අහිංසකයන්ගේ ආරාමය නම් මානව හිමිකම් ස්මාරකය යළි ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව අනිද්දා කළ විමසීමකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය. නානායක්කාර අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට එකඟ වුණේ අහිංසකයන්ගේ ආරාමය නැවත ඉදිකරන බව පොරොන්දු වීමෙන් පසුවය.
1989 භීෂණ සමයේදී මිලිටරි අංශ සිදු කළ ඝාතන සිහිපත් කරමින් වර්තමානයේ දියත උයන පවතින ස්ථානයේ අහිංසකයන්ගේ ආරාමය ඉදි කර තිබුණි. දියත උයන ඉදිකළ අවස්ථාවේදී එක් රැයක් ඇතුළත එය කඩා බිඳ සුණු විසුණු කළේය.■