ලාංකේය ස්වතන්ත‍්‍ර යොවුන් සාහිත්‍යය කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණ කිහිපයක් මෑතකදී ප‍්‍රකාශයට පත්විය. නව යෞවන දරුවන් මත වැඩිහිටි ලෝකයේ වීරත්වය ආරෝපණය කරමින් පුංචි පැටවුන් රහස් පරීක්ෂකයන් කිරීම හෝ උපාසකයන් කිරීමේ දහම් උපදේශන කතා වෙනුවට වැඩිහිටියන්ගේ ලෝකයට කෙමෙන් සමාජානුයෝජනය වීමේ පෙරනිමිති, යොවුන් වියේ ගැටලූ, ලෝකය පිළිබද නොනිමි කුතුහලය දැනවෙන සාහිත්‍යයකට මං විවරවෙමින් පැවතීම සතුටට කරුණකි. ඉකුත් වසරේ ප‍්‍රකාශිත අජිත් සංජීවගේ ‘ඇද අකුරු’, මහින්ද කුමාර දළුපොතගේ ‘එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම’ වැනි කෘති ඒ සදහා තැබූ සාධනීය පියවර ලෙස අගය කළ හැකිය. පසුගියදා ප‍්‍රකාශයට පත්වූ නිබන්ධිකා වන්නිනායක නම් තුරුණු ලේඛිකාවගේ ‘අඩනහිරියා’ කෘතිය, මෙහිලා කැපී පෙනෙන වෙනසක් සලකුණු කරන බැව් කිව යුතුය.

සාම්ප‍්‍රදායික යොවුන් සාහිත්‍ය කෘති අතුරින් මෙහිලා කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක් හදුනාගත හැකිය. පළමුවැන්න, නව යෞවන වියට ආමන්ත‍්‍රණය කළ හැකි ඉතාමත් මටසිළුටු මෙන්ම නිර්මාණාත්මක භාෂා ශෛලියක් යොදා ගැනීමට කතුවරිය දක්වා ඇති හැකියාවයි. වත්මන්හි දරුවන් පොතපතෙන් ඈත්වන බවට ප‍්‍රවීණයන් මැසිවිලි නැ`ගුවද, එයට හේතුසාධක මොනවාදැයි පිළිබ`ද පර්යේෂණ කිරීමක් තබා නිරීක්ෂණය කිරීමක්වත් නැති තරම්ය. නවීන තාක්ෂණික උපාංග සමග ගනුදෙනුව, අධ්‍යාපනික තරගයේ අනිටුඵල, සමාජ-ආර්ථික-සංස්කෘතික විපරිවර්තනයන් වැනි බොහෝ කරුණු කාරණා කෙරෙහි වැඩි බරක් තැබිය හැකි වුවත්, නව යෞවනයන්ට පහසුවෙන් ග‍්‍රහණය කරගත හැකි, ඔවුන්ගේ සිතැ`ගියාවන් සමග ගැටගැසුණු, සරල භාෂාවක් භාවිත කිරීමට කතුවරුන්ට පවත්නා නොහැකියාවත් මෙම පරම්පරාව කියැවීමෙන් ඈත්කරලීමට එක් හේතුවකි. ඒ නිසාම ‘අඩනහිරියා’ තුළ නිරූපිත එකී භාෂා ශෛලිය බෙහෙවින් අගය කළ යුතුය.
යොවුන් වියේ පේ‍්‍රමය ගැන වැටහීමක්වත්, දැනීමක්වත් නැති හුදෙක් ළෙංගතුකමට අරුතක් සොයන නව යෞවන වියේ පේ‍්‍රමනීය අත්දැකීමක් ඇය කියාපාන්නේ මේ අයුරිනි.

‘‘ඒ මනමාලි හරිම ලස්සනයි ඔයා වගේමයි මිහිලි. ඔයා දන්නවද, දවසක මගෙ මනමාලි වෙන්නෙ ඔයා.’’

අ`ඩනහිරියා ඇගේ ජීවිතයේ පළමු විවාහ පොරොන්දුව එලෙස ලැබුවාය. එය ගෙදර ගොස් ආඩම්බරයෙන් කියද්දී චූටි මාමා හිනැහී පුටුවක් පල්ලට වැටීම ඇය ගණන් ගත්තේ නැත. වැඩි කල් නොගොස් මනමාල මහතාට පෙර පාසල අතහැර ලොකු ඉස්කෝලෙකට යන්නට වූ අතර කඩවුණු පොරොන්දු අනාගතයේදීත් හමුවිය හැකි වග අ`ඩනහිරියා උගත්තාය.’ (පිටුව 54)

තමන්ගේ නොපැසුණුකම් වැඩිහිටියන් විසින් බාරගන්නා අයුරුත්, තමන් ඊට ප‍්‍රතිචාර දක්වන අයුරුත් අපූර්වත්වයෙන් කැටිකොට දැක්වීමට ඇයට හැකිවී තිබේ. එය යොවුන් සාහිත්‍යකරණයේ යෙදෙන බොහෝ දෙනෙකුට නොමැති ලක්ෂණයක් බැව් සිහිපත් කරනු වටියි.
තත්කාලීන සමාජ අර්බුදයේ පැතිකඩක් මැනැවින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප‍්‍රශංසනීය වේ. සමකාලීන යොවුන් සාහිත්‍යයෙන් ‘අඩනහිරියා’ විසින් සලකුණු කරනු ලබන දෙවැනි වෙනස් ලක්ෂණය එයයි.

පවත්නා තරගකාරී ජීවන රටාව තුළ තමාගේ දරුවා හොදම දරුවා විය යුතු බවට තරයේ අදහන මව්පියෝ ඒ වෙනුවෙන් සෙසු දරුවන්ගේ අනාගතය පවා අදුරු කරලීමට පසුබට නොවෙති. හැම ක්ෂේත‍්‍රයකම පෙරමුණ ගැනීමට සෑම දරුවෙකුටම නොහැකි බැව් බොහෝ වැඩිහිටියෝ අමතක කරති. ඒ නිසාම සාහිත්‍යය තුළත්, සිනමාව වැනි කලා නිර්මාණ තුළත් හඹායන සියල්ල අත්පත් කරගන්නා කෘත‍්‍රිම ලෝකයක හෙවත් සිහින ලෝකයක සිරගත කිරීමක් දකින්නට ලැබෙයි. එහෙත් ඒ වෙනුවට ලැබීම් මෙන්ම නොලැබීම්ද, උපේක්ෂා සහගත ලෙස වි`දගැනීමට සිදුවන බැව් කුඩා කල සිටම දරුවන්ට පුරුදුපුහුණු කරලීමට හැකිවිය යුතුය.

‘‘නාට්‍යයට නොතේරීම ගැන ඇය දුක් වූවාය. එහෙත් සමුද්‍ර මිස්ගේ කරුණු දැක්වීමෙන් පසු ඇය සිත හදාගත්තාය.

‘‘මිහිලි, බලන්න මේ පුංචි දේ ඔයා කතාවක් කරපු ලස්සන. දවසක ඔයා හොද ලේඛිකාවක් වෙනවා මට විශ්වාසයි. ඒ ඔයාගෙ ගමන. අයේෂා ආසා රගපාන්න, එයාට හැකියාව තියෙන්නේ එතැන. එයාට ලියන්න බෑනේ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනෑ එයාට ලැබුණේ එයාට ගැළපෙනම දේ, ඒකට ඔයාට වඩා ගැළපෙන්නේ එයාට බව තේරුම් ගන්න’’ (පිටුව 77)

‘‘හැමදේම තමාට ලැබිය යුතු නැති වග අඩනහිරියා හෙමින් සීරුවේ තේරුම් ගත්තාය. ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ පළමුවැනියාගේ තෑග්ග ඇය ලබා ගන්නා විට අයේෂා ඒ වේදිකාවේ හො`දම ළමා නිළිය වනු ඇත. ඉතිං අඩනහිරියා අඩිරූල කැඩුණු දුකද අමතක කළාය. අයේෂා දිනුවේ ඒ නිසා බව ඈ සිතුවේ හිත හදාගන්නා අතරය. ’ (පිටුව 77)

අද පවත්නා දැවැන්තම සමාජ ව්‍යසනය වන්නේ නව යෞවනයන්ගේ සිතැගි යාවන් හා ඔවුන්ගේ හැකියාවන් හදුනාගන්නා ගුරුභවතුන්ගේ හි`ගයයි. පංති කාමර කාලසටහන් අනුව දුවන තරගයක පොදියට වැටී දුවන්නට පිටුපසින් කෝටුවකින් තලා එළවන අම්බරුවන්යයි සිතා කටයුතු කරන පිරිස් බොහෝය. ඒ නිසාම අධ්‍යාපනයේ අර්බුදයත්, ඒ අර්බුදය වඩාත් තීව‍්‍ර කරන ඇතැම් ගුරුභවතුන් පිළිබ`දවත් නොතකා හරින්නට කතුවරියට නොහැකිය.

‘‘එදා දෙකේ පන්තිය බාරව හුන් විනීතා මිස් හිටියේ වැඩි හිත හොදකින් නොවේ. ඇගේ නෙරා ආ උදරය තුළ හිදින මල්ලි බබා හා කතා කරන්නට අඩනහිරියාට ආශාවක් ඇත. එහෙත් විනීතා මිස් අඩනහිරියාව ගණන් ගන්නේම නැත. ගුරු දිනයට ගුරුතුමියට සාරි ගොඩක්ද, වීදුරු බඩුද අනිත් යාළුවන් ගෙන එනවිට දිනිතිත්, අඩනහිරියාත් බොහෝ වෙහෙසවී සුබ පැතුම්පතක් සෑදුහ. ඒ අම්මලාගේ අදහසටය. විනීතා මිස් එතැන් පටන් අඩනහිරියාටත්, දිනිතිටත් ගුටි දෙන වේලාවන් ඕනෑකමින් හෙව්වාය.’’ (පිටුව 83)

පංතිභාර ගුරුතුමීලාට සන්තෝසම් ලෙස ලැබෙන තෑගිබෝග අනුව දරුවන්ට ආදරය බෙදා වෙන්කරන මෙවන් ගුරුතුමීලා බොහෝය. සුන්දර ලෝකයක් මවා පෙන්වීම වෙනුවට දරුවන්ට මුහුණදීමට සිදුවන සැබෑ කටුක අත්දැකීම් නිර්මාණාත්මක සංසිද්ධි ගැළපීමක් ලෙස අමුණාලීමට කතුවරිය සමත්ය.

‘අඬනහිරියා’ හා සමකාලීන වෙනත් යොවුන් සාහිත්‍යාංග අතර වෙනසක් සලකුණු කරන අනෙක් ලක්ෂණය නම් වැඩිහිටියන්ගේ ලෝකය ප‍්‍රශ්න කිරීමයි. ජරාජීර්ණ වූ සමාජයක දරුවන් පමණක් සුන්දර ලෝකයක ජීවත්වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. දරුවන්ද එකී වැඩිහිටියන්ගේ ලෝකයේම දිගුවකි. වැඩිහිටියන්ගේ ප‍්‍රශ්න යනුවෙන් වෙන් කළ හැකි සුවිශේෂ ප‍්‍රශ්න නොමැති අතර කුඩා දරුවෝ ඔවුන්ගේ ප‍්‍රශ්නවල කොටස්කරුවෝය. නැතිනම් ගොදුරුය. අඬනහිරියාගේ මිතුරියක ඇසුරින් ඒ යථාර්ථයද පාඨකයා හමුවට ගෙන එන්නට නිබන්ධිකා වන්නිනායක උත්සාහ දරා තිබේ.

‘‘අපේ අම්මයි තාත්තයි ඉස්සර හරියට රණ්ඩු කළා. එයාලා ගහගන්නවත් එක්ක. ඉන්පස්සෙ තාත්තා ගෙදරින් ගියා. දැන් ඉන්නෙ බාප්පා. එයා මට වැඩිය ආදරේ නෑ. එයා ආදරේ මල්ලිට. තාත්තා රට ගියානෙ. ආපු ගමන් මාව බලන්න ආවා. ජයන්ති මිස් කියනවා මට තාත්තා ගාවට යන්න උදව් කරන්නම් කියලත්’’ (පිටුව 88)

‘‘උත්පලා අඩනහිරියාට ‘කාටවත් කියන්න එපා’ රහසක් හෙළි කළාය. ඉතිං අඩනහිරියා ඒ ගැන දිනිතිටවත්, ෆර්ෂාන්ටවත් නොකීවාය. එහෙත් අම්මා, ‘කාටවත්’ යන පිරිසට අයිති නැත.

එකී කතාව ඇය අම්මා සමග බෙදාහදා ගත් බව සෘජුව කියාපෑම වෙනුවට අම්මා, ‘කාටවත්’ යන පිරිසට අයිති නැති බැව් අවධාරණය කිරීමෙන් බොහෝ කරුණු කාරණා සැකෙවින් වඩාත් අපූර්වත්වයෙන් යුතුව ප‍්‍රකාශවී තිබේ. කුඩා දරුවන්ට දේවල් හිතේ හංගාගෙන සිටීමට නොහැකිය. කුතුහලය ඔවුන් තවතවත් නොසන්සුන් කරයි. පොරොන්දු රැුකීමේ ගෞරවය ආරක්ෂා කරන අතරේම පොරොන්දු කැඞීමට සිදුවන තීරණාත්මක මොහොත අම්මා බැව් ඇය විසින් යළිත් සිහිපත් කරනු ලැබීම අපූරුය.

කෘතිය පුරාවටම වඩාත් ආකර්ෂණීය ලෙස කියවීමේ රුචිය වඩවමින් එකම භාෂා රිද්මයක් අඛණ්ඩව නඩත්තු කරමින් අවසානය දක්වාම පාඨකයා කෘතිය තුළ ‘අඩනහිරියා’ට ආසක්තව තබා ගැනීමට ලේඛිකාව සමත්වන බව සැබෑය. එහෙත් සියලූ කරුණු කාරණා ඔස්සේ චරිතය ඉස්මතු කරන්නට දරන වෑයම නිසාදෝ ඇතැම් විටෙක විශ්වසනීයත්වය ගිලිහී යන්නට හේතුවන අවස්ථාවක්ද පවත්නා බව කිව යුතුය. එය නම් මේසයට නැගීමට තරම්වත් උස නැති පෙර පාසල් වියේදීම ටී.බී ඉංගරත්නගේ ‘හපනා’ කෘතිය කියවා තේරුම් ගැනීමයි. අනෙක් අතට එය විශ්වාස කරනු ලබන්නේ නම් කුඩා කල සිට ඉගෙනීමටත්, පතපොත කියැවීමටත් උපන් හපන්කම් දක්වන්නියක වන ඇයට පහේ ශිෂ්‍යත්වය සමත්වීම කිසිසේත්ම අසීරු විය නොහැකිය. ඇය උසස් ලෙස සමත්වනු ඇති බැව් මූලාරම්භයේ සිටම උපකල්පනය කළ හැකිය.

ඒ නිසාම ‘ශිෂ්‍යත්ව විභාගය සමත්වීම’ නම් ජයග‍්‍රහණයෙන් කෙලවර වීම නිසා එතෙක් කෘතියේ පැවති ජවය යම් පමණකට සීමාවන බවක් ඇගවෙයි. සාම්ප‍්‍රදායික නොවන ජයග‍්‍රහණයක් කරා ඇය යොමුකරවීම හෝ ඇයට තරම් නොවන ජයග‍්‍රණයකින්ම නිමාකරවීම සාම්ප‍්‍රදායික කතා වට්ටෝරුවේම පොදු දුර්වල ලක්ෂණයක් බැව් පුද්ගලිකව අපගේ විශ්වාසයයි. එහෙත් මෙම හේතුව නිසා සමකාලීන නව යොවුන් සාහිත්‍යයට එයින් ලැබෙන ආලෝකය සුළුපටු යයි අදහස් නොකෙරෙන බවද කිව යුතුය. යෞවන සාහිත්‍යය පිළිබද පර්යේෂණ ග‍්‍රන්ථයක් ලියා පළකළ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකරගේ සටහනකින් මෙම ලියැවිල්ල හමාර කරන්නට කල්පනා කරමි.
‘‘යෞවනයා ස`දහා ලියන ප‍්‍රබන්ධ කතාවක සැලසුම, වැඩිහිටියන්ට ලියනු ලබන ප‍්‍රබන්ධ කතාවක සැලසුමට බෙහෙවින් සමාන වෙයි. එහෙත් යෞවන සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම, වැඩිහිටි සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමට වඩා අසීරුය. කතාව, කතා විකාශනය, චරිත නිරූපණය, බස්වහර, තේමාව ආදි සෑම කරුණකදීම යෞවන පාඨකයා පිළිබ`දව විශේෂ සැලකිල්ලකින් යුතුවය, යෞවන සාහිත්‍ය කෘතියක් රචනා කළ යුත්තේ. වැඩිහිටි සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේදී ලැබෙන නිදහස මෙහිදී සීමාවෙයි.’’ (යෞවන සාහිත්‍ය-පිටුව 26).

නවක ලේඛිකාවක ලෙස මෙම අභියෝගයට සාර්ථකව මුහුණදීමට නිබන්ධිකාට හැකිවී තිබේ. එහෙත් සාම්ප‍්‍රදායික ආකල්ප හා දෘෂ්ටිවාදයන්ට නතු නොවීමට ඇය වගබලා ගත යුතුව ඇත. ඇතැම් ප‍්‍රවීණයන් මුරුංගා අත්තේ තැබීමක් දකින්නට ලැබෙතත්, එයින් හදිසි අනතුරකට භාජනය නොවී කොන්ද කඩා නොගන්නේ නම් ඇයට මේ ක්ෂේත‍්‍රයේ බොහෝ දුර යා හැකි බැව් පැවසිය හැකිය.

ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර