හංසි මානවඩු

මේ මා එක්ක කතාබහ කළ තුන්දෙනෙක් කියූ කතා ත‍්‍රිත්වයක්. මේ කතා තුන ලිංගි ක ශ‍්‍රමිකයන් ලෙස රැුකියාවල යෙදෙන තුන්දෙනෙකුගේ කතා. මේ තුන්දෙනාම අයත්වෙන්නේ සමකාමී සහ සංක‍්‍රාන්ති ලිංගික කොටස්වලට.
ඇය අපට මුණගැසුණේ කොටුවේ පාවෙන වෙළෙඳසැලේදී. ඔහු අප මුණගැසෙන්නට බත්තරමුල්ලේ දියත උයනට ආවා. අනෙකා කිරිබත්ගොඩදී මුණගැසුණා. තිදෙනාම මුණගැහු‍ණේ රාත‍්‍රීන්වලදී. ඔවුන්ගේ කතාන්දර අහසේ තරු රටා මෙන් එකිනෙකට වෙනස් රටා මැව්වත්, හැම රටාවම තරුවලින් ගොඩනැෙ`ගනවා මෙන් ඔවුන්ගේ කතා තුනම එකම අමුද්‍රව්‍යවලින් ගොඩනැඟී තිබුණු බව මට හිතුණා.
මේ කතා දිගයි. බොහෝ දේවල් අලූ‍ත් සිදුවීම් නොවෙයි. නැවත නැවතත් අසන්නට ලැබෙන අන්දමේ කතන්දර. ඒ නිසා සංක්ෂිප්තව, උපුටාගත් කොටස් කිහිපයකින් පමණක් මේ කතා සමන්විතයි. මේ කතන්දර රළු, අඳුරු චිත‍්‍ර වගෙයි. මා මේ සටහන ලියන්නේ ඒ කතන්දරවල හොඳ, නරක පිළිබඳව කිසිම විනිශ්චයක් නොදී. ඔවුන් කී විදියට.

ඔහු..
‘‘මම කවුද කියලා මං දැනගෙන හිටියෙ නැහැ. මම ඒක දැනගත්තේ අවුරුදු 11දී විතර. මාව අතවරයට ලක්වුණ වෙලාවේ.’’
ඔහු කතාව පටන්ගත්තේ තමන්ගේ ම ලිංගි ක අනන්‍යතාව ඔහු තේරුම් ගත් මොහොතෙන්. ඔහු අසල්වැසියෙකුගෙන් අතවරයට ලක්වෙන්නට පටන්ගන්නවා. ඔහු හිටියේ බොරැුල්ල ආශ‍්‍රිත මහල් නිවාස සංකීර්ණයක.
‘‘මම දැනගෙන හිටියේ නැහැ මේක වැරැුද්දක් ද හරි දෙයක්ද කියලා. මම ඒකට එච්චර අකැමැති වුණේ නෑ. කැමති වුණේත් නෑ. අප්පිරියාවක් එක්ක කැමැත්තක් තිබුණා. හැම වෙලාවෙම අතවරයට ලක්වෙද්දී මම ඒ කෙනාට අවනත වුණා. ඒත් ඒ මොහොතෙන් පස්සෙ ඒ සිද්ධිය මතක් වෙන වෙලාවට අප්පිරියාවක් දැනුණා.’’
ඔහු සමකාමියෙක් වුවත් කුඩා කාලයේදී මුහුණදෙන්නට වෙන ලිංගික අතවර ඉතාම අමිහිරි අත්දැකීම් මිස අන් යමක් නෙවෙයි.
‘‘මම ගෙදර අයට කියන්න බයවුණා. එයාලාගේ ප‍්‍රතිචාර මොකක් වෙයිද කියන එක බය නිසා. ටික කාලයක් යනකොට දවසක් අපේ ගෙදරට අහුවුණා. අහුවුණා කියන්නේ අතටම අහුවුණා. ගෙදර අය කෑගහලා අහළ පහළ අයත් රැුස් කරගත්තා. මාව අපයෝජනය කළ මනුස්සයාට ගහලා පොලිසියට බාර දුන්නා. නඩු ගියා. ඒ වෙනකොට සිද්ධිය ඉස්කෝලේ අය පවා දැනගත්තා. මම ඒ කාලෙ පැත්තකට වෙලා හිටපු කෙනෙක්. මා එක්ක වත්තෙ හිටපු අනෙක් යාළුවෝ සෑහෙන චණ්ඩි. ඉස්කෝලෙත් තැනක් තිබුණා. හැමෝම මගේ සිද්ධිය ගැන කතාකළා. මට ඒක තේරුණා. පස්සේ ඉස්කෝලෙ අයියලාත් මාව අපයෝජනය කළා. ඇත්තටම කිව්වොත් මාත් එක්ක සම්බන්ධතා පැවැත්වුවා. පස්සෙ මම ඉස්කෝලෙ යන එක නතර වුණා.’’
‘‘ඒ වෙනකොට ගෙදර අයට මම හින්දා සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇවිත් තිබුණේ. එතකොට මට අවුරුදු 15ක්. මම ගෙදරින් ඇවිත් ගල්කිස්සේ බෝඩිමක නැවතුණා. සාමාන්‍ය පෙළ විභාගය වත් කරලා නැති හින්දා ජොබ් එකක් ලැබුණේ නැහැ. අන්තිමට හෝටලයක වැඩ කරන මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් මම හෝටලයක වැඩට ගියා. අවුරුදු දාසයේදී. ටික කාලයක් එතැන වැඩ කරද්දී දැනගන්න ලැබුණා මෙහෙම ජොබ් එකක් තියෙනවා කියලා. මම ඒකට සෙට් වුණා.’’
ඔහු හෝටල් ආශ‍්‍රිතව ලිංගික සේවය සපයන්නෙක්. ඔහු ඒ වෘත්තියට යොමු වෙන්නේ තමන්ගේම තෝරාගැ නීමක් ලෙස. සමකාමී පිරිමි අය සේවය සපයන ඔහු වියපත් කාන්තාවන්ටද ඉඳහිට සේවය සපයනවා. වියපත් කාන්තාවන්ට සේවය සපයන කොටස හැර අනෙක් බොහෝ දේවල් ගැන ඔහුට දැඩි අතෘප්තියක් නැහැ. ඔහු හෝටල් ආශ‍්‍රිතව රැුකියාව කරන නිසා සැලකිය යුතු වැටුපක්ද ලබනවා.
එහෙත් ඔහු කියන විදියට අනාරක්ෂිත බව, නීති විරෝධී බව වගේම සමාජ විරෝධී චෝදනාව ඔහුව වෙලාගෙන ඉන්නවා.

ඇය..
ඇයට තවමත් වයස අවුරුදු 19යි.
‘‘පුංචිම කාලයේ කිහිප වතාවක්ම මම තාත්තාගේ හොඳම යාළුවා අතින් අතවරයට ලක්වුණා.’’
ඇය පුංචිම කාලයේ අත්දැකීමක් විස්තර කරමින් කතාව පටන්ගන්නවා. තාත්තා ගමේ එළවළු‍ බිස්නස් කළේ. ජයේ අංකල් එක්ක. සමහර වෙලාවට තාත්තා මාව ජයේ අංකල් එක්ක තියනවා. මාව බලාගන්න කියලා. එතකොට ජයේ අංකල් මට අතවර කළා. පස්සේ දවසක තාත්තා ඒක දැනගත්තා. ඒත් තාත්තා මාව ජයේ අංකල් ළඟ නවත්තන එක වැළැක්වුවා විතරයි. ජයේ අංකල් හිතුවා තාත්තාට කිව්වෙ මම කියලා. එයා මාව බය කළා අම්මා මේක දැනගත්තොත් මාව මරනවා කියලා. තාත්තා මාව ජයේ අංකල් ළඟ තිබ්බේ නැතත් කිහිප වතාවක්ම මම එයාට කොටු වුණා.’’
ඇත්තෙන්ම ඇය තමන්ට මුහුණපාන්නට වූ අත්දැකීම් මා සමඟ විස්තර කළා. ඒවා විස්තර ඇතිව ලියා පලක් නැහැ.
එහෙත් ඒ කතන්දර කියද්දී ඇයට කිසිම වේදනාවක් තිබුණු බව පෙනුණේ නැහැ. ඒ තමයි එදිනෙදා ජීවිතය. ඇයට සිද්ධවුණු බරපතළම දේ ඒක නෙවෙයි වගේ. ඒ ගැන මම ඇගෙන් ඇහුවා.
‘‘ඔයාට මේ අත්දැකීම් මතක් වෙද්දී දැනෙන්නෙ මොකක්ද?’’
‘‘ඒ හැම එකක්ම අපාය තමයි. ඒත් අපි ඉන්නෙ අපායෙනෙ. අපායෙ ඉඳගෙන අපාය ගැන කතාකරද්දී අඬලා වැඩක් නෑනෙ.’’
ඇය එහෙම උත්තර දුන්නේ පොඩි හිනාවක් එක්ක. අපායේ වුණත් හිනාවෙන්න සිද්ධවෙනවා. ඇත්තටම ඇය කැමති වුණේ නැහැ තමාව සමාජ පිළිලයක් ලෙස හෝ දුකින් ඉන්න කාන්තාවක් ලෙස විස්තර කරනවාට.
‘ ඕනෑවට වඩා අඬෝවැඩියා ලියන්ඩ එපා හොඳේ.’’ අප වෙන්වෙද්දී ඇය කීවේ ටිකක් තර්ජනාත්මකව වගෙයි.
ඇය කී විදියට තාත්තාගේ මිතුරාගෙන් පසුව ඇයට අවුරුදු 13දී පමණ පටන් ඇගේ ඥාති සහෝදරයෙක් අතින් නැවත අතවරයට ලක්වෙනවා. ඥාති සහෝදරයෙක් යැයි කීවත් ඔහු ඇයට වඩා අවුරුදු 15ක් පමණ වැඩිමල් කෙනෙක්. මේ ගැන දැනගන්නා පවුලේ අය කරන්නේ ඇය ඔහුට විවාහ කරදීම.
‘‘මට ඒ වෙද්දී දැනුණා මම පිරිමි අයට කැමති නෑ කියලා. රැුවුල වවාගත්ත, ගඳගහන, කළු මිනිහෙක් එක්ක විවාහ වීම මාව මරාදානවා වගේ වැඩක්. හැබැයි මාව අතින් පයින් ගහලා මරන්න ඒ මිනිහා පටන්ගත්තා.’’
ඇය එලෙස විස්තර කරන්නේ විවාහ ජීවිතය ගැන. ඇයට පෙම්වතියක් මුණගැහෙන්නේ මේ අතරේදී.
‘‘අපේ සම්බන්ධය මගේ කසාද මිනිහා දවසක් දැන ගත්තා. එතකොට මට මාස 10ක විතර ගැහැනු දරුවෙකුත් හිටියා. එදා මාව නිරුවත් කරලා හොඳටම ගහලා ගහලා පාරේ ඇදගෙන ගියා. මගේ දරුවාවත් ඒ මිනිහා මුහුදට විසික්කරන්න ගියා. අහළ පහළ අය එකතුවෙලා දරුවාව බේරගත්තේ. මට තවත් ඒ මිනිහා එක්ක ඉන්න බැරිවුණා. ඒ නිසා මම දරුවාවත් අරගෙන පැනලා ආවා.’’
දැන් ඇය ඉන්නේ තමාගේ පෙම්වතිය සමඟයි. පෙම්වතිය අවුරුදු හතළිහක පමණ කාන්තාවක්.
දැන් ඇය ලිංගික ශ‍්‍රමික කාන්තාවක්. ඇගේ සේවය ලබන්නේ පිරිමින්. ඒ නිසාම ඇයට තමන්ගේ රැුකියාව තමන්වම යළි යළිත් මරාදැමීමක් ලෙස දැනෙනවා. තමා දන්නා බොහෝ දෙනෙක් මෙන් තමන්ගේ දරුවා අයාලේ යන්නට ඇය ඉඩ තබා නැහැ. ඒ වෙනුවට ඇය දරුවා වෙනුවෙන් හැකි උපරිමය කරන්නට උත්සාහ කරනවා. දරුවාට දැන් අවුරුද්දක්.
‘‘අපි දෙන්නාම දරුවාට ආදරෙයි. අපි දෙන්න හදපු දරුවෙක් වාගෙ.’’
ඇය කියනවා. එහෙත් ඇය කියන විදියට මේ වෙද්දී ඇගේ පේ‍්‍රම ජීවිතයේ අවසානයටත් ඉඟි පළවෙලා.
‘‘අපි දෙන්නා සතුටින් හිටියා. ඒත් අපි දෙන්නා එකට ඉන්න එක පවුල් ජීවිතයක් නෙවෙයි. අපි ඉන්න කාලයක් එකට වැටිලා ඉඳියි. කසාද පවුලක් වගේ තියෙන එකක් නෑ. අපි දෙන්නාගෙත් ලස්සන කාලෙ දැන් ඉවරයි.’’

අනෙකා..
කිරිබත්ගොඩදීයි ඇය මුණගැසුණේ. සංක‍්‍රාන්ති ලිංගි ක කාන්තාවක්. ඇත්තෙන්ම සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවක් වුණත් ඇයට තමන්ගේ සංක‍්‍රාන්ති ලිංගිකත්වය සම්පූර්ණ කරගන්නට පසුබිමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය සැත්කම් සඳහා මුදල් විශාල ප‍්‍රමාණයක් හෙවත් ඇය සතුව කිසිසේත්ම නොමැති යමක් අවශ්‍යයි. ඇගේ අධ්‍යාපනය වගේම ජීවිතයද කඩාකප්පල් වෙන්නේ ඇය උපත ලද ස්වභාවය නිසා. ඇය ලිංගික සේවා සපයන්නියක් බවට පත්වෙන්නට පළමු හේතුව වුණේ ඇයට රැුකියා අවස්ථා සීමා වූ නිසා.
ඇය ටික දිනයක් පෙම්වතා සමඟ ජීවත්වෙනවා. එහෙත් ඔහු සමකාමී තරුණයෙක්. ඔහු ඇය කාන්තාවක් ලෙස වෙනුවට පිරිමියෙක් හැටියට පිළිගත්තා. ඇයට අවශ්‍ය වුණේ කාන්තාවක් වීමට. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඒ සමඟ බිඳවැටුණු බව ඇය කියනවා.
‘‘මගේ ආසාව තියෙන්නේ කොහොමහරි ඔපරේෂන් කරන්න. ඒත් ඒකට ලොකු සල්ලියක් ඕනෑ. අපි පැය ගණන් පාරේ හිටගෙන ඉඳලා, පිරිමින්ට විනෝදය සපයලා අන්තිමේදී ලබන්නෙ පුංචි මුදලක්. ඒක අපේ එදිනෙදා වියදම් ටිකයි, ගෙවල් කුලියයි පිරිමහගන්න විතරයි ප‍්‍රමාණවත්.’’
ඇය කියන්නේ තම සිරුර කාන්තා සිරුරක් බවට හැරවීමට අවශ්‍ය සැත්කම ගැන.
‘‘කොහෙද ඉතිං, අපට තෙල් මිල වැඩිවෙද්දී මිල සූත‍්‍රය වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරන්න පුළුවන්යැ.’’ ඇය පසුව සිනහසෙනවා.
ඇය මධ්‍යම පන්තික පවුලකින් පැවත එන්නියක්. මව හෙදියක්. පියා ගුරුවරයෙක්. සාමාන්‍ය, සාම්ප‍්‍රදායික, ආගමික භක්තියෙන් පිරුණු පවුලක්.
ඇය නිවසේදී අතවරයට පත්වෙන්නේ නැහැ. එහෙත් ඇය පාසලේදී අතවරයට ලක්වෙනවා.
‘‘මට ඉස්කෝලේ යාළුවෝ ‘කෑල්ල’ කියලා කීවේ. ඉස්කෝලෙ නාට්‍යවල එහෙම මාව කෙල්ලන්ගේ චරිතවලට තමයි තෝරගත්තේ. එතකොට ඉස්කෝලෙ මගේ පන්තියේ යාළුවෙක් එක්කම මට සම්බන්ධයක් තිබුණා. ඒක මමම පටන්ගත්ත එකක්. විහිළුවට වගේ කළ දෙයක්. එයා සමකාමී හෝ සංක‍්‍රාන්ති ලිංගික කෙනෙක් නෙවෙයි. ඒත් එයා මා එක්ක යාළුවුණා. ඒකෙන් පස්සෙ ඉස්කෝලෙට ආ පුහුණු ගුරුවරයෙක් එක්කත් මගෙ සම්බන්ධයක් හැදුණා. ඒ පුහුණු ගුරුවරයාත් විවාහ වෙන්න හිටපු කෙනෙක්. එයාත් මොන ජාතියේ (ලිංගික අනන්‍යතාව* කෙනෙක්ද කියලා මම දන්නේ නෑ. ඒකෙන් පස්සෙ මා එක්ක වචනවලින්, වැඩවලින් සම්බන්ධතා තියාගත්ත කිහිපදෙනෙක්ම හිටියා. මාව ඉස්කෝලෙ ගෑනු ළමයෙක් විදියටම ප‍්‍රසිද්ධ වුණා.’’
ඇයගේ සංක‍්‍රාන්ති ලිංගික තත්ත්වය ගැන පියා දැනගන්නේ, ඇය ඉගෙනගන්නා පිරිමි පාසලේ පැතිර ගිය කටකතා හිතවත් ගුරුවරයෙක් පියා සමඟ පැවසීමෙන් පසුව. පියා ඉගැන්වුවේ වෙනත් පාසලක. ඉන්පසුව ඇයට කිසිවක් නොදන්වා බලිතොවිල් සංවිධානය කරන්නට පියා පටන්ගන්නවා.
‘‘මට මේක වාතයක් වුණා. මම තාත්තා එක්ක රණ්ඩුවෙන්න ගත්තා. අන්තිමේදී ගෙදරින් බැහැලා ආවා.’’ ඇය නිවසෙන් පැමිණීම කෙටියෙන් විස්තර කරනවා.

හමාර වැකිය
මේ තුන්දෙනාම වයස අවුරුදු 23ට අඩු අය. ඔවුන්ට ජීවිතයේ තවත් බොහෝදුර යන්නට සිද්ධවෙලා තියෙනවා. තුන්දෙනා ජීවත් වූ පරිසර එකිනෙකට වෙනස් ඒවා. ගැමි පරිසරයෙන් ආ ඇය. නාගරික ලූ‍ම්පන් පන්තියේ ඔහු සහ මධ්‍යම පන්තික අනෙකා මුහුණදෙන්නේ ලංකාවේ බොහෝ තැන්වල බොහෝ දෙනෙක් මුහුණදෙන අත්දැකීම්වලට.
මා කැළඹූ තත්වය තමයි මේ තුන්දෙනාම තමන්ට මුහුණදෙන්නට සිදුවූ සිදුවීම් ගැන කම්පනයක් නැතිවම කතාකිරීම. ඇත්ත. අපචාරවලට ලක්වූ පමණින් ජීවිත දුකෙන් පිරී යා යුතු නැහැ. ලිංගික ශ‍්‍රමිකයන් ලෙස තමන් ප‍්‍රිය නොකරන රැුකියාවක යෙදීමත් හඬා වැටෙන්නට තරම් දෙයක් නෙවෙයි. එහෙත් මේ සියල්ල එදිනෙදා සිදුවීම් බවට පත්වීම විසින් කියාපාන්නේ මේ කතා මොනතරම් සුලබද යන්න.
විසඳුම් නැතිව, අඩු කතාබහක් සමඟ ළමා අපයෝජන සිදුවීම් සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසම පවතිනවා. ඉඳහිට හෝ ඇසෙන ළමා අපයෝජන කතා තිබුණත් ලංකාවේ එදිනෙදා සිදුවෙන ළමා අපයෝජන තොගය කිසිදා වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසාම මේ තුන්දෙනාටත් ඒ සිදුවීම් සාමාන්‍ය එදිනෙදා සිදුවීම් පමණයි.
ආචාර්ය හරිනි අමරසූරිය සහ මහාචාර්ය සාවිත‍්‍රි ගුණසේකර යුනිසෙෆ් ආයතනය සමඟ 2013 දී ළමා විවාහ කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකින් කියැවෙන්නේ ළමා අපයෝජන, ළමා ලිංගික ශ‍්‍රමිකයන් සහ ළමා විවාහ මොන තරම් ලංකාව තුළ ඉන්නවාද, සිදුවෙනවාද යන්න පිළිබඳව. ඒ නිසාම ඔවුන් රළු ජීවිත අත්දැකීම් තොගයකට මුහුණදෙනවා.
ලංකාවේ ලිංගිකත්වය ගැන දැනුම සහ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් විය යුතු බවට ප‍්‍රමාණවත් සංවාද හැදෙන්නේත් නැහැ. නීතිය මේ වගේ සිදුවීම් වළක්වන්න තරම් ශක්තිමත් නෑ. ඒ හේතුවෙන් අයාලේ යන ජීවිත ලබන්නට සිදුව ඇත්තේ මේ තුන්දෙනාට පමණක් නෙවෙයි.
මේ ලක්ෂ ගණනක් අතරින් තුන්දෙනෙක් පමණයි.x