පත් ඉරුවක ලිවිය නොහැකි, කැන්වසයක ඇඳිය නොහැකි, ගීයකින් ගයා නිම කළ නොහැකි, කැමරාවක-සිනමාවක දැවටිය නොහැකි කලාත්මක කම්පනයක් හදවතක හිර වී ඇති කල්හි, එය අවට ලෝකය වෙත විසි කරන්නේ කෙසේ ද? සමාජයට ඉන් දමා ගසන්නේ කෙසේ ද? අඳුරැු වීදියක, කිළිටි බිත්තියක් මත සාම්ප‍්‍රදායික ඉර එළියට අභියෝග කරන ගිනියම් වූ චින්තනමය හිමිදිරියක් පතිත වී තිබිය නොහැකි ද?


සාමයික, සංස්කෘතිකාදී විල්ලූද යටින් මතු වන කටුඉඹුල් උල් රසින්නට වඩාත් ඔබින්නේ නා නා ප‍්‍රකාර පලස් ඇතිරිලි ගසා බසා දමන හිතුවක්කාර ප‍්‍රකාශන කලාවක මුවහත නොවේ ද?
හිතට මෙයාකාර පැන-කල්පනා උනන්නට වූයේ වසර දහස් හෝ සිය ගණන් පැරණි කලා නිර්මාණවලින් නූතන සමාජ හෙල්ලූම් හඳුනා ගැනීම උගහට බව හැෙ`ගත් ම ය. අන්තිමට නූතනත්වයේ කලබලය තුළ ම ?පාන්තරණය වු කලා මාධ්‍යයක් අබියසට ආවෙමි. ඔව්, ඒ ‘ග‍්‍රැෆිටි’ කලාව මිස වෙන කුමක් ද?


සරල වැකියක සිට විසල් බිතු නි?පන දක්වා විහිදෙන නූතන ග‍්‍රැෆිටිය ” graffito˜ ” යන ඉතාලි වදනට ද, පුරාණ ඊජිප්තු-ග‍්‍රීක-රෝම කලා ඉතිහාසයන්ට ද නෑකම් කියමින්, නවීන වූත්, සමාජමය වූත්, අතිශය ප‍්‍රබල නිර්මාණ කලාවක් බවට පත්ව ඇත. එය සම්ප‍්‍රදායන්, ආචාර ධර්මයන් සහ නීතිය පවා නොතකන, රහසේ නිමවෙන කලාවක් විය හැකි ය. ග‍්‍රැෆිටියේ තත්කාලීන ප‍්‍රකාශනය විරෝධාකල්ප විදීමක් හෝ කැරලිකාර කලාවක් ලෙස හැඳින්වීමට හැකි නමුත් එය පැවත එන්නේ හුණු හෝ අඟුරැුවලින් ගල් තලා මත ? අඳින ලද ආදිතමයන් වෙතින් විය යුතු ය.


හොඳයි. අප දන්නා සීගිරි සිතුවම් වුවද ග‍්‍රැෆිටි ලෙස හඳුන්වන බව අපි දනිමු. නූතන ග‍්‍රැෆිටි ප‍්‍රකාශනයේ ආරම්භය ලෙස සැලකෙනුයේ, එපිසස් (වර්තමාන තුර්කිය* හි හමු වූ හදවත් හැඩැති අත් සලකුණක්, අංකයක් සහ ගැහැණු හිසක් සහිත ගණිකා වෘත්තියට සම්බන්ධ ප‍්‍රචාරක දැන්වීමකැයි විශ්වාස කෙරෙන ? කෙටුමකි. අද වන විට ග‍්‍රැෆිටිය සීඝ‍්‍රයෙන් විහිදී වැඩුණු විශිෂ්ටයැයි නොබියව හැඳින්විය හැකි ඉතා වැදගත් කලා මාධ්‍යයක් බවට පත්ව ඇත. සැබැවින් ම අතීත මහා කලාවක් ගැන ආඩම්බර වන ඇතැම් රටක සම්ප‍්‍රදාය විරෝධී කලාව සහ විකල්ප චින්තනය මාවත්වල පෑගෙමින් තිබෙන විට, දියුණු රටවල පවුරු පදනම් සහ උස් ගොඩනැගිලි සරසන, සමාජයේ යටි සිත සොලවන අතිශයින් ම හෘදයාංගම දෘශ්‍ය මාධ්‍යයක් බවට ග‍්‍රැෆිටි කලාව පත්ව තිබේ.


ග‍්‍රැෆිටි ඉතිහාසය ගැන තබා මට කැඳවා ගන්නට අවශ්‍ය වූ ”බැන්ක්සි” ( ^Banksy * ගැනවත්, දිගට යමක් කීම අද මගේ අදහස නො වේ. එකී කලාවේ නූතන දැවැන්තයා වන ලන්ඩනයේ වීදි සිත්තර, ‘බැන්ක්සි’ට ලංකාවේ ඔබ කැමති වේද කියාවත් මම නොදනිමි. එහෙත් ඔහුගේ විප්ලවීය කලා ප‍්‍රකාශනය ලෝක කලාවේ අනාගතය හා දැක්ම තීරණය කරන්නක් වී ඇති බව නම් නොලියා ම බැරි ය. ඔහුගේ විශාල නිර්මාණ ගොන්න වරින් වර හෙමින් සැරේ සමවැහි රේඛාවලින් ලකුණු කරන්නට අපේක්ෂා කරමි. එතෙක් ඔහුගේ ‘ග‍්‍රැෆිටි’ කෘති අතරින් අපේ රටට සහ රටේ අදට අදාළ වේයැයි හැඟුණු නිමැවුම් දෙකක් පමණක් විග‍්‍රහ කරමි.


එක්කෝ නැහැ. විශේෂයෙන් විග‍්‍රහ කරන්නේ කුමකට ද? කලා කෘතියක නිර්ව්‍යාජත්වය, ගැඹුර සහ එහි තිබෙන්නට ඉඩ ඇති ‘මානුෂික’ හෝ ‘සාමාජීය’ සන්නිවේදනය වඩාත් ප‍්‍රබල සහ සංවේදී එකක් වනුයේ එය තමන් ඇසින් හා තමන් සිතින් ම විසින් කියවා ගන්නා විට නොවේ ද?
එහෙයින් මා තෝරා ගත් ඒ රැුෆිටි නිර්මාණ යුග්මය ඔබට දක්වා අත්‍යවශ්‍ය මතුපිට සටහන පමණක් තබමි. යටි තලයන්ට ඇතුළු වන්නැයි ඔබේ සිතුවිලිවලට පවසනු මැනවි.


කොහොම වෙතත්, නිර්මාණයන්ට පෙර මේ කලාකරැුවා බැන්ක්සිව යම්තමින් හෝ හඳුන්වා දිය යුතු වේ. එනමුත් නම මිස අන් විස්තරයක් කවුරු දනිත් ද? ලොව පුරා විවිධ නගරවලට වැදී විශේෂයෙන් අර්බුද, යුද ගැටුම් සහ ඛේදවාචක පිළිබඳ කාව්‍යමය සටන් පාඨ යටතේ කලාත්මක ප‍්‍රකාශනයන් සිදු කර සැඟවෙන ඔහු….ඔව්, අබිරහස් සිත්තරෙකි; එක් අතකින් දේශපාලන ක‍්‍රියාකාරිකයෙකි; අනුන්ගේ දේපළ මත බලෙන් කලාව ගවසා යන ආක‍්‍රමණිකයෙකි. 2011 වසරේ දිනක ඔහු විසින් ලන්ඩනයේ බිත්තියක විසල් අකුරින් මේ පාඨය චිත‍්‍රණය කර තිබිණි.
”කණගාටුයි. ඔබ විසින් ඇණවුම් කරන ලද ජීවන රටාවෙහි තොග අවසන් වී ඇත.”


2010 දී ඩෙට්රොයිට්හි මිච් නගරයේ ඔහු කළ නිර්මාණයක ගොඩනැගිලි කොටස් සුන්බුන් මැද සිටින දරැුවෙකු රතු තීන්තෙන් වැකියක් ලියා බලා සිටිනු නි?පිත ය. ඒ වැකිය මෙවැන්නකි.
”මෙතැන ගස්වලින් වැසී තිබුණා මට මතකයි!”


උදාහරණ බොහෝ ය. එහෙත් ඉඩ නිම වෙමිනි. ඔබට ම ඒවා සොයාගෙන විඳින්නට ඇරයුම් කරමින් අද මෙහි පළ වන ”බැන්ක්සි ග‍්‍රැෆිටි” දෙක වෙත වහ වහා යමු.
ග‍්‍රැෆිටිය 1 : ” මල් වීසි කරන්නා” නොහොත් ”වියරුව” (” Flower thrower ˜ or —Rage˜ ”*


බැන්ක්සි 2005දී මෙය නිර්මාණය කරනුයේ ජෙරැුසලමේ සමලිංගිකයන්ගේ උද්ඝෝෂණයක් පාදක කර ගනිමිනි. එහෙත් ඉන් පළ වන අදහස ලෝක සාමය හා සහයෝගිතාව වැනි සංකල්ප කරා දිවෙන ලොකු කතාවක් පවසා ලෝක ප‍්‍රකට විය. බලන්න. මුහුණ වසා ගත් කුපිත වූ ප‍්‍රහාරකයෙකි. ඔහු දමා ගසන්නේ බෝම්බයකින් හෝ ගලකින් ද? නැත. ඒ මල් පොකුරකි. මේ කළු සුදු නිර්මාණයේ මල් පමණක් වර්ණ ගන්වා තිබිණි.


ග‍්‍රැෆිටිය 2 : ”සී.සී.ටී.වී. කැමරාව යට එක ම ජාතියක්” (” One Nation Under CCTV˜ *
2007 දී ලන්ඩනයේ නිව්මන් වීදියේ බිත්තියක නිමවා තිබූ මෙය ලන්ඩනයේ ඉස්මතුව තිබූ සී.සී.ටී.වී. කැමරා විරෝධයට දැක්වූ ප‍්‍රතිචාරයකි. වැකිය ලියන්නේ ඉනිමගක් මත සිටින දරැුවෙකි. සුනඛයෙකු කැටුව සිටින පොලිස් නිලධාරියෙක් ඔහුව ජායා?ප ගත කරමින් සිටියි.

ලක්ශාන්ත අතුකෝරල