ඕනෑම සාහිත්‍යාංගයක, කලාවක ආකෘතිමය හරඹ පාන්නට යන ඕනම කෙනෙකුට පොදුවේ මුහුණදෙන්නට සිදුවන අවදානමක් තිබේ. එය නම් සම්ප‍්‍රදායික හෝ වරප‍්‍රසාදිත කලා කතිකාවේ පරිධියට තල්ලූවීමය. එහෙත් එකී අවදානම පවා ස්වකීය භාවිතයට උත්තේජනයක් කරගත් අතළොස්සක අතරින් සාහිත්‍යකරණයේ යෙදෙන කෙටිකතාකරුවෙකු ලෙස දීප්ති දහනක හදුනා ගැනීමේ කිසිදු දොසක් නොමැති බැව් අපගේ පුද්ගලික හැගීමය. ඔහුගේ ‘එක අතකින් වෙන මොනව කරන්නද?’ කෙටිකතා සංග‍්‍රහය පිළිබද සැකෙවින් හෝ යමක් සටහන් කර තබන්නට සිත් වූයේ ඒ නිසාමය.

විශ්වවිද්‍යාලවලට පමණක් නොව පුද්ගලික බස් රථ ප‍්‍රවාහනයට, ත‍්‍රී රෝද රථගාල්වලට, කාර්යාල ප‍්‍රවාහන සේවාවන්ට, දෛනික දුම්රිය සේවයට, ආදී මෙකී නොකී බොහෝ ක්ෂේත‍්‍රයන්ට ඊටම ආවේණික උප සංස්කෘතියක් තිබේ. එහි භාෂාමය වෙනස්කම්, ආචාරධර්මීය ප‍්‍රවණතා, සබදතා, යැපීම්වල සාපේක්ෂ ස්වාධීනත්වයක් මෙන්ම අන්තර් ක‍්‍රියාකාරී සම්බන්ධතාවක්ද පවතී. බොහෝ දෙනෙකු මතු පිටින් බලන විට පෙනෙන චිත‍්‍රයට වඩා වැඩි යමක් ඒ තුළ ඇතත් එම සංදර්භයන් මනාව ස්පර්ශ කළ හැක්කේ ඒ තුළ කිදා බසින්නට තරම් ශක්‍යතාවක් ඇති අයෙකුටම පමණි. දීප්ති දහනායක යනු කෙටිකතා කලාවට දැවැන්තයෙකු නොවුණත් මෙකී රස්තියාදුවට පොහොසත්කමක් දක්වන්නකු නිසාම මෙම කෘතියේ එන බොහෝ නිර්මාණවල එකී අව්‍යාජත්වය තැවරී තිබේ., ‘එක අතකින් වෙන මොනව කරන්නද?’ මෝසමා, සර්වාංග විකාර වැනි නිර්මාණ යනු එකී රස්තියාදුවෙන් පොහොසත් වූ කෙටිතාය. හුදු සම්ප‍්‍රදායික ආඛ්‍යාන රටාව වෙනුවට සංවාද ආශ‍්‍රයෙන්ම භඹඔ ්භෘ ඊධඛඔ ගොඩනැගීමට කතුවරයා උත්සාහ දරා තිබීම නිර්මාණයට අපූර්වත්වයක් එකතු කර තිබේ.


‘අර මිස් ළගට මං යන කොට, මිස් ඉස්සරහට නැවිලා මට කීවා බලන්න කියලා. එයාගෙ අල්ලපු සීට් එකේ මහත්තයා හොදටම නිදි. ඒත් අත නිදි නෑ. පිටිපස්සෙන් අත දාගෙන මොනවදෝ හොයනවා. මං හෙමිහිට මහත්තයගෙ කණට කරලා කීවා.’


‘මහත්තයා නිදා ගන්නව නම් අතත් එක්කම නිදාගන්න.’
‘අර මිසුත් ගොඩ. මහත්තයත් ගොඩ. අටෝරාසියක් සිද්ධිවලින්ම තමා මේ දෙකොන ෂේප් කරන තියරි ඉගෙන ගත්තෙ. ඔය අතන මෙතන මිරිකලා බලන්නෙ අමුතු දෙයක් අහුවෙයි කියලනෙ.’


‘පිස්සුනෙ. මොනාත් නෑ අයියා… අපිවම මවා ගත්තු කතන්දර මිසක්.’ (පිටුව.22*
පුද්ගලික බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන් හා ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබද බොහෝ දෙනෙකුට ඇත්තේ නොපහන් හැගීමක් බැව් සත්‍යයකි. එහෙත් ඒ ශරීර කූඩු තුළ ජීවත්වන මිනිසුන්ටද ඇත්තේ එකම ජීවිතයකි.


‘එක අතකින් වෙන මොනව කරන්නද?’ කෙටිකතාව ආරම්භ වන්නේම ඉතාමත් කෙටි වැකි සහිත සංවාදයකිනි.
‘ නිලූකා…’
‘ පොලේකා මළා ….’


ඉනික්බිතිව සමස්ත කතාවේ ආඛ්‍යානය ගොඩනැෙගන්නේ ‘පොලේකා’ ගැන නිලූකාට කියන සංවාදයක ආකෘතියකිනි. වචන දහස් ගණනකින් කිව නොහැකි තියුණු අදහසක්, මතයක් කාටූන් චිත‍්‍රයක් මගින් කියාපාන්නේ යම් සේ්ද, ඒ අයුරින්ම තම නිර්මාණය තුළ චරිත ස්වභාවය, අන්තර් ක‍්‍රියාකාරිත්වය හා ගැටුම, පවුල් පසුබිම, සංසිද්ධිය, සංදර්භය ආදී බොහෝ ක්ෂේත‍්‍රයන් ඉතා සුළු වචන කිහිපයක් සහිත තියුණු සංවාදයක් තුළට ගොනු කරලීමට ඔහුට හැකිවී තිබේ. ‘සර්වාංග විකාර’ නිර්මාණය ආරම්භ වන්නේද, මේ හා තියුණු සංවාදයකිනි. ‘ අංග චලන බෑ .... ’ ‘ සර්වාංග විකාර බෑ ....’ ‘ ගුටි කියන ඒවා අම්ම අප්ප නෙවෙයි ...’ ඕමි අතට කුට්ටම කපලා සීසරයියා ක‍්‍රීඩාවේ ‘විනය නීති හා දඩුවම්’ තාලෙකට ටිපෝව උඩ විසුරුවලා ඇරියා.


‘ මල්ලි උඹලගෙ ටිකි ටිකිස් මෙතන හලන්න ඕන නෑ ’
‘ සෙල්ලම නම් සෙල්ලම ….’
‘ ගේම නම් ගේම’ (පිටුව.51*
මෙවන් සංවාදශීලි ආකෘතියක් බොහෝ නිර්මාණවල සාර්ථක ලෙස යොදාගැනීමට කෙටිකතාකරුවා සමත්වී තිබේ.


‘සර්වාංග විකාර’ නම් මෙම කෙටිකතා නිර්මාණයේ පාත‍්‍ර වර්ගයා මෙන්ම එහි ප‍්‍රස්තූතයට අදාළ සැබෑ අත්දැකීම් කිහිපයක් මෙම කෙටිකතාව කියවන විට සිහිපත්වීම වැළැක්විය නොහැකිය. එහෙත් ඒ වෙනුවට ‘ඩ‍්‍රැකියුලා’ චිත‍්‍රපටයේ එන සංසිද්ධියක් ගෙනහැර පානු වටියි. ඩ‍්‍රැකියුලා තරුණ කතුන්ගේ ගෙල, සිය දතින් සිදුරු කර රුධිරය උරා බොයි. ඊට ගොදුරුවන කාන්තාවන් ලිංගික සූරතාන්තය වැනි අවස්ථාවකට පත්ව (ප‍්‍රමුදිතව* මිය යයි. ඩ‍්‍රැකියුලා ලෙස රගපෑ ක‍්‍රිස්ටෝපල් ලී වරෙක ප‍්‍රසිද්ධ රැුස්වීමකට සහභාගිවූ අවස්ථාවක ඔහු වෙත පැමිණි තරුණියක, තමාගෙ රුධිරය පානය කර තමා බිලිගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියාය. මරණය හා රමණය අතර ඇති සහජාසමය බැදීම අපූරුය. සංකේතමය වශයෙන් මිය යාම ද, ජීවිතයම ඇවිදින මළ මිනී වන් පුරුෂයන්ට බිලිදීම ද ඉහත සිදුවීමද අතර එතරම් කැපී පෙනෙන වෙනසක් නැති බව පමණක් සටහන් කර තැබිය හැකිය.


මූලාරම්භයේදීම සදහන් කළ පරිදිම අකෘතිමය හරඹ පාන්නට යාමෙන් අවදානම ආශිර්වාදයක් කරගත් ලේඛකයෙකු වුවද, එකී අවදානමම අවමානයක් බවට පත්වූ අවස්ථාවක්ද මෙම කෙටිකතා සංග‍්‍රහයේම එන බැව් කිව යුතුමය. එකී අවස්ථාව නම් ‘කියවා බලා තේරුම්ගෙන අත්සන යොදනු’ නම් කෙටි කතාවේ අගට නලිනි ජාතකය අමුණා තිබීමයි.

නලිනි ජාතකය, අගට ඇමිණීමෙන් අදාළ කෙටි කතාවට ලැබෙන ආලෝකයක් නොමැති අතර ඒවා වෙන වෙනම කියවා ආශ්වාදය ලැබිය යුතු ඒකකයන් දෙකක් පමණි. අනෙක් අතට පූර්වාපර සන්ධි ගැලපීමක් බලහත්කාරයෙන් පාඨකයාට තහවුරු කරන්නට වෑයම් කළ අවස්ථාවකි. කෙටිකතා කලාවට ආවේණික යයි අපට ඒත්තු ගන්වා ඇති ඒකීය ධාරණාව වැරදි කොනකින් අල්ලා ගැනීමෙන් නූතන කෙටිකතාකරුවන්ට මෙවන් අත්වැරදීම් සිදුවන අවස්ථා බොහෝය. එඞ්ගා ඇලන්පෝ විසින් නැතෑනියෙල් හොර්තොන්ගේ කෘතියකට පෙරවදනක් ලියමින් කෙටිකතා නම් සාහිත්‍යමය ශානරය ඒකීය ධාරණාවකින් යුතු වූවක් විය යුතු බැව් පෙන්වා දුන් අයුරුත්, එය බ‍්‍රැන්ඩර් මැතිව්ස් විසින් වඩාත් තහවුරු කිරීමක් කළ අයුරුත් ගැන මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් දීර්ඝ විස්තරයක් කරමින් අවසානයේ පෙන්වාදෙන කාරණය සිහිපත් කරනු වටියි. ‘කෙටිකතා කලාවේ කලාත්මක ඵලාප්තිය පිළිබද පෝ ගේ අදහස්වල ඔහු ඒ අදහස් පළ කළ ඓතිහාසික සංදර්භය ඉක්මවන ගුණයක්ද ඇත. අප ඒ කාරණය වෙත අන්ධ විය යුතුද නැත. සාහිත්‍ය න්‍යායික සංකල්ප යම් නිශ්චිත ඓතිහාසික පසුබිමක පහළ වුවද, ඒ පහළ වූ සංදර්භය ඉක්මවීමේ ගුණයක් ඒ සෑම න්‍යායික සංකල්පයකටම ඇත.’ (කෙටිකතා කලාව-පිටුව 94*


අත්වැරදීම් වුව සිදුවන්නේ අත්හදා බැලීම් කරන්නන් අතින් පමණකි. ඉදින් ‘එක අතකින් වෙන මොනව කරන්නද?’ x

x ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර