මුස්ලිම් සංස්කෘතියේ ආදරණීයම ලක්ෂණය තමයි ඔවුන්ගේ කෑම කලාව. ඒ ගැන නම් කතා දෙකක් නැහැ. ගාලූ මුවදොරේ නානා‘ස්, කොටුවේ අබ්දුල් හමීඞ් වීදියේ වෙළඳසැල්, කොම්පඤ්ඥවීදියේ බර්ගර්‘ස් කිං, වැල්ලවත්ත දෙහිවල පැත්තේ බුරියානි කඩ වගේ මුස්ලිම් සංස්කෘතික කෑම රසය විකුණන්න තියෙන තැන් ගැන කල්පනා කරද්දී දිවත් එක්කම පපුව දැවී යන්නේ දුවගෙන ගිහින් ඒ කඬේකින් කන්න හිතාගෙනයි. අවංකවම කිව්වොත් රතු බත් කඩයක් ගැනවත්, හෙළ බොජුන් කඩයක් ගැනවත් හිතෙං මවාගත්තාට ඒ වගේ පපුවයි දිවයි දැවෙන්නෙ නෑ. අපි පිළිගන්න ඕනෑ. ඔවුන්ගේ ආහාර සංස්කෘතිය ඉස්තරම්.


වතාවක් අබ්දුල් හමීඞ් වීදියේ වෙළඳසැලක අයියා කෙනෙක් ඔන්න ඔය විදියට එක හුස්මට තමන්ගෙ කඬේ තියෙන කෑම වර්ග ලැයිස්තුව කියාගෙන ගිය හැටි මතකයේ ලියැවිලා තියෙන්නේ සුන්දරම රැුප් ගීයක් ඇහුවා වගෙයි. ඒක මතකයේ රැුව්දෙන්නේ තනුවකුත් එක්කයි.


‘බුරියානි, ඩබ් බුරියානි, ස්ට‍්‍රයිගර්, සිංගර් ප්ලස් බුරියානි, බීෆ්, මැකරෝනි, ඉඳියාප්ප කොත්තු, රොටී කොත්තු, මැකරෝනි, පිට්ටු කොත්තු, ඩොල්ෆින්, මට්න් බුරියානි, නූඞ්ල්ස්, ෆ‍්‍රයිඕ රයිස්, මට්න් කරි, මටන් බාබත්, මටන් ඩෙවල්, කරි චිකන්, මසාලා චිකන්, චිලි චිකන්, බාබකියු චිකන්, ඩෙවල් චිකන්, තන්දුරි චිකන්, කටල් ෆිෂ්, එග්. ප‍්‍රවුන්ස්, මාලූ, මාලූ බිත්තර, මාලූ ඔලූ, බැදපු මාලූ, මටන් බ්‍රේන් කරි, කටල්ෆිෂ් එග්, ඔය ඔක්කොම මෙතැන තියෙනවා.‘ ඒ අයියා කිව්වේ එහෙමයි.


‘මුස්ලිම්වරු කෑමවලට වඳපෙති දානවා‘ වගේ පතරංග බොරු කොච්චර සමාජගත කළත් හොඳ බුරියානියක් දැක්කාම ඕනෑ අයියා කෙනෙකුගේ දිව නටන්න ගන්නවා. අවංකවම මුස්ලිම්වරුන්ව නැතිභංග කරන්න ඕනෑය කියන හැමෝම බුරියානි කෑම නවත්වන්න ඕනෑ කියලා නීතියක් දැම්මොත් ලංකාවෙන් මුස්ලිම් විරෝධී ජාතිවාදය නැතිවේවි.


මුස්ලිම් ආහාර සංස්කෘතිය මෙච්චර ලස්සන වෙන්න හේතුව විදියට හැෙඟන්නේ ඔවුන් බයනැතිව අපි මාංශභක්ෂකයන් බව පිළිගැනීම. මනුෂ්‍ය වර්ගයා රංචු විදියට බල්ලොත් එක්ක එකතුවෙලා රංචු ගැහිලා දඩයම් කරලා මස් පුච්චලා කාපු ජාතියක්. ඉතින්, ඒක කෙළින්ම පිළිඅරගෙන හොඳට මස්මාංශ කන එක නියම ආහාර සංස්කෘතියක්. ඒ වෙනුවට ගහකොළ, පලවැල විතරක් කමු කියලා යෝජනා කිරීම වස කම්මැලි ආහාර සංස්කෘතියක්. අපේ හෙළබොජුන්කාරයන්ටත් වෙලා තියෙන්නේ ඒක.

හෙළබොජුන් කඬේකට ගියොත් කරවල කෑල්ලක්වත් නෑ. මුතුන් මිත්තන් කෑවේ මොනවද කියලාවත් හෙළබොජුන්කාරයන් දන්නේ නැහැ.
හරි, අපේ කතාව යන්නේ අරාබියට. ලංකාවේ අය මුස්ලිම් අයව අපේ කරගන්න කැමති නැතත්, බුරියානි අපේ කරගෙන හමාරයිනේ. ඒත් ලංකාවේ අය නිතරම එදිනෙදා කන්නේ නැති අරාබියානු කෑම වර්ගයක් තමයි ශවර්මා කියන්නේ.


කෙනෙක් කියාවි ශවර්මා ඕනෑ තරම් දැකලා තියෙන විත්තිය. ලංකාවේ පේස්ට‍්‍රි කඩවලින් කාලා තියෙන විත්තිය. මොකද සමහර කඩවල රොටියක් මැද්දට සලාද කොලයක් තියලා, ඒක මැද්දට කරියක් දාලා රොටිය ඔතලා ‘ශවර්මා‘ කියන නමින් විකුණනවා. ඒවාට ශවර්මා කියලා නම දැම්මාට ඒ ඔරිජිනල් කෑම නෙවෙයි. ලංකාවේදී නම තවමත් හොඳ ශවර්මා එකක් කන්න ලැබිලා නැති විත්තිය අරාබියේදී වතාවක් හරි ශවර්මා කාපු කෙනෙක් කියන කතාවක්. අරාබියේ කාලයක් හිටපු මාත් කියන්නේ ඒක තමයි. ගැහැණුන්ට සංස්කෘතික සීමා කෝටියක් තියෙන සවුදි අරාබියේ මා ජීවත්වුණ කාලය මහා සුන්දර, නිදහස්, අපූරු කාලයක් නෙවෙයි. ඒත් ලෝකයේ විවිධ රටවල්වලින් ආපු මිත‍්‍රයන්ව ආශ‍්‍රය කරන්න ලැබීමට අමතරව සවුදි ජීවිතෙන් ලැබුණ තවත් සුන්දර මතකයක් තමයි ශවර්මා කියන්නේ.


අපි කලින් කීව කුකුල් මස් හරි වෙනත් කරියක් හරි රොටියකින් එතුවාම ශවර්මා බිහිවෙන්නෙ නෑ. ශවර්මා හදන්නේ කුබූස් රොටියෙන්. කුබූස් ගැන අහලා ඇති. පිටා රොටී කියලාත් කියනවා. සුපර්මාකට් වලත් පැකට් කරලා වේලිලා ගිහින් දැක්කාම කන්න නොහිතෙන විදියට කුබූස් රොටී විකුණන්න තියෙනවා.


ශවර්මා හඳන්න අපිට ඕනෑම මසක් පාවිච්චි කරන්න පුලූවන්. ලංකාවේ අපට කුකුල්මස් දාපු ශවර්මා දිරවන්න ලේසියි. අරාබියේදී නම් කුකුළු මස් වලට අමතරව බැටළු මසුත් ශවර්මා මැද්දට දානවා. අරාබියෙන් කුකුල් මස් වලට කියන්නේ දිජාජ් කියලා. බැටළු මස් වලට කියන්නේ ලැහැම් ඝනම් කියලා.
කුබූස් රොටියේ මයෝනීස් හෝ සෝස් ගෑවිලා ඉන්නවා. ඒ හැරුණාම තහීනි ( තල ඇට අඹරා හදාගත් උකු පල්පයක්* සහ මුදවපු කිරි (යෝගට්* එක්ක කලවම් කළ සුදුළුනු මිශ‍්‍රණයකුත් රොටිය මැද ඉන්නවා. ඊට මැද්දේ හැංගිලා ඉන්නේ කුඩා තීරුවලට කපපු පිකල්ස්. ඊට අමතරව කැරට්, රාබු, ගෝවා පුංචි තීරු සීරුවට ඉන්නවා.එළවළු කල් තබා ගන්න ලූණු වතුර දාලා බෝතල් කරපු ඒවා.ග‍්‍රිල් කරපු මස් එක්ක එළවළු හැපෙන කොට වචනයෙන් යාන්තම් ලූණු රසකුත් ශවර්මා එකට එකතු වෙනවා.


ඒ අතරට දිගට කපා බැඳ ගත්ත අල තීරූ කිහිපයකුත් ශවර්මා එක මැදට වැටෙනවා.අන්තිමට මේ හැමදෙයක්ම වැටුණ රොටිය හෙමින් සීරුවේ ඔතාගෙන ඔයිල් පේපර් එකකින් හරි ඇලූමිනියම් ෆොයිල් කවරයකින් ඔතා ගන්නවා.


ඒ සියල්ලට මැදින් රජවරු වගේ ඉන්නේ මස්. ග‍්‍රිල් වෙලා සැදී පැහැදී දිළිසි දිළිසී ඉන්න මස් කෑලි අපට ආරාධනා කරන්නේ ඉක්මනින් මාව කන්න කියලයි.
කලින් කීවා වගේ ශවර්මා කන්න හොඳම තැන තමයි අරාබිය. අරාබියේ අවන්හල්. තුර්කිය, සෞදි අරාබිය, කටාර්, ඩුබායි වගේ අරාබි රටවල් වල හොඳම වර්ගයේ ශවර්මා කඩ තියෙනවා. ඇමෙරිකානු සංස්කෘතියට ටාකෝස් කියන මෙක්සිකන් කෑම වර්ගය වගේ තමයි අරාබි සංස්කෘතියට ශවර්මා කියන්නේ.

අරාබියේ කෑම ගැන තවත් වැදගත් කතාවක් කියන්න ඕනෑ. ඇමෙරිකාව වගේ රටවල් සංස්කෘතියක හා දේශපාලනික විවෘතභාවයක් තියෙන රටවල්. ඒවා සංක‍්‍රමණිකයන්ට විවෘත රටවල්. ඒ රටවල්වල ලෝකයේ විවිධ තැන්වලින් ඇවිල්ලා පදිංචිවුණ ඇමෙරිකානුවන් ඉන්නවා. අරාබියට ඒ වගේ පදිංචියට ආපු අය නැහැ. ඒත් රැුකියා කරන්නට බොහෝ රටවලින් අරාබි රටවල්වලට ශ‍්‍රමිකයන් එනවා. අදටත් මා සමඟ කතාකරන හොඳම මිතුරියක් තමයි රෝස් කියන්නේ. ඈ වගේම විවිධ රටවලින් ආ ශ‍්‍රමිකයන් අරාබියේ ඉන්නවා. ඒ නිසාම අරාබිය කෑම සංස්කෘතිය අතින් ඇමෙරිකාව වගේම විවෘතයි. සමහර රටවල ඌරුමස් නැති බව ඇත්ත. ඒත් ලෝකයේ හැම සංස්කෘතියකම හුරුවට හැදුණු කෑම අරාබි රටවල තියෙනවා.


තුනපහ දාලා ඉන්දියන් හරි ලංකාවේ හරි කෑමක් කන්න ඕනෑ කෙනෙකුට ඒ නිදහසත් අරාබියේ තියෙන බව අතුරු කාරණයක් විදියට කියන්න ඕනෑ. ලෝකයේ මොන රටෙන් ආ ආහාර වර්ගය තිබුණත් අරාබියේදී වැජබෙන්නේ අරාබි සංස්කෘතියේ ආහාර වර්ග තමයි. ඒ අරාබි සංස්කෘතිය ඇතුලෙන් රාජකීයත්වයට එන්නේ ශවර්මා. අරාබි වීදියක ඇවිද්ද කෙනෙකුට ශවර්මා කඬේකින් නොකෑවොත් අපරාධයක් යැයි හැෙඟ්වි.


එහෙත් සිකුරාදා දවසක හරි හවස් වරුවක හරි ශවර්මා කන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ශවර්මා විකුණන තැනකට ගිහින් පැයක්වත් පෝලිමේ ඉන්න වෙනවා. ඒත් පොලිමේ ඉඳලා වුණත් ශවර්මා කාපු අත්දැකීම් ඕනෑතරම්.


ශවර්මා හදන්න අරගන්න මස් පුළුස්සන්න විදුලි / ගෑස් උදුන් සහ ඒවා ඉස්සරහ කෝණාකාර ලෙස කැරකෙන කූරක අහුරපු මස් රඳවලා තියෙනවා.ඒ කෝණාකාර මස් රඳවනය රවුමට කැරෙකෙන ගමන් දෙපැත්තෙන් ග‍්‍රිල් වෙනවා. ශවර්මා එකක් හදන හැම වාරයකදීම අවහන්හලේ ශවර්මා හදලා දෙන පුද්ගලයා දිග පිහියකින් උඩ ඉදන් යටට ග‍්‍රිල් වුණ මස් කැබැලි කපලා ගන්නවා. මේ කෝණාකාර මස් රඳවනය ශවර්මා අවහන්හල් ඉදිරිපිට දකින්න ලැබෙන නිසා අපිට ඕනෑනම් බලන්නත් පුළුවන් මස් කපා ගන්නා විදිය. ලංකාවේ කෑම කඩවල් වලට ගිහින් අපි කොත්තු හදනවා බලන් ඉන්නවා වගේ.
අරාබියේ ශවර්මා කඬේකට ගියොත්, අවහන්හලේ නම කියවගන්න බැරි වුණත් සුවඳින් ශවර්මා අඳුනගන්න පුලූවන් වේවි. මොකක් හෝ හේතුවකට සුවඳ නොදැනුණත්, කෑම රාජධානියේ රාජකීයත්වය දරණ කෑම අඳුනගන්න ඕනෑතරම් සංකේත තියේවි. ලංකාවට ආපු කෙනෙක්ට කොත්තු හඳුනාගන්න අමුතු හැඳින්වීම් ඕනෑ නැහැනේ. අරාබි භාෂාව දන්නේ නැති වුණත්, ඔබට කරන්න තියෙන්නේ රියාල් දහයක් හෝ විස්සක් කවුන්ටරයට දීලාි‘අතීනී වාහෙත් දීජාජ් ශවර්මා” (මට කුකුල් මස් ශවර්මා එකක් දෙන්න * කියන අරාබි වචන ටික කියන එක විතරයි.x