සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය 2016 වසරේදී බොබ් ඩිලන් නම් ගායකයාට ලබා දීම තතු නොදත් ඇතැමෙකුට පුදුමයක් විය. බොබ් ඩිලන් යනු දශක හයක් තිස්සේ ඇමරිකානු සංගීත ක්ෂේත‍්‍රය සහ සමාජ වටපිටාව තුළ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කළ කලාකරුවෙකි. ‘සංගීත ශිල්පියෙකුහට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවූයේ කෙසේ ද?’ යන පටු ප‍්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඩිලන් තමන්ගේ ගීත සමුදාය තුළින් ලෝකයට මුදා හළ නව අදහස් සම්භාරය තුළ ය. ඔහු හුදු ගායකයෙකු නොවූ අතර විශේෂයෙන් ම කාව්‍යක්කාර ගීත රචකයෙක් ද, පවත්නා සමාජ දේශපාලන තත්ත්වයන් සිය නිර්මාණ මගින් සසළ කරන්නෙකු මෙන් ම ප‍්‍රතිසංස්කෘතික (ජදමබඑැරජමකඑමර්ක* ආකල්ප නිපදවූවෙක් ද විය. ඔහුගේ ප‍්‍රධාන විෂය ‘ගීත සාහිත්‍යය’ ලෙස සැලකිය හැකි අතර ඔහු සංගීතය භාවිත කරනුයේ එකී සාහිත්‍යය සන්නිවේදනය කිරීමේ වාහකයක් වශයෙනි.


ඩිලන්ගේ ගීත රචනා සහ කියුම් කෙරුම්වල නව්‍යතාවක් සහ නිර්මාණශීලීත්වයක් වරදින්නේ නැත. ඔහුගේ අදහස් නිතර ම පාහේ කාව්‍යාත්මක ය. ඒවා ඔස්සේ ඔහු මනුෂ්‍ය ප‍්‍රජාව වෙත කළ සහ කරමින් සිටින බලපෑම ද විශාල ය. ”ටයිම්” සඟරාව නම් කළ පසු ගිය සියවසේ ලෝකයේ වඩාත් ම වැදගත් පුද්ගලයන් සිය දෙනා අතරට ඔහුගේ නම ඇතුළත් වන්නේ එබැවිනි. ඩිලන්ගේ ප‍්‍රකට අදහස් කිහිපයකින් පමණක් වුව ද ඔහු හඳුනා ගත හැකි වනු ඇත.


”ඔබට වටහා ගත නොහැකි දේවල් විවේචනය නොකරන්න”
”සමහරෙක් වැස්ස විඳගනිති. අනෙක් අය තෙමෙනවා පමණි”
”කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට තබා බැඳ දමනු ලැබ තිබේ”
”ලෝකයේ ඇති සියලූ ම සත්‍යයන් එකතු වීමෙන් හැදෙන්නේ එක ම ලොකු බොරුවකි”


”සෑම සුන්දර දෙයක් පිටුපස ම කුමක් හෝ වේදනාවක් ඇත.”


නවසිය හැටේ දශකයේ දී හාමෝනිකාවක් සවි කළ ගිටාරයක් අත දරා, නුහුරු තියුණු හඬකින් ඇමරිකානු ජන ගී කැටගරියේ ගීත ගැයූ ගැටවරයා දක්ෂයෙකු බව බොහෝ දෙනා පිළිගත්හ. එහෙත් ඔහුගේ අමුතු හඬ සහ සම්ප‍්‍රදාය විරෝධී ඇවතුම් පැවතුම් මුලදී පොදු සමාජයේ ප‍්‍රසාදයට හේතු වූයේ නැත. එහෙත් තම ස්වභාවය කිසි කලෙක වෙනස් නොකළ ඩිලන් භාවිත සංගීත ක‍්‍රම ශානර සහ ශෛලීන් පමණක් නිරතුරුව වෙනස් කරමින් සිය සංගීත චාරිකාවෙහි නිරත විය. අතීතයේදී පවා ඔහු ගායනා කළේ නූතන ගීතයකි. ජනප‍්‍රියත්වයේ හිනිපෙත ද ඉක්මවා ජාත්‍යන්තර අහසේ පාවෙන ඊකදඅසබට සබ එයැ උසබා වැනි ගීතයක් හමුවන්නේ ඔහුගේ ප‍්‍රථම ගීත රචනා ගොනුව ඇතුළත් වූ ත්‍රුැඅයැැකසබට ඊදඉ ෘහක්බ ගීත එකතුවෙනි.

කොපමණ මාවත් ගණනක කෙනෙකු ඇවිද තිබිය යුතු ද මිනිසෙකු යැයි ඔහුහට අමතන්න කලින් කොපමණ සාගර ගණනක තාරාවිය පීනන්නද සුදු වැලි අස්සේ ඇය සැතපෙන්නෙ කලින් කොපමණ නම් ගෝල උණ්ඩ මිදී පියා සැරිය යුතුද ඒවා සදහට තහනම් වෙන්න කලින් පිළිතුර මගෙ යාළුවේ, හමා යාවී සුළෙඟ්
හමා යාවි පිළිතුර සුළෙඟ්


1941 වසරේදී උපත ලද රොබට් ඇලන් සිමර්මන්, පාසල් දිවියෙන් සංගීත සිහිනයට යන්නේ ”බොබ් ඩිලන්” යන දිදුලන නමින් පෙනී සිටිමිනි. නිරතුරුව ගීත ලියමින්, ජන සංගීතයේ සිට බ්ලූස්, රොක්, ගොස්පල්, කන්ටි‍්‍ර සහ පොප් යනාදි විවිධ සංගීත ශානරයන් යටතේ ඒවා ගායනා කළ ඔහු පසුව ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු බවට ද පත් විය. 2008 දී ඔහුට පුලිට්සර් සම්මානය පිරිනැමුණේ ”අසාමාන්‍ය කාව්‍ය ශක්තියකින් නිමැවූ ගීතමය ගැළපුම් මගින් ජනප‍්‍රිය සංගීතයට සහ ඇමරිකානු සංස්කෘතියට ඉදිරිගාමී බලපෑමක් කිරීම” වෙනුවෙනි. දේශපාලනික මනසක් සහිත ගායකයෙකු වූ ඩිලන්ගේ දහස් ගණනක් වන ගීත රචනා අතරින් ඵ්ිඑැරි දෙ අ්රල ධංදෙරා එදඅබල ් ය්රා ර්සබ’ි ්-ටදබබ් ේකකල ඔයැ එසපැි එයැහ ්රු ්-ජය්බටසබටල ඵ්ටටසැ’ි සෙරපල ක්‍යසපැි රෙැැාදපල ්‍යමරරසජ්බැ යනාදි විරෝධාකල්ප ගීත පොදු ජන මනැස් තුළ මන්ත‍්‍රයන් මෙන් තැන්පත් වී ඇත. කෙසේ වෙතත් ඔහුගේ සංගීත ගමනේ හැරවුම් ලක්ෂ්‍යයන් සහ ‘නිම නොවන චාරිකාව’ ප‍්‍රිය නොකරන්නන් නිතර නගන මැසිවිල්ලක් ද තිබේ. ”ඔහු විශිෂ්ට රචකයෙක්. එහෙත් ඒ රචනාවලට ඔහුගේ කටහඬ නම් ගැළපෙන්නේ නෑ.”


හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා බොබ් ඩිලන් ඉදිරියේ දී ප‍්‍රකාශ කළේ මෙයයි.


”ඇමරිකානු සංගීත ඉතිහාසය තුළ ඔබට වඩා විශාල යෝධයෙක් නැත”
1988 වසරේ සිට ”නිමා නොවන චාරිකාව” (භැඩැර ැබාසබට එදමර* නම් සංදර්ශන මාලාව ආරම්භ කළ ඔහු අද දක්වා ම ලොව පුරා ගී ගයමින් සැරිසරයි. පසුගිය අප‍්‍රියෙල් මාසයේදී ඔහු නිමා නොවන චාරිකාවේ 3000 වැනි දර්ශනය ඉදිරිපත් කළේ ය. ඩිලන්ගේ නිර්මාණ එකතුව දැවැන්ත එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජමය ආස්ථානයන් සේම මානව ජීවිතය ද ඔහුගේ ගීතවලට නිරතුරුව පාදක විය. ආදරය වැනි තේමාවකට එන විට පවා ඔහු එය හද පතුලෙහි නැගෙන කම්පනයකින් යුතුව ලියයි, ගයයි. 1975 දී ඔහු ගැයූ ්ඉ්බාදබැා ඛදඩැ ගීතය එක් නිදසුනක් පමණයි.

මැදියම් ? යාමයෙ තව එක වරක් මුදා ලන්න ලතු පැහැයත් සාළුවත් එන්නෙ නැද්ද ඔබ බැස රාජාසනෙන් ඉඩක් දෙන්න මට විඳින්න ඔබෙ ආලය තව වරක් මා එය අත හැර දමන්න ඉස්සරින්


ඔහුගේ රසිකයන් සේ ම ඔහු ද ප‍්‍රිය කළේ තම හඬට නොව හදවතටයි. තමන් මුවින් ගැයෙන ගීතවලට නොව තමන් සිතින් උපදින ගීතවලට ඔහු වඩාත් ආදරය කළේය. වරක් මේ බව ඔහු විසින්ම ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේ ය. ”මං මාව සලකන්නේ මුලින් කවියෙකු විදියට. දෙවනුව සංගීතඥයෙක් විදියට. මං කවියෙක් විදියට ජීවත් වෙනවා. කවියෙක් විදියට මිය යනවා.” x

x ලක්ශාන්ත අතුකෝරළ