පසුගිය දිනක මම සිහිනයක් දුටිමි. වඩාත් නිවැරදි ව කිවහොත් එක සිහිනයක් නොව එක දිගට සිහින හතක් දුටුවෙමි. එදිනට පෙර දින රැුයේ මා නින්දට ගියේ, අප රට මුහුණ දී සිටින මේ අර්බුදකාරී තත්වයෙන් මිදීමට කළ යුත්තේ කුමක් ද, යන උභතෝකෝටික ප‍්‍රශ්නය පිළිබඳ සිතිවිලිවල නිමග්න වෙමිනි.

පළමු සිහිනයේ දී මා දුටුවේ අප හිතවත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 වර්ෂයේ බලයට එද්දී හා පූජ්‍ය සෝභිත හිමියන්ගේ දේහය හමුවේ දුන් ප‍්‍රතිඥා සිහි වී පවත්නා දේශපාලන ව්‍යුහය පිළිබඳ ව ම ඇති කලකිරීමෙන් ඒවායේ නිස්සාරත්වය අවබෝධ කොටගෙන ජනාධිපති ධුරය හැර දමා ජනතා උත්තමාචාර මැද, වියතුන්ගේ ගෞරවාදර මැද සමුගන්නා විලාසයයි. ජනපති දියණිය චතුරී ස්වකීය පියාගේ මේ කැපවීම අගයා, සිය ‘ජනාධිපති තාත්තා’ කෘතියෙන් ද ඉ`ගි කළ සේ පිය ගුණ මුව නොසෑහෙන සේ වර්ණනා කරනු, සතුටු සිතින් මම බලා උන්නෙමි.

දෙවෙනි සිහිනයේ දී ජනාධිපති ක‍්‍රමයේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට වැඩි බලතල හිමි කර දීම සඳහා වූ, ජේවීපීය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක වී ඒ හා සමග ම රට ම පුළ පුළා බලා සිටින මහාමැතිවරණයක් සඳහා ජනතාව ඉතා උද්‍යෝගයෙන් ලහි ලහියේ සූදානම් වන බව සිහිනෙන් මට දැකගත හැකි විය.

තුන් වෙනි සිහිනයේ දී මා දුටුවේ පොදු එක`ගතාවෙන් වයස 65 ඉක්මවූ පුද්ගලයන් ක‍්‍රියාකාරී පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වීම සඳහා පනතක් සම්මත කරගැනීමයි. එසේ ම අපේක්ෂකයන් ඡුන්දයට ඉදිරිපත් වන්නේ පක්ෂ දේශපාලනික නියෝජිතයන් වශයෙන් නොවේ. එසේ ම වසර 5ක දේශපාලනයෙන් පසු විශ‍්‍රාම වැටුපක් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කිරීමත් මා මෙහි දී සිහිනෙන් දුටු සුවිශේෂ සිදුවීමකි. එමෙන් ම තම වත්කම් බැරකම් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමට නාම යෝජනාපත‍්‍රය භාරදීමේ දී ම ලබා දීමට කටයුතු කරනු පෙනිණි. එසේ ම කල් වෙලා නොමැති නිසා පවතින ඡුන්ද ක‍්‍රමයට ම වැඩි ම මනාප හිමිකරගන්නා අනුපාත ක‍්‍රමයකට අපේක්ෂකයන් තෝරා පත් කරගැනීමේ ක‍්‍රමවේදය ම අනුමත කරනු ද දුටුවෙමි. අවිචාරවත් ලෙස පුද්ගලයන් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීම වැලැක්වීම සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන විට රුපියල් ලක්ෂයක ඇප මුදලක් තැබීමටත් ඡුන්ද 10,000ක අවමයක් වත් ලබා නොගත්තේ නම් ඇප මුදල රාජසන්තක කිරීමටත් ඉදිරි වර්ෂ 10ක පමණ කාලයක් සඳහා ක‍්‍රියාකාරී දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසීම තහනම් කිරීමටත් අවශ්‍ය නෛතික පසුබිම සැකසෙනු මේ තෙවෙනි සිහිනයෙන් දුටිමි.

හතර වෙනි සිහිනයෙන් මා දුටුවේ අප වැනි කුඩා ජනගහනයක් සිටින රටකට උපරිමය 25 දෙනකු වන ඇමති මණ්ඩලයක් සිටිය යුතු බවට සම්මතයක් ඇති වන බවයි. ඒ ඇමති ධුර දෙන්නේ වැඩි ම ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි පුදගලයන්ටයි. එසේ ම එහි යටත් පිරිසෙයින් ලක්ෂයක් වැනි අවම ඡුන්ද සීමාවක් ද පනවාගෙන තිබිණි. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, ආර්ථිකය, ආරක්ෂාව සහ නීතිය යන ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්, ප‍්‍රාමාණික උගතුන් කැඳවා අදාළ විෂය පිළිබඳ ප‍්‍රඥප්තියක් සකසා ගැනීමට පත් වන ඇමතිවරුන් ක‍්‍රියා කරනු ද සිහිනෙන් දුටිමි.

පස් වන සිහිනයේ දී මා දුටුවේ කෘෂිකර්මය පිළිබඳ සිහිනයකි. මේ රටේ භූගෝලීය ස්වභාවය අනුව සශ‍්‍රීක ව භවභෝග සරුවට වැවී තිබෙන අතිසුන්දර දර්ශනයක් මා හමුවේ දර්ශනය විය. පාරම්පරික දේශීය කෘෂිකර්මාන්තයට පණ පොවා මෙරටට ආවේණික ගුණදායක රසවත් ආහාර වර්ග වගා කිරීමට කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයා සුදුසු හා උචිත පියවර ගෙන තිබෙනු සැනසුම් සුසුම් හෙළමින් මම සිහිනෙන් නැරඹූවෙමි. සංකර ආහාර රටාවකට හුරු පුරුදු ව සිටි මට ද පොල් සම්බෝලයක් සමග උණු උණු සුවඳැල් හාලේ බත් රිසි සේ කන්නට හීනෙන් ම හැකි විය. එය කොතරම් රසවත් ද කියතොත් පස් වන සිහිනෙන් නොමිදී ඒ රසවත් දේශීය කෑම ම කකා සිටීමට ඇත් නම් කොපමණ හොඳ ද කියා මට සිතිණි.

පස් වෙනි සිහිනයෙන් මිදී මම හය වෙනි සිහිනයක් ද දුටිමි. රටේ පාලකයන් තෝරා පත් කරගන්නා ක‍්‍රමවේදය කොතරම් අඩුලූහුඬුකම්වලින් පිරී ඇද්ද, අපේක්ෂකයන් කොතරම් මුදලට බලයට කෑදර ද, වත්මන් දේශපාලනය කොතරම් ජරා ජීර්ණ වී ඇද්ද යනුවෙන් සිතමින් කලකිරී, පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ දුර්වලතා ගැන ලතැවෙමින් ඊට විසඳුම් සොයමින් මා ඇතුළු බොහෝ දෙනා සිටින අයුරු සිහිනෙනුත් මම දුටිමි. මේ ක‍්‍රමයේ දුර්වලතා ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණ අප රට තුළ වර්තමානය වන විට මුස්ලිම් ආගමික ස්වරූපයකින් හිස ඔසවා ඇති ඛෙදජනක ත‍්‍රස්තවාදයක් මතු ව ඇති බව සිහිනෙන් පවා ස්ඵුට වන සත්‍යයකි.  එවන් පසුබිමක මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානව අයිතිවාසිකම් විශේෂයෙන් ම මූලික ව මෙරට මුස්ලිම් පිරිමින්ට සාපෙක්ෂ ව මුස්ලිම් කාන්තාවන්ට පිරිමින් 4 දෙනකු විවාහ කරගැනීමේ අයිතියක් නොමැති ව එසේ ම එහි සංකූලතා අනෙකුත් බහුතර සිංහල ජාතික පිරිමින්ට හා දෙමළ පිරිමින්ට ද උරුම වෙමින් මේ අසාධාරණ නීති වෙනස් වී විවාහ වීමේ පොදු නීතිය, මෙරට ස්ත‍්‍රී පුරුෂ සෑම පුරවැසියකුට ම එක සමාන ලෙස බලපවත්වන අයුරින් සැකසී ඇති පසුතලයක සමාජ සාධාරණත්වය තරමක් දුරට හෝ ඉටු වනු මම සිහිනෙන් දුටිමි.

බොහෝ මුස්ලිම් කාන්තාවන්ට ආර්ථික, සමාජීය ආදී අංශවලින් කෙසේ වෙතත් බාල වියේ දී ම විවාහ වී තොරතෝංචියක් නැති ව දරුවන් බිහි කිරීමට සිදු වීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට වී විය හැකි හානිය නම් සුළු පටු නොවන බව දැක වෛද්‍යවරයකු වශයෙන් සිහිනෙන් මම අතිශය කම්පා වීමි. කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ තත්වය මගහැරවීම කළ යුතු ම බවට මම සිහිනෙන් ම දේශනයක් දුනිමි. මෙහි දී මගේ ආදරණීය මුස්ලිම් වෛද්‍ය ගෝලයකු, අසරණ මුස්ලිම් කාන්තාවන් ගැන සිතා දරුවන් ගණන 3 දෙනකුට වත් සීමා කරන ලෙස සඳහන් කරමින් ලියූ වෛද්‍ය විද්‍යාත්මක ග‍්‍රන්ථයෙහි එක ම පිටපතක් වත් අලෙවි කරගත නොහැකි වූ බව ඔහු ඉතා සංවේගයෙන් මට පැවසූ අයුරු සිහිනෙන් පවා මට සිහිපත් විය. මෙහි දී රටක ඉදිරි යහ පැවැත්මට සංස්කෘතියට හා කලාවට කොතරම් වැදගත් මෙහෙයක් කළ හැකි ද කියා, මට සිතිණි.

හත් වෙනි සිහිනයේ දී කදිම ගැටලූවක් මතු විය. ‘කෑමෙන් බීමෙන්, ඇඳුමෙන්, ගෙයින් දොරින්, යස ඉසුරෙන් තෘප්තිමත් වූ සමාජයක් ද අපේ අවසාන ඉලක්කය, යනුවෙනි ඒ. සැබෑ තෘප්තිය එය නොවන බව අපට පසක් කර දුන්නේ, මව් කිරිත් සමග අප වැළඳගත් බෞද්ධ ධර්මයෙනි. ධර්මයේ සුන්දරත්වය ම පරම සන්තුෂ්ටිය වන බව කියවෙයි. ඒ අන් ධර්මයක් නොව පරම නිර්මල බුද්ධ ධර්මයයි. සත් වෙනි සිහිනයෙන් මට ඒත්තු ගැන්වූයේ කුමන හේතුවකට හෝ මා ජන්ම ලාභය ලැබූ මේ හෙළ රන් දෙරණේ පවතින උතුම්ම වස්තුව වන්නේ, අප අවුරුදු 2600ක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රැුකගත් නිර්මල බුදුදහම ම බවයි. වර්තමානයේ බුද්ධියට මුල් තැන දෙන බහුතර ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වී ඇති මේ නිර්මල දහම ම තමා අපට ලොවට දිය හැකි උතුම් ම දායාදය වන්නේත්. ඒ දායදය රුවනක් සේ රැුකගෙන ලෝකයට දහම් කිරණ පතුරුවාලිය යුතු බව මා දුටු හත් වන සිහිනයේ හරයයි.

මගේ සිහිනය ඔබට දකින්නට ද ඉඩ හරිමි.x

x කාලෝ ෆොන්සේකා