යොමු කළ යුතු බව පවසමින් එතුමා ඬේවිඞ් රැුන්ඩොල්ෆ් නමැති සුප‍්‍රකට සංගීතවේදියාගේ ප‍්‍රකාශයක් උපුටා දක්වයි.


‘වචනයට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතැන ද එතැන සංගීතයේ උපතයි’

සුභාවිත ගීතයේ බලපෑම


අමරදේව සූරීන් එසේ පුන පුනා පවසා ඇතත් සුභාවිත ගීතයට තරම් ම ප‍්‍රායෝගික සේවාවක් ඔහුගෙන් කේවල සංගීතය හෙවත් ‘ස්වර වර්ණ විභූෂිත ධ්වනියට’ වූවා යැයි කිව නොහැකි ය. ඒ තනි සංගීත ප‍්‍රපඤ්චයේ වැදගත්කම හැඳිනගෙන එය ප‍්‍රායෝගික තලයට ඔසවා ගෙනැවිත් රසිකයන්ගේ දෙසවන්හි තැබූයේ අප අසහාය සංගීතඥ පේ‍්‍රමසිරි කේමදාස ගාන්ධර්වයා බව ගෞරව පූර්වක ව සිහිපත් කළ යුතු ය.


අමරදේව සූරීන්ගේ කටහඬ අප රට සතු විශිෂ්ටතම තූර්ය භාණ්ඩය බව පැවසුවේ, සිංහල සිනමා කලාවේ පියා ලෙස විරුදාවලිය ලැබූ ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් ය. අමරදේව ගාන්ධාර්වයානන්ගේ කටහඬින් වශීකෘත වූ හුදී ජනයාට ගීතයෙන් තොර සංගීතයක අවශ්‍යතාවක් ද දැනුණේ නැතිතරම් ය. පාසල් සමයේ දී සම්භාව්‍ය බටහිර සංගීතය ආස්වාදනය කිරීමට මට අවකාශය ලැබිණි. එසේ ම බේතෝවන්, මෝසාට් වැනි ලෝ පතළ කීර්තියක් ඇති සංගීතවේදීන්ගේ සංගීතය පිළිබඳ තරමක අවබෝධයක් ද මට ලබාගත හැකි විය. එසේ ම ඒ සංගීතයෙන් ආස්වාදයක් විඳීමට ද මට හැකි ය. ඉඳහිට බේතෝවන්ගේ නම වෙනි සහ පස් වෙනි සංධ්වනිවලට (සිම්ෆනිවලට* සවන් දෙමින් අදටත් මම යම් රසයක් අත්විඳිමි. එහෙත් අවංක ව ම පැවසුවහොත් ඒ සම්භාව්‍ය සංගීතය ශ‍්‍රවණය කිරීමට වඩා මා අදත් ඉමහත් තෘප්තියක් ලබන්නේ අපේ සුභාවිත ගීතවලට සවන් දීමෙන් බව ඉඳුරා ම පවසමි. ඒ ‘උණහපුලූවාගේ දරුවා ඌට මැණිකක්’ වන්නා සේ විය හැකි ය.

ඬේවිඞ් රැුන්ඩොල්ෆ්ගේ ආභාෂය


ගීතයෙන් තොර සංගීතය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීමේ දී අදාළ සංකල්පය හැකිතාක් සරල ව ඉදිරිපත් කළ යුතු යැයි හ`ගිමි. සංගීතය පෙරදිග සහ අපරදිග හෙවත් ප‍්‍රාචීණ හා ප‍්‍රතිචීන වශයෙන් කොටස් දෙකකට බෙදීම, සම්මතයකි. මෑතක් වන තෙක් අපේ සංගීතය පෙරදිග හෙවත් ප‍්‍රාචීන කොටසට අයත් විය. අපේ ප‍්‍රස්තුත මාතෘකාවට අනුව කියතොත් ගීතයෙන් තොර සංගීතය රසාස්වාදය කිරීමට අප යොමු වන්නේ අපරදිග හෙවත් බටහිර සංගීතය ඇසුරෙනි. මේ ලිපිය සකස් කිරීමට අදාළ විෂය කරුණු රැුස් කර ගැනීමට අමරදේව සූරීන් ඉහතින් උපුටා දැක්වූ ඬේවිඞ් රැුන්ඩොල්ෆ් නම් සංගීත ශාස්ත‍්‍රවේදියා විසින් 1964 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් කළ ‘දිස් ඉස් මියුසික්’ නමැති ඉංග‍්‍රීසි කෘතිය බොහෝ සෙයින් උපයෝගී කොට ගතිමි. ඔහු දැඩි ව පවසන්නේ සංගීතයේ සැබෑ රස හව් ආස්වාදය කළ හැක්කේ කිසි දු වචනයක හෝ චිත‍්‍රයක හෝ ආභාෂයක් නොමැති ව හුදු ධ්වනිය පමණක් අත්විඳීමෙන් බවයි. ඔහුගේ වචනවලින් ම කියතොත්,
‘මියුසික් මස්ට් බී ෆෙල්ට් ඈස් ඇන් එක්ස්පීරියන්ස් ඉන් ඉට් සෙල්ෆ්’ කියා ය. එනම් සංගීතය වූකලී හුදු තනි අංගයක් ලෙස ම විඳිය යුතු අද්දැකීමකි. වසර ගණනාවකට පෙර මා මේ අදහස පළමු වරට කියවූ අවස්ථාවේ එය මට දැනුණේ, අපභ‍්‍රංසයක් ලෙස ය. කෙලෙස ද, තනි සංගීතය හෙවත් කේවල ධ්වනිය අත්විඳින්නේ, යනුවෙන් ගැටලූවක් මා අබිමුව මතු විය.

සංගීතයේ ලක්ෂණ පහයථෝක්ත ගැටලූව ගැන මෙනෙහි කරමින් තවදුරටත් රැුන්ඩොල්ෆ් විද්වතාගේ ලිපිය පරිශීලනය කරන විට ඔහු සංගීතයේ අන්තර්ගත සුවිශේෂ ලක්ෂණ පහක් විග‍්‍රහ කොට තිබෙනු හමු විය. ඒ ලක්ෂණ පරිශීලනය කිරීම මගින් ගීතයෙන් තොර සංගීතය අත්විඳීමට මග පෑදිණි. එම ලක්ෂණ පහ මෙසේ ය:


සංගීත ඛණ්ඩයක සියලූ දෙනාට පහසුවෙන් හැඳිනගෙන අත්විඳිය හැකි ප‍්‍රමුඛ ලක්ෂණය එහි තනුවයි. (මෙලඩි* එය රැුන්ඩොල්ෆ් දැක්වූ සංගීතයේ පළමු වෙනි ලක්ෂණයයි. එය තනුවේ සුමිහිරියාව හෙවත් ස්වර මාධූර්යය, මත පදනම් වූ දෙයකි. සංගීත ඛණ්ඩයක ආත්මය එහි තනුව බව සම්මතයකි.


සංගීත ඛණ්ඩයක දෙවැනි ප‍්‍රධාන ලක්ෂණය රැුන්ඩොල්ෆ්ට අනුව එහි රිද්මයයි. (රිදම්* එය තනුවට අනුබද්ධ ලක්ෂණයකි. සංගීත ඛණ්ඩයට සවන් දෙන විට අපට ඇසෙන තනුවට අනුකූල ව අපේ පාද යම් රටාවකට චලනය කිරීමට අප නිතැතින් ම පෙළඹෙන්නේ, රිද්මය නමැති සංගීතාංගයට දක්වන ප‍්‍රතිචාරයක් වශයෙනි. ‘රන් රසේ එක් වන ලෙසේ වෙන නාදනු පා තබ තබා’ ගුත්තිලයේ එන ළඳුන් සිදු කළේ සංගීතයේ රිද්මය නමැති ලක්ෂණය අත්විඳීමයි.
සංගීත ඛණ්ඩයක තුන් වැනි වැදගත් නෛසර්ගික ලක්ෂණය ලෙස රැුන්ඩොල්ෆ් සංගීතවේදියා විස්තර කර තිබෙන්නේ එහි සමස්ත ස්වර වර්ණයයි. (ටෝන් කලර්) මෙයින් අදහස් කරන්නේ එක් එක් තූර්ය භාණ්ඩයකින් නික්මෙන පැහැදිලි නාදයේ සුවිශේෂ කන්කලූ ගුණයයි. එනම් සිතාරයකින්, වයලීනයකින්, බටනලාවකින් වෙන වෙන ම මතු වී එකට සංයෝජනය වීමෙන් උපදින ඵලයයි. එය, විවිධ වර්ණ ඒකාබද්ධ වී නිම වුණු චිත‍්‍රයක් ඇස ගැටීමෙන් දැනෙන ආස්වාදය වැනි සංසිද්ධියකි.


සංගීත ඛණ්ඩයක හතර වෙනි ලක්ෂණය හඳුන්වනු ලබන්නේ සුමටබව (හාමනි) ලෙස ය. යම් කිසි සංගීත ඛණ්ඩයකට අප සවන් දී සිටින විට පවතින සුමට අනුකූලතාව භංග කරමින් අත්වැරදීමක් හෝ ප‍්‍රමාදදෝෂයක් නිසා තූර්ය භාණ්ඩයකින් අනුචිත ශබ්දයක් නිකුත් වුවහොත් එතන ඇති වන්නේ ගොරසැඩිබවකි. සංගීත ඛණ්ඩයකට සවන් දීමෙන් උපරිම තෘප්තියක් ලැබෙන්නේ සමස්ත සංගීත ඛණ්ඩය සුමට ව ගලා ගිය විට ය.


සෑම සංගීත ඛණ්ඩයකට ම නිශ්චිත ආකෘතියක් හෙවත් හැඩරුවක් (ෆෝර්ම්) නැතහොත් ස්වරූපයක් තිබේ. මෙය පස් වෙනි ලක්ෂණයයි. මෙය නාට්‍ය, නවකතා, කෙටිකතා ආදි වූ සෑම කලාවකට ම පොදු ය. ඉහත දැක්වූ ලක්ෂණ සම්පිණ්ඩනය කොට කියතොත් සෑම සංගීත නිර්මාණයක් ම සතු ලක්ෂණ – තනුව – රිද්මය – ස්වර වර්ණය – සුමටබව හා ආකෘතිය වන්නේ ය. ගීතයෙන් තොර සංගීතය ආස්වාදනය කිරීමට නම් ඕනෑ ම සංගීත නිර්මාණයක් යථෝක්ත ලක්ෂණ පහ ඇසුරින් විග‍්‍රහ කරමින් රස විඳීමට උත්සුක විය යුතු ය. එවිට ඒ ලක්ෂණ හැඳිනගෙන බුද්ධිමය වශයෙන් ඒවා විග‍්‍රහ කිරීමේ දී භාවාත්මක තෘප්තියක් ද ජනිත වන බව සංගීතවේදීහු පවසති.

ප‍්‍රායෝගික ප‍්‍රවේශයක්


ගීතයෙන් තොර සංගීතය පූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමට ප‍්‍රායෝගික පියවරක් වශයෙන් මෙහි දී මා පාඨක අවධානය යොමු කරන්නේ සුවිශේෂ නිර්මාණ දෙකක් කෙරෙහි ය. සත්සමුදුර චිත‍්‍රපටයේ එන තේමා ගීතය එකකි. අනෙක වූකලී ගොළු හදවත චිත‍්‍රපටියට පේ‍්‍රමසිරි කේමදාස සංගීතවේදියා නිර්මාණය කළ ගීතවලින් සම්පූර්ණයෙන් තොර කේවල සංගීතයයි.


ශාස්ත‍්‍රීය ලෙස සංගීතය හදාරා නැති මා වැනි අනෙක් අයට ගීතයෙන් තොර සංගීත ආස්වාදයට හැඳින්වීමක් ලබා දීම මට බලවත් අභියෝගයකි. මෙය අන්ධයකු තවත් අන්ධයන් පිරිසකට මග පෙන්වීමට යත්න දැරීමක් වැනි ව්‍යායාමයක් වනු ඇති දැයි විචිකිච්ඡුාවක් මට ඇති වේ. එහෙත් යාවජීව ගුරුවරයකු වශයෙන් දන්නා දෙයින් පටන් ගෙන නොදන්නා දෙයක් වෙත යොමු වීම, මා අනුගමනය කරන පිළිගත් ආධ්‍යාපනික මූලධර්මයකි. ඒ මූලධර්මයට අනුකූල ව අප ප‍්‍රස්තුත කාර්යයට යොමු වෙමු.


මෙවැනි රචනාවක් මගින් ගීතයෙන් තොර සංගීතය ආස්වාද කිරීම පිළිබඳ ඉගැන්වීමට තැත් කිරීම, එක්තරා ආකාරයකට තැපෑලෙන් පිහිනන්නට උගන්වනවා වැනි ය. එය කෙසේ වෙතත් ප‍්‍රස්තුත මාතෘකාව අරබයා අදහස් දැක්වීම කළ හැකි ය. මේ ලිපියේ අරමුණ එවැනි ව්‍යායාමයක නිරත වීම ය.


1967 වර්ෂයේ දී තිරගත වූ ‘සත් සමුදුර’ සම්මානනීය චිත‍්‍රපටය අප කවුරුත් ඉතා හොඳින් දන්නා විශිෂ්ට ගනයේ කෘතියකි. ඒ චිත‍්‍රපටයේ තේමා ගීතය, ‘සිනිඳු සුදු මුතු තලාවේ/ නැගෙන පෙණ පිඬු සිනාසේ..’ මේ ලිපිය කියවන සියලූ දෙනා හොඳින් දන්නා බව මට නිසැක ය. ඒ ගීතයේ පදමාලාව රචනා කරන ලද්දේ මහගමසේකර විසිනි. ගීතයට තනුව මෙන් ම ආරම්භක, අතුරු හා සමාප්ත වාද්‍ය ඛණ්ඩ යොදා මනා සේ සංයෝජනය කර අමරදේවගේ හඬින් ගායනය කරවා, පරිපූර්ණ කලා කෘතියක් ලෙස නිර්මාණය කළ අසහාය සංගීතඥයා සෝමදාස ඇල්විටිගල සූරීන් ය. එදා මෙදා තුර සිංහල චිත‍්‍රපටයකින් ඇසූ සාකල්‍යයෙන් ම උචිත වූ තේමා ගීතයක් වෙනුවෙන් කළ අන් සංගීතයක් පිළිබඳ මම නොදනිමි. මෙහි සංගීතය වූකලී, චිත‍්‍රපටයේ නිරූපණය වන අනුවේදනීය කථාව සමග එකක් අනෙකින් වෙන් කළ නොහැකි අයුරින් බැඳී ඇත. ඒ තේමා ගීතය ගොඩනගා ඇත්තේ සංධ්වනික (සිම්ෆොනික්) ආකෘතියකට ය.

දැන් පාඨක ඔබට මා කියන්නේ ඒ කෘතියේ අරමරදේව සූරීන්ගේ මනෝහර ගායනය කෙරෙහි සිත් යොමු නොකොට එය සිතා මතා ම අමතක කොට නිර්මාණයට පමණක් සවන් දීමට යත්න දරන ලෙසයි. (ඒ ගීතයේ සංකීර්ණ පද මාලාව නම් මගේ මතකයේ එතරම් සනිටුහන් වී නැත. එහෙයින් පදමාලාවේ අර්ථය කෙරෙහි අවධානය යොමු නොවීම නිරායාසයෙන් ම සිදු වේ.* අමරදේව සූරීන්ගේ සුමධුර කටහඬත් සංගීත භාණ්ඩයක් ලෙස සලකා ඒ තේමා ගීතය, ගීතයෙන් තොර සංගීත කෘතියක් ලෙස ආස්වාදනය කළ හැකි ය. එහි දී අපේ අවධානය යොමු විය යුත්තේ නිර්මාණයේ වචන කෙරෙහි නොව එහි මියුරු තනුව, හද බඳනා රිද්මය, විවිධ තූර්ය භාණ්ඩවලින් නික්මෙන ඒකාබද්ධ ධ්වනි වර්ණය, නිර්මාණයේ විවිධ කොටස් අතර ඇති ඒකාබද්ධබව සහ නිර්මාණයේ සමස්ත ආකෘතිය වෙත ය. එවිට ගීතයෙන් තොර සංගීත ආස්වාදනය පිළිබඳ අදාළ සංවවේදී අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ගොළු හදවත චිත‍්‍රපටයේ සංගීතය


සිංහල සිනමාවේ මහා පුරුෂයා ලෙස අනභියෝගයෙන් පුදනු ලබන ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1967 වසරේ දී නිර්මාණය කරන ලද ගොළු හදවත චිත‍්‍රපටය, සිංහල සිනමා වංස කතාවේ 177 වන චිත‍්‍රපටය බවට පත් විය. එය ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනූ 6 වෙනි චිත‍්‍රපටය වූ අතර කරුණාසේන ජයලත්ගේ ප‍්‍රථම නවකතාව මත පදනම් විය. 1962 දී පළ වූ එය, ඔහු රචනා කළේ ඔහුගේ වයස අවුරුදු 30ක් පමණ වූ කාලයේ දී ය. චිත‍්‍රපටයට ගීතවලින් සම්පූර්ණයෙන් ම තොර ව සංගීතය නිර්මාණය කළ පේ‍්‍රමසිරි කේමදාසගේ වයස ද අවුරුදු 30ක් විය. පාසල් සිසුවකු සහ සිසුවියක අතර ජනිත වන ප‍්‍රථම පේ‍්‍රම සම්බන්ධතාවක් වටා ගෙතී තිබෙන සෝකාන්ත කතාව, වෙසෙසින් ම යෞවන ජීවිත පිළිබඳ සංසිද්ධියකි. එහි සංගීතය ආස්වාදනය කිරීමේ දී ඒ කරුණු කාරණා සිහියේ තබාගැනීම අතිශයින් අදාළ ය.


මින් ඉදිරියට මේ ලිපියේ ඉදිරිපත් කරනු ලබන අදහස් උදහස්, මතිමතාන්තර, ආලෝචනා ආදිය මැනවින් අවබෝධ කරගැනීමට නම් චිත‍්‍රපටය සාවධාන ව නැරඹිය යුතු යැයි හගිමි. චිත‍්‍රපටයක් ප‍්‍රධාන කොට ම සමන්විත වන්නේ කැමරාවකින් උපදවනු ලබන රූප රාමු මගින් බව අමුතුවෙන් කිය යුතු දෙයක් නොවේ. සිනමාව යනු සංස්කරණය කරන ලද රූප රාමු සමූහයකි. සංගීතය චිත‍්‍රපටයක අත්‍යවශ්‍ය අංගයක් නොවේ. කොටින් ම කියතොත් චිත‍්‍රපටි කලාවට භාෂාව වුව ද අවශ්‍ය නැත. ‘සයිලන්ට් සිනමා’ හෙවත් ශබ්දයෙන් තොර චිත‍්‍රපට, සිනමා කලාවේ මුල් යුගයේ සාමාන්‍ය දෙයක් විය. භාෂාවත් චිත‍්‍රපටයක අත්‍යවශ්‍ය අංගයක් නොවේ නම් සංගීතය ගැන කුමන කතා ද? එහෙත් ගොළු හදවත චිත‍්‍රපටය - පාසල් වයසේ කොළුවකු හා කෙල්ලක අතර හටගත් බොළඳ වෘත්තාන්තයක් මත ගොඩනගා ඇති චිත‍්‍රපටය මගේ මතකයේ නොමැකෙන අයුරින් සනිටුහන් වී තිබෙන්නේ, ඒ චිත‍්‍රපටය සඳහා පේ‍්‍රමසිරි කේමදාස විසින් නිර්මාණය කරන ලද (ගීතයෙන් තොර* සංගීතය නිසා ය.

චිත‍්‍රපටයේ එන දමයන්ති සහ සුගත්ගේ යෞවන හදවත්වල උපදින හිරිමල් නෑඹුල් ආදර හැගුම් ඔවුන්ගේ මුහුණු ප‍්‍රමුඛ සිරුරු භාෂා මාර්ගයෙන් ප‍්‍රකාශ වන තීව‍්‍ර ආකාරය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය කැමර රූපවලින් තරයේ ග‍්‍රහණය කරගනි. ඒවා සිය කලා මාධ්‍ය වන භාව පූර්ණ නාදමය හැ`ගීම්වලට පරිවර්තනය කර තිබෙන්නේ කේමදාස විශ්වකර්මයා ය. ඒ ප‍්‍රාතිහාර්ය මගේ ක්ෂුද්‍ර වාග් මාලාවෙන් ප‍්‍රකාශ කිරීමේ කුසලතාව මා සතු ව නැත. එහෙයින් මේ ලිපිය මා සමාප්ත කරන්නේ, ගීතයෙන් තොර සංගීතය කුමක් දැයි ගැඹුරින් අවබෝධ කරගැනීමේ රිසියෙන් මේ ලිපිය කියවූ සියල්ලන්ට ගොළු හදවත චිත‍්‍රපටයේ සංගීතය නිර්මාණය කළ ඒ මහා පුරුෂයාගේ සංගීතමය ප‍්‍රාතිහාර්ය වෙත යොමු වන්නැයි, යන ආයාචනයත් සමගිනි. අප රටේ ගීතයෙන් තොර සංගීතයේ මහා පුරුෂයා, අසහාය මිනිසා, අමරණීය පේ‍්‍රමසිරි කේමදාස ම ය. x

x කාලෝ ෆොන්සේකා