ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස අගමැති අපේක්ෂකයා බවට කරමින් රනිල් වික‍්‍රමසිංහ එම තරගයට එනු ඇතැයි එම පක්ෂයේ මන්ත‍්‍රීවරු බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මාර්තු 25 වැනි දින සාදයක් අරලියගහ මැදුරේ පැවැත්වුණු අතර එහිදී වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව සැකසූ කෙටි වාර්තා චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කර ඇත. එය නැරඹූ එජාප ඇමතිවරයෙකු ප‍්‍රකාශ කළේ එම වාර්තා චිත‍්‍රපටය මගින් තමන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව රනිල් වික‍්‍රමසිංහ මහතා නොකියා කියූ බවය. එම වාර්තා චිත‍්‍රපටය මගින් රනිල් වික‍්‍රමසිංහගේ අතීත දේශපාලනය මෙන්ම අනාගත දේශපාලනය පිළිබඳ ඉඟිද පෙන්නූ බව ඔහු ප‍්‍රකාශ කරයි. මෙම සාදයට එජාප පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට අමතරව, හිටපු  ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ද්‍රවිඩ සන්ධානයයේ මන්ත‍්‍රීවරුන්, විජිතමුණි සොයිසා සහ ඒඑච්එම් පවුසි ප‍්‍රමුඛ ශ‍්‍රීලනීපයේ සිට එජාපෙ පාර්ශවයට එකතුවූ මන්ත‍්‍රීවරුන් පිරිසක්ද සහභාගීවී ඇත. x