Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දේදුන්න

දේදුන්න

සමාජ ගවේෂකයෙකුගේ ගේය පද ගම්බිරත්වය 

රත්න ශී‍්‍ර මහ පොළොව මත දෙපා තබා සෘජුව නැගී සිටි ඔහු සමාජය විනිවිද දුටුවේය. සමකාලීන සමාජ ප‍්‍රවණතා ගීතයට හසුකර ගැනීමේදී සූක්ෂ්මවූද, නිර්මාණාත්මකවූද චාතූර්යයක් පළ කළ අතරම තෝරා ගත් විෂය පථයන් එකිනෙකට වෙනස් විවිධත්වයෙන් පිරිපුන් විය. එහි පරිධිය වඩාත් පෘථුල බව පැහැදිලිවම දෘශ්‍යමාන වූයේය. x නිලාර්…

ඉඳ - හිට

නානසාර රසායන 

x උදන් ප‍්‍රනාන්දු 1995 වසරේ විශිෂ්ටතම චිත‍්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ලද්දේ ‘ෆොරස්ට් ගම්ප්’ නම් චිත‍්‍රපටය ය. එහි ප‍්‍රධාන චරිතය වන ෆොරස්ට් ගම්ප් ඕටිසම් නම් මානසික තත්ත්වයේ අයෙකු වන අතර ඔහු කයෙන් හා ශක්තියෙන් අනූන නමුදු මනස හා හැසිරීම කුඩාවෙකුගේ මෙන් ය. ෆොරස්ට්ගේ පෙම්වතිය, ජෙනී, පැදුරටත්…

දේදුන්න

කන්‍යාවන් නිසා ඒඞ්ස් සුවවේද? 

x සමන් ගුණහේරත් සියලූ සත්වයෝ ස්වභාව ධර්මය විසින් ලබා දෙන යම්කිසි කාලසීමාවක දී ලිංගික කටයුතුවල යෙදෙති. ඒ තම වර්ගයාගේ ප‍්‍රජනනය හෙවත් පැවැත්ම උදෙසාය. එහෙත් මානවයා නම් වූ සත්ත්වයා මේ ප‍්‍රාථමික නීතිය උල්ලංඝනය කර ඇත. උවමනා හා හිතෙන ඕනෑම වේලාවක ලිංගික කටයුතුවල යෙදීමේ හැකියාව ඔහුට ඇත….

දේදුන්න

අපටත් ඇලඩින්ගේ පුදුම පහනක් 

x කෞශල්‍යා ප‍්‍රනාන්දු මම පසුගිය දාක මගේ දරුවන් දෙදෙනා සමග වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වන නවතම ඇලඩින් නිෂ්පාදනය බැලීමට සිනමාහලට ගියෙමි. ප‍්‍රධාන චිත‍්‍රපටිය ආරම්භ වීමට පෙර ඉදිරියේ තිරගත වීමට නියමිත චිත‍්‍රපට දහයක පමණ කොටස් (ඔර්සකැරි* අපට අකමැත්තෙන් හෝ නැරඹීමට සිදුවිය. ඉන් බොහොමයක් හොලිවුඞ් නිෂ්පාදන විය. ආරම්භයේ…

දේදුන්න

වාණිජ සිනමාවෙන් මැද මාවතට. එතැනින් කලාත්මක සිනමාවට. 

නීටා ප‍්‍රනාන්දු 1965 වසරේ ‘ළඳක මහිම’ සිනමාපටයෙන් සිනමාවට පිවිසි ඇය, සිය රංගන දිවියේ අමතක නොවන රංගන පෞරුෂයක් සෙලෝලයිඞ් තිරය මත සනිටුහන් කර හමාරය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ අතලොස්සක් රංගන ශිල්පිනියන් අතරේ සිය නම ද සටහන් කරන්නට ඇය සමත් වුණාය. ඇය අද අපට…

උඩරට වෙස් ඇඳුම අද තිබෙන ස්වරූපයට ආවේ විසිවැනි සියවසේදීය 

x ආචාර්ය සුදේශ් මන්තිලක ලලිත කලා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය උඩරට වෙස් ඇඳුම යන පදය ඇසූ සැණින් කෙනෙකුට මැවෙන්නේ රිදී වර්ණයෙන් යුත් ආභරණ සහිත, රතු, කළු සහ කහ යන වර්ණවලින් වැඩ දැමූ සුදු වර්ණයෙන් යුත් ඇඳුමකි. අද වන විට ඉහත දැක්වූ වර්ණ පටිපාටිය වෙස් ඇඳුමේ අනන්‍යතා…

තීරු ලිපි

බහුතරයකට දැනෙන සුළුතර භීතිය 

x අශෝක හඳගම ‘හේතුවාදී හඬ’ මුහුණු පොතේ පෝස්ටුවක් තිබුනා, නේපාලයේ බැතිමතුන් පිරිසක් බුදු පිළිමයක් කිරිවලින් නහවන පිංතුරයක් එක්ක. ඒ පොස්ටුවේ කොටසක් මේ.. ‘බුදුන්ගේ පිළිමය කිරිවලින් නැහැවීමේ මේ පූජාව සිදුකෙරෙන්නේ විශේෂයෙන්ම ඉන්දියාව, නේපාලය වැනි රටවලය. මේවා බුදුදහමට ඇතුළු වූයේ ශිව ලිංග නෑවීම වැනි හින්දු විශ්වාස හා…

දේදුන්න

පතී මගේ දෙවැනි තාත්තා වගේ 

රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් ඔහු සිරුරෙන් දැවැන්තයි. බාහිර පෙනුම අනුව නම් ලක්ෂ්මන් මෙන්ඩිස් කියන්නේ දැඩි හිතක් තිබෙන රළු මිනිසෙක්. එහෙත් ඔහු කතාබහ කරද්දී ඉතාම උණුසුම් මනුෂ්‍යයෙක්. විහිළු තහළු සමඟ අනෙකාට ඇහුම්කන් දෙමින් කතාකරන ලක්ෂණය නිසා පැය ගණන් ඔහු සමඟ කතාකළ හැකියි. අප ඔහුව මුණගැහුණේ පොල්හේන්ගොඩ…

දේදුන්න

දීපානි සිල්වා: වීදියේ කැරලිකාරිය 

දීපානි සිල්වා නම් වූ ඇයට ඇත්තේ වරු ගණනක් කතාකරමින් සිටින්නට තරම් අත්දැකීම්වලින් පිරුණු ජීවිතයකි. අපූරු අත්දැකීම් ගොන්නකි. දීපානි අවිවාහකය. එහෙත් ඇය හුදෙකලාව ජීවත්වෙන කාන්තාවක් නොවේ. ඇය අදටත් නළුනිළියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ක‍්‍රියාකාරිනියකි. ඒ අතරේ දේශපාලන වේදිකාවට නැග විවෘතව අදහස් දක්වන්නියකි. වටිනාම කාරණය වන්නේ රඟපෑමට…

කෘති‍්‍රම බුද්ධිය මානව පරිණාමයේ ඊළග අදියරයි 

බුද්ධිය යනු කුමක්දැයි යන ප‍්‍රශ්නය අතීත ප‍්‍රාඥයන් අතර ද සංවාදයට හා විවාදයට ගැනුණුනු ගැටලූවක් වෙයි. ගෞතම බුදුන්වහන්සේ මෙන්ම ජෛන, සොක‍්‍රටීස්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන් මේ සදහා විවිධ පිළිතුරු සපයා ඇත. කෙසේ නමුත් අද වන විට බුද්ධිය යනු තර්කණයේ, අවබෝධයේ, ස්වයංපරීක්ෂාකාරීභාවයේ, ඉගෙනුමේ හා සැලසුම් ඇති කිරීමේ හැකියාව…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018