ශානි අබේසේකර, නිශාන්ත ද සිල්වා හා තිසේරා යනු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත්ම අපරාධ විමර්ශකයන් තිදෙනකු බව අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති වෘත්තිය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන, රටේ නීතිගරුක මහජනතාව පමණක් නොව, රටේ නමගිය අපරාධකරුවන්, මනුෂ්‍ය ඝාතකයන්, මුදල්වලට මිනීමරන්නන්, මහජන මුදල් වංචාකළවුන් ආදි සියල්ලන්ම හොඳින් දන්නා…