පසුගිය සතියෙන්

අනගාරික ධර්මපාලට මිතුරන් සිටියේ අතලොස්සකි. එහෙත් සතුරෝ නම් ඕනෑතරම් සිටියෝය. උපන්බිම අතහැර විවාසිතව කල්කටාවේ දවස ගෙවන්නට සිදුවූයේ මේ සතුරන් නිසාය. මේරි රොබින්සන් ෆොස්ටර්ගේ බූදලයෙන් ධර්මපාලට වෙන් කර තිබූ කොටස ඔහුට අහිමි කරවන්නටත් මේ සතුරෝ මාන බැලූහ. ෆොස්ටර් බූදලයේ බාරකාරයා ලෙස කටයුතු කළ තැනැත්තා ආණ්ඩුකාරයාගේ ලේකම්ට මෙසේ ලීවේය:


පවතින තත්ත්වය ගැන එන්ගලන්තයේ සිටින මගේ මිතුරෙකු සමග වාර ගණනාවක්ම සාකච්ඡුා කොට ඇත්තෙමි. ශ‍්‍රී ලංකාවේ සිවිල් සේවයේ නිරතව සිටි ඇලෙක්සැන්ඩර් නම් මහතෙක් මගේ මිතුරාට මතු සඳහන් තොරතුරු සපයා තිබේ. ධර්මපාල, ෆොස්ටර් හිතූ තාලේ පුද්ගලයෙකු නොවේ. ධර්මපාල තම පරිහරණය සඳහා ෆොස්ටර් මහත්මියගෙන් ලැබුණු මුදල් හිතුමනාපෙට වියදම් කරයි. නමුත් ඒ මුදල් ඔහුට ලැබී තිබෙන්නේ ඔහු සම්බන්ධ වී සිටින ආයතන වැඩිදියුණුකිරීම සඳහාය.

14
මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අනගාරික ධර්මපාල වෙත එල්ල කර තිබෙන චෝදනාව, එනම් ‘කිිසිම විදියකින් විශ්වාස කරන්නට බැරි පුද්ගලයෙක්ය’ යන චෝදනාව, ඇත්තෙන්ම පදනම් විරහිත හා ආරංචිමාත‍්‍රය ගුරුකොටගත් කතාවකි. ධර්මපාල සමග තරගවැදී සිටි වෙනත් කාරකාදීහු සහ දේහයෝ 1930 වසරේ අවසාන භාගයේදී ධර්මපාලට මේ සා අරමුදලක් ලැබීම ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවූහ. සදාතන බෞද්ධ කුලාගම නම් සංවිධානය නියෝජනය කළ සී කේ රත්වත්තේ සහ සාරා සී සොයිසා යන දෙදෙනා බෞද්ධ බාලිකා පාසැලක් ගොඩනැගීම සඳහා ආධාර කරන්නැ’යි ෆොස්ටර් මහත්මියට ආයාචනා කළහ. එහෙත්, ඒ වනවිට ඇය මිය ගොස් සිටියාය. අනගාරික ධර්මපාල විදේශවල සංචාරය කරද්දීත්, ඔහුගේ අන්තිම කාලය කල්කටාවේ ගතකරද්දීත්, ඉංගී‍්‍රසි ආණ්ඩුව ඔහු දෙස ඇස ගසාගෙන සිටියේය. පොලීසිය විසින් ඔහුගේ ‘පිළිකුල්සහගත පුද්ගලික හැසිරීම’ ගැන කියමින් සැපයූ වාර්තා අතින් පයින් කරුණු ඇතුළත් කොට විකෘත කොට සැකසූ ඒවා හැටියට හඳුන්වත හැකිය. ‘ඔහුව සැකකරන්නේ කරුණු නැතුව නිරපරාදේ නොවේ. මහණ වී සිටින ඔහු සිය ශාසනයට ද නිගාදෙන පරිද්දෙන්, පිරිමි ළමයින් යොදවාගෙන සිය ලිංගික ආශාවන් සපුරා ගනී.’15 කෙසේවෙතත්, අනගාරික ධර්මපාලව අන්තරාවලෝකනයට භාජනය කළවිට ඔහු සිය සමලිංගික කාමාශාවන් සගවා ලූ කෙනෙකු හැටියට හඳුන්වාදෙන්නට බැරිය. එහෙත් ඔහුගේ ගුණ කීර්තනයේ යෙදෙන නූතන ධර්මපාල අනුකාරකයින් නම් ඒ කාරණා සගවන්නට නොගන්නා වෙහෙසක් නැත.16 ඇත්තෙන්ම මේ සමලිංගික ප‍්‍රවණතාවය බාගවිට ඔහු මුල්කාලවලදී ඇසුරු කළ සමහර ‘පරමවිඥානාර්ථවාදීන්’ ගෙන් ඔහුට බෝවූ දෙයක් වන්නටත් පිලිවන.

පෙර දවස 1889 දී ඔහු පරමවිඥානාර්ථවාදියෙකු වූ සී. ඩබ්. ලෙඞ්බීටර් සමග එකතු වී කොළඹ, පිටකොටුවේ, මැලිබන් වීදියේ, අංක 11 දරණ තැන නැවතී සිටිද්දී ඇතිවූ ‘කලබැගෑනිය’ ගැන සිය දිනපොතේ සටහනක් තබයි. ‘ඔහු ජිනරාජදාසව බලෙන් පැහැරගෙන ඇවිත් කාමරය තුළ සගවා තැබුවා. ජිනරාජදාසගේ පියා පතුරම් පිරැුවූ පිස්තෝලයකුත් අරගෙන උඩුමහලට කඩාපැන්නේ ලෙඞ්බීටර්ට වෙඩි තබන්නටයි. මම් මැදිහත්වෙලා බුද්ධිමත්ව සාකච්ඡුා කොට ඔහුගේ ප‍්‍රචණ්ඩගතිය පහකර දැම්මා. එදා මම් සී. ඩබ්. ලෙඞ්බීටර්ගේ ජීවිතය බේරුවා.’17 සිය ඇතුලාන්තය මැනවින් විදහා පෙන්වන ධර්මපාලගේ දිනපොත් පොලීසිය අතට පත්වූ විට ‘ඔහුගේ ස්වාභාවික නොවන ගතිපැවතුම්’ ගැන විමර්ෂණය කිරීමට පොලීසියට අවස්ථාව ලැබිණ. ලෙඞ්බීටර් ‘මදුරාසියේ සිටිද්දීත් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ පෑ විත්තිය’ පොලිසිය සොයාගත් බවත් ඒ අවස්ථාවේදී ලෙඞ්බීටර් බැලීමට බෞද්ධ භික්‍ෂූන් ද ගිය බවත් හෙලිදරව් විය.18 අනගාරික ධර්මපාල සිය දිනපොතේදී මෙසේ පාපොච්චාරණය කරයි: ‘1908 අවුරුද්දේ සිට මා ගත කළේ අනේකාකාර ජීවිතයක්. මම් 1907 ජනවාරි මාසයේ පටන් නරනාත් සමග ජීවත්වන්නට පටන් ගත්තා. එදා පටන් මගේ ජීවිතය කිඵටුයි.’19 බෙංගාලයේ බෞද්ධ පවුල් කීපයක්ම වාසය කළහ. ඔවුන් අතරින් ප‍්‍රමුඛ වූයේ බරුවා සහ මුඛර්ජි පවුල්ය. නරනාත් හෙවත් නරේශ් කුමාර් බුද්ධිමත් තරුණයෙකු වශයෙන් කැපී පෙණුනු අයෙකි. පසුව ඔහු කල්කටාවේ පුරපති තනතුරට ද පත් විය. අනගාරික ධර්මපාල ඔහු කෙරේ ආශාවෙන් මත්වී සිටි බව පැහැදිලිය. තරුණයා ඔහුව දකින්නට නොපැමිණි දවස්වල ධර්මපාල ශෝකභරිතව මන්දෝත්සාහිව කල් යැව්වේය. ‘ආදරණීය නරේශ්’ ගේ සාදර පැමිණීම ගැන දිනපොතේ මෙසේ සටහන් ගණනාවක් තබා තිබෙන බව පෙනේ. ‘නරේශ් අද මාව බලන්න පැමිණියේ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි.’20 නරේශ් විවාහ වූ විට අනගාරික ධර්මපාලට එය දරාගත නොහැකි තරමේ මානසික අර්බුදයක් බවට පත්විය. බිරිතනීන් විසින් අනගාරික ධර්මපාලට පමුණුවන ලද හිරිහැර ගැහැට අසාමාන්‍ය අපූර්ව ඒවා බව කිව යුතුය. 1915 කැරළි කෝලාහලවලට ඔහු සහභාගීවූ බවට තිබුණේ දුර්වල සාක්‍ෂි කීපයක් පමණි. විදේශීය විප්ලවවාදීන් සමග සම්බන්ධකම් පැවත්වූයේය

යන චෝදනාව ද ඒ හා සමාන විය. හැබැයි, ඔහු බිරිතනි පාලනය නිර්භය ලෙස ඉඳුරා ප‍්‍රතික්‍ෂේප කළේය: සූරාකෑම හැරෙන්නට අවුරුදු සිය ගණනක් තිස්සේ ජනයා වෙනුවෙන් කළ අන් කිසිදු යහපතක් නැත. ඔවුහු අබිං කෑම හඳුන්වා දුන්හ, මද්‍යපානය හඳුන්වා දුන්හ. ජනයාගේ සදාචාර ඇගැයුම් විනාශ කළහ. මහ පාරවල් රේල් පාරවල් හැදුවේ බිරිතනි වතුකාරයින්ගේ යහපතටය. ඔවුහු ජනයා සතු ඉඩකඩම් උදුරාගත්හ, එසේ කොට ඔවුන්ගේ කර්මාන්තය හා ගොවිතැන විනාශ කළහ. ජනයාව වහලූන් බවට පත් කළහ. අද ඒ ජනයා හාමතේ දවස ගතකරමින් සිටිති. සිංහලයන් කීපදෙනෙක් පමණක් මත්පැන් විකිණීමෙන් සල්ලි බාගේ මිට මෙළවාගෙන සිටිති.21 කිසිදු ජාතියකට නිදහසේ ජීවත්වන්නට බැරිනම් ඒ ජාතියට ශ්‍රේෂ්ඨ ජාතියක් වන්නට බැරි බව ඔහු කියා සිටියේ ස්වෛරීභාවය අත්පත් කරගත් රටවල් උදාහරණයට ගනිමින්ය. ‘වහලූන් හමුවේ කිසිදු ආර්ථික හෝ සමාජ හෝ ප‍්‍රගතිය ඇත්තක් බවට පත්වන්නේ නැත.’22 රටේ නිෂ්පාදනය කරන දේවල් සහ පිටරටින් ගෙන්වන දේවල් වෙනුවට තම රටේ දේවල් ආදේශ කරගැනීම අත්‍යවශ්‍යය. එයාකාරයෙන් දේශපාලන නිදහස අත්පත් කරගතයුතු බවට එකහෙළා දේශනා කරද්දී ස්වදේශ පාලනයක් පිිහිටුවා ගැනීම සඳහා ප‍්‍රචණ්ඩ හෝ නිර්ප‍්‍රචණ්ඩ හෝ වැඩපිළිවෙලක් ගැන ඔහු දේශනා කළේ නැත. ඔහු රාජ්‍යයට හමුදා විනයක් තිබීම අත්‍යවශ්‍ය යැයි කීවේය.

ථිනමිද්ධය හෙවත් උදාසීන කම්මැළිකම බෝවන්නේ එවැනි හමුදා විනයක් නැති විටකදී බව ඔහු කියා සිටියේය. ‘මිලිටරි විනයක් නැති ජාතිය මළ ජාතියකැ’යි ඔහු ලියා තැබුවේය.23 ඉදින්, එවැනි හේවා පන්නයක් සංවිධානය කරගන්නේ කෙසේදැ’යි යන කාරණය හමුවේ ඔහු මුණිවත රැුක්කේය. එහෙත්, බිරිතනීන්ට ඔහු අවකැපෙන කටෝර ප‍්‍රහාර එල්ල කරන අවස්ථාවලදී එවැනි සංකේතාත්මක විරෝධතාවන් ගැන සඳහන් කළේය: නීතියට ගරු කරන්නේ නැති පරසුද්දන් දුටුවාම උඹලා උන්ට තඩි බාපල්ලා. හැම ගේ මිදුලකම කෙහෙල් කඳන්වලින් පරසුද්දෙකුගේ පඹයෙක් හදලා, කලිසමක් ඌට අන්දවලා, උඹලාගේ ළමයි ඉස්සරහපිටදී ඌට තඩි බාපල්ලා. එවිට උඹලාගේ ළමයි ලොකුමහත් වුනාම පරසුද්දන්ට උනුත් තඩි බාවි.’24 ඉන්දියාවේ කල්කටාවේ ජීවත්වෙද්දී ලංකාවේ ඉංගී‍්‍රසි ආණ්ඩුකාර තැනට ධර්මපාල ලියූ ලිපිවලින් හෙලිදරව් වන්නේ එහිදී ඔහු ගත කළ එම ජීවිතය තුළ ගැබ්වූ කායික හා මානසික වශයෙන් ඔහු වින්ද වේදනා හා තැවුල්ය. ඒ වාගේම, ඔහු පිටරටවල සිටිද්දී ඔහු ගැන බිරිතනි ඔත්තු සේවා සොයා බැලූ විත්තිය ද රහසක් නොවේ. වොෂින්ටනයේ තිබූ බිරිතනි තානාපති කාර්යාලයට ඔහුගේ අමෙරිකා ගමන ගැන දැනුම් දෙන ලදුව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඩබ්. ආර්. කාස්ල් විසින් සැපයූ වාර්තාවක මෙසේ සඳහන් කොට තිබේ: ‘ඔහු තම දහවල් කෑම සහ තේ සප්පායම් වන්නේ කිරා මහතාගේ ආපන ශාලාවෙන්ය. එවිට ඔහුට සහාය පළකරන ඔහුව අගේ කරන පිරිස් එතැනට රොක් වන්නාහ.’25 මෙයාකාරයෙන්, ඔවුන් සම්බන්ධයෙන් බලාධිකාරීන් අනුගමනය කරන අනුන් කුලප්පු කිරීමේ ආන්දෝලනාත්මක කථාවලට, බිරිතනි නිලධර තන්ත‍්‍රයේ වර්ණනා හොරණෑව තුළ සිරකාරියක වී සිටින ඈන් බෙසන්ට් නෝනා උදාහරණයට ගනිමින්, ධර්මපාල එකී ආන්දෝලනාත්මක කථාවලට පිළිතුරු දුන්නේය. ඔහු තමාව අපකීර්තියට පත්කරවන කිසිදු ක‍්‍රියාවක නොයෙදී පූර්ණ නිශ්ශබ්දතාවයක් රැුක්කේය. හුදෙක් රුපියල් සිය ගණනක් වියදම් කිරීමෙන් තමා වෙනුුවෙන් ඉන්දීය පුවත්පත් තුළ ආන්දෝලනයක් පවත්වාගෙන යන්නට ඔහුට ඕනෑතරම් පුඵවන්කම තිබිණ.


බිරිතනීන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය මොට්ට එකක් බව කොයිකවුරුත් දන්නා කාරණාවකි. ඔවුන් දන්නේ දිගින් දිගටම ආන්දෝලනාත්මක කථා කියමින් අනුන් කුලප්පු කරවන්නටය. එංගලන්තය පුරාවටම ඔවුන් අනුගමනය කරන බිරිතනි ක‍්‍රමය ද එයයි.26
එහෙත් ඔහු සත්‍යයේ බලය ගැන, ආණ්ඩුකාර තැනගේ සම්මා සතිය හෙවත් හොඳ සිිහිය ගැන විශ්වාසය තැබුවේය.


1915 ට පෙරාතුව ලියන ලද ලිපි පදනම් කරගනිමින් තමාට දඩුවම් පමුණුවා තිබීම අයුක්තිසහගත යැයි ඔහු තර්ක කළේය. බිරිතනීන් නොවන අනෙකුත් උදවියගේ දුක්වේදනා නොතේරුම්ගන්නා තරමටම බිරිතනි ගතිසොබාව දරුණුද? මේ තරම් කෲර ලෙස මට සලකන්නට තරම් මා ඔවුනට කළ වරද කුමක්ද?27 1915 අවුරුද්දේ මාස ගණනාවක්ම ඉතා කිට්ටුවෙන් මා ගැන ඔත්තුකරුවන් ඔත්තු බැලූ නිසා මම් ගෙදර ආලින්දයටවත් නොගොස් කාමරයට ම වැදී දොරවසාගෙන සිටියෙමි.28 අවුරුදු දෙකයි හාරමාසයකට පසුව මෙයාකාරයෙන් ජීවත්වීම නිසා ශරීර සෞඛ්‍යය පිරිහි ධර්මපාල සැබෑ ලෙසම රෝගියෙකු බවට පත් විය.29 තමා ඇති කරනවා යැයි කියන බලපෑම පිලිබඳව ඔවුන් දරණ තක්සේරුවේ අමනකම ගැන ධර්මපාල 1917 දී ආණ්ඩුකාර තැනට මෙසේ ලියා යැවුවේය: කරුණාභරිත ශ‍්‍රීමතාණෙනි, විශ්වාසයෙන් යුතුව ලියා දන්වන වගනම්, මිලියන 400 ජනතාවකගේ කැමැත්ත මත වැජඹෙන, හිරු කිසිදා නොබසින, යෝධබල බිරිතනි අධිරාජ්‍යයට කුමනාකරයේ හෝ තුවාලයක් කිරීමට මට පුඵවන්කමක් ඇත්තේ නැත.

30
ඊළග අවුරුද්දේ ඔහු විමසා සිටියේ කැරළි කෝලාහලවලට පටලවා තිබූ අනෙකුත් උදවිය නිදහස් කොට යවා තිබෙද්දී ඔහුට පමණක් තවම නිදහස ලබා දී නැත්තේ ඇයි ද කියාය. ‘මට ඇත්තෙන්ම නිදහසක් නැද්ද?...... මට විප්ලවයක් කිරීමට පුඵවන්කමක් තිබෙනවා කියා ඔබ තවමත් විශ්වාස කරනවාද?31 අනගාරිකගේ පැත්තෙන් ගත්කල, බිරිතනීන් විෂයෙහි ඔහුට තිබුණේ් තල දෙකක මනස ක‍්‍රියාත්මක වන කුතුහලකාරි මනෝ දෙබිඩියාවකි. ඔහු තම සිංහල පුවත්පතෙන් යටත්විජිත පාලකයන්ට දිගට හරහට පහර දෙමින් ස්වදේශ පාලනය අගය කරන අතරේ ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයාට ලියන ලියුම්වලදී ඉංගී‍්‍රසි පාලනයට තමා දක්වන පූර්ණ අනුකූලතාවය මනාව ප‍්‍රදර්ශනය කළේය. එහිදී ඔහු ප‍්‍රදර්ශනය කළේ කුහකකම නොවේ, ඔහු අනුගමනය කළේ වංචක ධර්මයක් නොවේ. බලධාරීන් ඉදිරියේ තමාට එරෙහිව තම සතුරන් නොයෙකුත් ආකාරයෙන් රාජ්‍යද්‍රෝහී චෝදනා නගා ඒවා ප‍්‍රචාරය කරන බව ඔහු දැන සිටියේය. ‘සිංහල බෞද්ධයා බොරැුක්කෙන්ම බි‍්‍රතාන්‍ය පාලනයට පක්‍ෂපාතය. බිරිතනි පාලකයන් දිවයින අතැර දමා යනු ඇතැ’යි අප හීනෙන්වත් සිතන්නේ නැත. නමුත් අප ප‍්‍රාර්ථනා කරන්නේ ඓතිහාසික සිංහල වර්ගයාව බිරිතනීන් හොඳහැටි රැුකබලාගනීවී කියාය.’32 ධර්මපාල මෙයාකාරයෙන් සිතන්නට ආරම්භක ජවය ලබාගන්නේ, ‘බෞද්ධ ශිෂ්ටාචාරය ආත්මකේන්ද්‍රීය එකක් නොවේ, නමුත් යුරෝපීය ශිෂ්ටාචාරය පුද්ගල කේන්ද්‍රීය එකකි,’ යන න්‍යායික ස්ථාවරයෙනි.33 ඔහු ඉංගී‍්‍රසි ආණ්ඩුකාර තැනට මෙසේ ආයාචනා කරයි: ‘උතුමාණෙනි, මට අවස්ථාවක් දෙන්න. සත්පුරුෂ පංචම ජෝජ් රජ්ජුරුවන්ට මතුළ තිබෙන බලවත් පක්‍ෂපාතකම අගේට පෙන්වන්නම්.’34 උතුමාණන් ලෙඩගානේ වැටී සිටින විත්තිය ආරංචි වූ විට උතුමාණන් වෙනුවෙන් කල්කටාවේ පන්සලේ දිගාසිරි පූජාවක් පවත්වන්නටත් ධර්මපාල සැලසුම් කළේය.

35 දහවලේ විවේක සුවයෙන් ඇල වී සිටිද්දී මම් හීනෙන් දුටුවා පරලෝ සැපත් එඞ්වඞ් රජ්ජුරුවෝ සමග මම හවස තේ බොමින් සාමිචියේ යෙදී සිටිනවා. එතුමාණෝ චෝදනා කළා මණ්ඩපය හොඳට ගොඩනගා නැති විත්තිය. මම් පොරොන්දු වුනා එතුමාගේ පුත‍්‍රයා ඉන්දියාවේ සංචාරයට පැමිණෙන විට මහ පිට්ටනිය මැද අලංකාර මණ්ඩපයක් තනන බවට.36 මේ කුඩා ලිිපියේ පරමාර්ථය අනගාරික ධර්මපාල චරිතය පුරාවට විසිරී තිබෙන, ඔහුගේ යටත්විජිත විරෝධය/‘විදේශීය සුද්දන්’කෙරෙහි ඔහු තුළ පැවති ආකර්ෂණය/ඔහුගේ තාපස ව‍්‍රතය/ඔහුගේ රාගික ආශාවන් ආදිය කේන්ද්‍රකොටගෙන පැන නැගී තිබෙන, ප‍්‍රතිවිරෝධතා සමනය කිරීම නොවේ. අනගාරික ධර්මපාල හෙවත් පැවිදි සිරි දේවමිත්ත සිය මරණයට තුන්අවුරද්දකට පෙරාතුව 1930දී උපසම්පදාව ලබද්දී කියා සිටියේ, ‘මෙලොවදී පරිපූර්ණ සුවිශුද්ධ ජීවිතයක් ගත කිරීමෙන්, මෙලොවදී පරිපූර්ණ සවිඥානකත්වයක් රැුකගැනීමෙන් අනන්ත වූ සන්තුෂ්ටිය උදාකරගත හැකි බව බුුදුන්වහන්සේ දේශනා කළහ’ යනුවෙනි.37 එසේ කියද්දී ඔහු මෙලොව යනුවෙන් අවධාරණය කළේ ‘එදිනෙදා ගතකරන ජීවිතය’ යන්නයි. ධර්මපාල වූකලි ලෞකික තාපසවාදයේ චෛතසික විසින් පේ‍්‍රරණය වූ මුල්කාලීන කැල්වින්වාදී ප‍්‍රතිසංස්කාරකයින්ගේ නූතන සමකාර්යධරයෙකු හා ප‍්‍රතිරූපකයෙකු හැටියට යෝජනා වී තිබේ.38 ධර්මපාල ප‍්‍රායෝගික දේශපාලනයෙන් වැළකුනා පමණක් නොව ලංකා ජාතික කොන්ග‍්‍රසය සමග හාදකම් පැවැත්වූයේ ද නැත. ඒ කෙසේවෙතත්, කල්ගතවත්ම ඔහු මහා දරුණු මායාහරණයකට ද භාජනය විය.

‘අද දවසේ බුද්ධාගමට මිතුරන් නැත. හැමෝම වස්තු සම්පත් හා රතිය හඹා දුවයති.’39 ‘බයස්කෝප් ජනයා’ ඇතුඵව හැමෝම ඒ පස්්සේ දුව යති.40 එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක අනගාරික ධර්මපාලගේ අධිකාරී බලය හා වගකීම උරුමකරගත් අයෙකු ලෙස සඳහන් වී තිබේ.41 එහෙත්, මේ ස්ථාවරය විවාදයට තර්කයට භාජනය විය යුතුය. එක්තරා අර්ථයකින් ගත්කල, ධර්මපාල දැඩි පුද්ගලවාදියෙකි. ඔහු සියඵ පැවිද්දන්ටත් උපාසිකයින්ටත් ගර්හා කළේය, නින්දා අපහාසයෙන් හෙළා දැක්කේය. භික්‍ෂුත්වයෙන් තමා කැපී පෙනෙන ලෙස වෙනස් කොට හඳුනාගැනීම සඳහා රබින්ද්‍රනාත් තාගෝර් සහ ආනන්ද කුමාරස්වාමි වැන්නන් අනුගමනය කරමින් ටෝගාවකින් සැරසුනේය.

ඇත්තෙන්ම, එය ධර්මපාල ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයකි. කෙනෙකු අඳින්නට තෝරා ගන්නා ඇඳුම කෙනෙකුගේ පෞරුෂත්වයේ මුරලකුණ යැයි කියැවේ.42 බණ්ඩාරනායක සිය ඇඳුම ලෙස තෝරාගත්තේ ග‍්‍රාමීය ධනේශ්වරය අඳින ඇඳුම්ය, ග‍්‍රාමීය නායකයන් අඳින ඇඳුම්ය. සිංහල මහා සභාවට නායකත්වය දෙමින් සිටිද්දීම බණ්ඩානායක ලංකා ජාතික කොන්ග‍්‍රසය හා එකතුවන්නට සූදානමින් පසු වූ අතර අන්තිමේදී සම්ප‍්‍රදායික වාමාංශය සමග ගිවිසුමක් අත්සන් කරන්නටත් තමිල් ජනයා වෙනුවෙන් සහන සලසන්නටත් එකග විය. බණ්ඩාරනායකගේ මෙම උපාය උපක‍්‍රමවල අසාර්ථකත්වය තහවුරුවූයේ 1958 ඇතිවූ ජාතිවාදී කලකෝලාහලය ඔහුවම මරාදැමීම විසින්ය. බණ්ඩාරනායක මුහුණ දුන් ප‍්‍රතිවිරෝධතා අද දවසේ ආණ්ඩුවලටත් උරුම වී තිබේ.43 ‘බයිස්කෝප් හා ටීවී බලන ජනයා’ විසින් හඹා යන ඒ ලෞකික ආශ්වාද ලෙහෙසියෙන් පහසුවෙන් අධ්‍යාත්මික වශයෙන් අභිනිෂ්ක‍්‍රමණයට භාජනය කරනු බැරිය. මෙකියන ලෞකික තාපසවාදය යුරෝපය තුළ ජයග‍්‍රාහීවූයේ ජනවාර්ගික වශයෙන් අන්‍යකාරව මතුවූ විරෝධාකල්ප හේතුවෙන්ය, ජපානය තුළ එය ප‍්‍රචලිත වූයේ තොකුගාවා කාල පරිච්ෙඡ්දයේදීය.44 එහෙත් ශ‍්‍රි ලංකාව තුළ නම් එය ජයග‍්‍රාහී වූයේ නැත.x

x රංජිත් පෙරේරා

ඉතිරි කොටස ලබන සතියේ