■ අනුරංග ජයසිංහ

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී එක් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ අටක් එකඟ වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයට අයත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ටෙලෝ සහ ප්ලොට් පක්ෂ එම කණ්ඩායමට අයත්ය. ඊට අමතරව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රමුඛ දෙමළ මහජන පෙරමුණ, සීවී විග්නේශ්වරන් මහතාගේ පක්ෂය එම එකමුතුවට අයත් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක වාර්තාවක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ බලාපොරොත්තු වේ. එම වාර්තාව සකස් කිරීම සඳහා කමිටුවක්ද පත් කර ඇත. එම කමිටුව කිලිනොච්චියේදී සාකච්ඡා කර තිබේ.
පසුගිය සතියක ඇමෙරිකානු තානාපතිවරිය මුණගැසුණු අවස්ථාවේද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා තිබුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් එක කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවය.■