​​තව ජූලි මාසයක නිමාවකි. කළු‍ ජූලියට තිස් පස් අවුරුද්දක් පිරෙන්නේ එළඹෙන සතියේදී ය. සංකේතවාදය වනාහි අන්තර් වාර්ගික සහයෝගිතා දේශපාලනයක් සේ සලකන්නන්ගේ වසන්ත කානිවල් පටන්ගන්නේ ඒ සතියෙනි. ඒ ගැන වැඩිදුර දැනගන්නට රිස්සෝ 23 වැනිදා වරු නිවාඩුවක් දමා නුගේ ගොඩ ආනන්ද සමරකෝන් එළමහන් රංග පීඨයේ දී මුළුදීමට නියමිත ‘එක රටක් – මනු පවුරක්’ බලන්නට යා යුත්තාහ. ජූලි 07 වැනිදා කෑගල්ලේ දී ‘බහුවාර්ගි ක පොසොන් පෙරහැරක්’ පැවැත් වූ සමාජවාදී තරුණ සංගමය මේ කටයුත්තට ද දායක වේ. සමූල අපරාධ පිළිවෙත්වලට එරෙහි වාර්ගි ක යුක්තිය යනු ඉටි පන්දම් හා මැටි පහන් බිස්නස් එකක් යැයි සිතන්නන් කරා ඒ සතියේදී ශාන්තිය ළඟා වීමට නියමිත ය. සංකේත හෙවත් ‘සිම්බල්’ ඇත්තේ ‘සිම්බල් මයින්ඩඞ්’ ඈයන්ට යැයි කීර්තිමත් ඇමරිකානු ප‍්‍රහසනවේදී ජෝර්ජ් කාර්ලින් කීවේ ඒ අය වෙනුවෙනි.

කළු ජූලිය ගැන අධිපති කතාවක් තිබේ. ඒ කතාව කෙටි ය; සරල ය; සැකෙවින් මෙසේ ය: ‘1983 ජූලි 23 වැනිදා අවිගත් දෙමළ තරුණයන් විසින් යාපනයේ තිරුනෙල්වේලි මංසන්ධියට නුදුරේ අටවන ලද බිම් බෝම්බයක් හමුදා ජංගම මුර සංචාරක කණ්ඩායමක් ඉලක්ක කොට පුපුරුවන ලදි. ඊට ගොදුරු වූ ගුරු නගර් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළු 13 දෙනෙක් මිය ගියහ. ඒ පුවත සැලවීමෙන් සසල වූ ඇතැම් සිංහල ජනයා පළමුව බොරැුල්ලේ කනත්ත අවට රැුස් වී දෙවනුව දෙමළ ජනයාට අයත් නිවෙස් හා කඩ සාප්පුවලට පහර දුන්හ. එවකට පාලක එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලකයන් ද ඊට අනුබල දුන් අතර ඒ ‘සිංහල – දෙමළ කෝලාහලය’ ඉතිහාසයේ කළු පැල්ලමකි.’

තිස් පස් අවුරුද්දක් තිස්සේ වමාරා කන මේ කතාවෙන් ‘ෆිල්ටර්’ කෙරුණු තව කතා තිබේ. ඒ කතා මගහැර මේ කතාව කී විට වින්දිතයන් හා අපරාධකරුවන් අතර බොඳ වූ බෙදුම් රේඛා මැදින් සාමූහික ගැලවුම් මාර්ගයක් පෑදේ. සෑම අවුරුද්දකම වල් උගුල්ලා, අතු පාහිමින්, නැවුම් පස් අතුරා පිළිසකර කරන්නේ මේ සදාචාර ගැලවුම් මාර්ගයයි. ඒ අනුව එක්කෝ ඒ ජූලි මාසය වනාහි නම නොදන්නා, නිර්-වාර්ගික යූඇන්පී මැරයන්ගෙන් පහර කෑ දෙමළ ජනයා සිංහල බෞද්ධ රැුකවරණය ලැබ නිවී සැනසුණු සන්සුන් ඇසළ සමයකි. නැතිනම් ‘ගහපු එක වැරදි ය – නමුත් මුලින් ගැහුවේ උන් ය’ යන සහනශීලී සූත‍්‍රයෙන් පොදු මහත් සිංහලයාගේ නිදොස් බව සහතික කරනු ලැබූ අවාසනාවන්ත දවස් කිහිපයකි. එළඹෙන සතියේ ඉරිදා ජාතික පත්තර හා බෙදාහරින මාරක කතා අතිරේක සැරසෙනු ඇත්තේ මේ දැහැමි කතාවෙනි.
නමුත් දකුණේ කළු‍ ජූලියට හාර මාසයකට කලින් ත‍්‍රිකුණාමලයේ පාන්කුලම් සරණාගත පැල්පත් ගිනි තැබීමෙන් ආරම්භ වූ දිග්ගැසුණු සංහාරක පරිච්ෙඡ්දයන් ඇත්තේ මේ කතාවෙන් එළියේ ය. උන්හිටි තැන් අහිමි වූ සරණාගත දෙමළ ජනයාගේ සුබ සාධනය පිණිස කැප වී වැඩ කළ ගාන්ධියම් ව්‍යාපාරයේ කාර්යාල සීල් තබා, ස්වේච්ඡුා ක‍්‍රියාකාරිකයන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ දඩයම් කිරීම ආරම්භ වූ වවුනියාවේ කළු අපේ‍්‍රල් මාසයේ සිදුවීම් ඇත්තේ ද මේ කතාවෙන් එළියේ ය. යාපනයේ කාන්තාරමඩම් නිවෙස් ගිනිබත් කරමින්, දේපළ කොල්ල කෑ බි‍්‍රගේඩියර් බල්තසාර්ගේ සෙබළ සේනාවන්ට කැප වූ කළු මැයි මාසයේ කතා මෙන්ම උතුරු පළාතේ දී මරණ පරීක්‍ෂණවලින් තොරව මළ සිරුරු වළ දැමීමට හමුදාවන්ට ‘නීත්‍යනුකූල බලය’ සපයමින්, ත‍්‍රිකුණාමලයේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් සම්බන්ධන්ගේ නිවෙසට අත් බෝම්බ ගසා ආරම්භ කළ නැගෙනහිර පොලිස් භීෂණය පිළිබඳ කළු ජූනියේ කතා ද ඇත්තේ මේ කතාවෙන් එළියේ ය.
මේ සියලූ සිදුවීම්වලට නොදෙවැනි සංහාරක දවස් තිරුනෙල්වේලි පිපිරීමට පසුදා සිටම යාපන අර්ධ ද්වීපයේ දිගහැරුණු බව අදටත් දකුණේ බහුතරයකට රහසක්ව පවතී. පලාලි, ගුරු නගර්, වෙල්වේට්ටිතුෙරෙ මාදගල් කඳවුරුවලින් පිටතට ආ සෙබළ බල ඇණි, ජූලි 24 වැනිදා සිටම බාල – මහලූ ජනයා යාපනයේ මංමාවත්වල වෙඩි තබා ඝාතනය කරමින්, නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ගිනි බත් කරමින් ගෙවූ දවස් ගැන තොරතුරු දැනගැනීමට රිසි පිරිස් වේ නම් එවකට යාපනයේ හමුදා බුද්ධි අංශ කටයුතු භාරව ක‍්‍රියා කළ මේජර් ජෙනරාල් සරත් මුණසිංහ විසින් පසු කලෙක සිය මතකයන් ඇසුරින් ලියන ලද ් ීදකාසැර.ි ඪැරිසදබ :්බ ්ජජදමබඑ ධෙ ඔයැ ධබ ඨදසබට ක්‍දබකෙසජඑ ්බා ඔයැ ධරසටසබ ධෙ ඔැරරදරසිප ෂබ ීරස ඛ්බන්* පොත කියවා බැලීම පමණක් වුව ද සෑහේ. දකුණේ තුන් දහසකට නොඅඩු දෙමළ ජනයා මහමඟ හා නිවෙස් තුළ මරා දැමූ ‘කළු‍ ජූලිය’ වනාහි මේ සියලූ‍ සිදුවීම්වලට පසුපසින් ගාටමින් උදා වූ වර්ග නාශක සාපරාධී සතියකි.

සිංහල සිවිල් වැසියන් අවිගත් දෙමළ තරුණයන්ගේ ගොදුරු බවට පත් වූ පළමු සිදුවීම වාර්තා වූයේ මිනිස් ඝාතන මැදින් ගෙවුණු මේ දවස්වලටත් වසර එක හමාරකට පසුව එළඹි නොවැම්බරයකදී ය.

නමුත්, අඳුරු ලේ වගුරක කරවටක් ගිලී ගෙවූ දශක තුනකට පසු ‘කළු‍ ජූලිය’ වනාහි දකුණේ ජනයා අතර සාමූහික අන්තරාවර්තනයට මග පාදන දේශපාලන නිමිත්තක් නොවේ; සමූහ අපරාධ සෞන්දර්යකරණය කරන්නට ඉඩ පාදන සංස්කෘතික වතාවතකි. ‘නිදහසින් පසු ලංකාවේ වාර්ගික කැරලි කිසිවක් ඇති නොවූ බව’ මෑත දී වෙන්ව ගිය වර්ගවාදය පිළිබඳ වාම න්‍යායධරයකු වන අම්බලවානර් සිවානන්දන් ලීවේ 1984දී ය. ඒ වෙනුවට ඇති වූයේ ‘දෙමළ ජනයාට එරෙහිව රාජ්‍යය විසින් දියත් කරන ලද විසකුරු ප‍්‍රචණ්ඩ සංහාරයන් මාලාවකැ’යි ඔහු ලීවේය. මේ ජූලියේ දී තිස් පස් අවුරුද්දක් පිරෙන්නේ ඒ සමූහ අපරාධකාරීත්වයේ නිරුවත් සාහසිකත්වය දෙමළ ජනයාට එරෙහිව විවෘතව දියත්කරන ලද නින්දිත සතියකට ය. ජූලියෙන් ජූලියට එළඹෙන මේ වැනි දවස් දකුණේ උද්‍යාන හා රංග පීඨයන් පුරවන සන්සුන් සංස්කෘතික සන්ධ්‍යාවන් සඳහා ඉදිරියටත් නිමිත්තක් කරගත හැකි ය. නමුත් වර්ග නාශක ව්‍යුහාත්මක අපරාධකාරීත්වය ඉටිපන්දම් සමානාත්මවාදයෙන් පරාජය කළ හැකි නොවේ.