Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: හතර කොලම

තීරු ලිපි

”වන්ෂොට්” වෘකයන් අතර නග්නව 

අහස උසට නැඟ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පිළිබඳ ගැටලූව පරයමින් රංජන් රාමනායකගේ ¥රකථන සංවාද පිළිබඳ සාකච්ඡුාව මේ මොහොතේ ජනමාධ්‍යයේ අවධානය වැඩියෙන්ම ලබාගන්නා ගැටලූව බවට පත්ව ඇත. පළමුව පසුගිය දා පොලිසීය විසින් මන්ත‍්‍රී රාමනායකගේ මන්ත‍්‍රී නිවාසය සෝදිසි කිරීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබුණු නිල ගිනි අවියට වලංගු…

තීරු ලිපි

සංස්කෘතික උත්පේ‍්‍රක්‍ෂාව සහ දේශපාලනීකරණයේ සංස්කෘතිය 

මේ යුගයේ අප හමුවේ ඇති බොහෝ ගැටලූවල මූලය උත්පේ‍්‍රක්ෂාව (ඉවසීම* නොමැතිකම බවට වන මතියක් පවතින බව ස්ලාවෝ ජිජැක් පෙන්වාදෙයි. සමාජය තුළ පවතින ‘අසමානතාව, සූරාකෑම, අසාධාරණය’ වැනි තත්වයන් තවදුරටත් අපගේ ගැටලූවල මූලය වශයෙන් හඳුනා ගන්නා දේශපාලනය වෙනුවට ප‍්‍රමුඛතාවට පත්ව ඇත්තේ ‘උත්පේ‍්‍රක්ෂාව සහ බහු සංස්කෘතිකවාදය‘ පෙරටුකොටගත් සංස්කෘතිය…

ලංකාවේ මුස්ලිම් ජනයා පිළිබඳ ප‍්‍රශ්නය 

ඉස්ලාම් ආගම අදහන ජනයා ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලංකාවේ ජීවත් වී ඇත. ලංකාවේ මුස්ලිම් ජනයාගේ ඉතිහාසය පිළිබඳ පුරෝගාමී අධ්‍යයනයක් කළ ලෝනා දේවරාජා විසින් සාකච්ඡුා කරනු ලැබ ඇති ආකාරයට ක‍්‍රි.ව. දහවන සියවස වන විටත් මුස්ලිම්වරු, විශේෂයෙන්ම, වෙළඳ ප‍්‍රජාවක් ලෙස මෙරට ස්ථාපිත වී සිටියහ. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිම්…

තීරු ලිපි

නූතනත්වය හා ගෝලීය මුස්ලිම් දේශපාලනය 

තවමත් නූතනත්වයේ සීමාව සලකුණු කරනු ලබන්නේ ගෝලීය මුස්ලිම් සංස්ථාපිතය විසිනි. මුස්ලිම් ලෝකය එකක් ලෙස සැලකීමට විරුද්ධව විවේචන එල්ල වීමට ඉඩ තිබුණත් සෙසු ආගමික සංස්ථාපිතයන් අතර නොමැති ආගමික ඒකත්වයක් ඉස්ලාමය තුළ ඇති බව පෙනී යයි. ඇත්ත වශයෙන්ම මෙම ඒකීයත්වය නිර්මාණය කර තිබෙන්නේ නූතනත්වය සමඟ ඇති සියුම්…

තීරු ලිපි

අනෙකාගේ අනන්‍යතාව, අධ්‍යාපනය සහ ආචාරධාර්මිකත්වය ආචාරදාර්මිකත්වය වාගාලංකාර දේශපාලනය 

සමාජය තුළ පුද්ගල සබඳතා ජාලගතවී ඇති ආකාරය, නැතිනම් අප සහ අනෙකා අතර වන සම්බන්ධය පිළිබඳ නැවත සිතා බැලීමේ දී ආචාරධාර්මිකත්ව කතිකාව ඒ සඳහා විශාල එළියක් සපයයි. සමකාලීන දාර්ශනිකයකු වන ඉමැනුවෙල් ලෙවිනාස් පිළිබඳ අධ්‍යයනයක දී ෂරෝන් ටොඞ් පෙන්වා දෙන ආකාරයට ආචාරධාර්මිකත්වය යනු ‘සමාජ සාධාරණය පිළිබඳ ඕනෑම…

තීරු ලිපි

‘ජනවාරි 8’ සිට ‘අපේ‍්‍රල් 21’ දක්වා 

‘ජනවාරි 8’ සිට ‘අපේ‍්‍රල් 21’ අතර පරතරය වසර හතරකුත් මාස තුනකුත් දින දහතුනක් වේ. ජනවාරි 8 දේශපාලන පරිවර්තනය කෙරේ බලපෑ ප‍්‍රධාන සාධකයක් වූයේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ වර්ධනය වෙමින් පැවැති ඇතැම් අහිතකර දේශපාලන ප‍්‍රවණතා, ප‍්‍රධාන කොටම, රටේ ජනවර්ග අතර සමඟියට බාධාවක් වන්නේ ය යන පිළිගැනීමයි. ඒ…

තීරු ලිපි

ඇගෝරාවේ විසම්මුතිය සහ බලාධිකාරයේ දුක්ඛාන්තය 

පුර්ණ එකඟතාව යනු ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිවිටකත් නොපවතින තත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය මඟින් සිදු කරන්නේ, ජෝර්ජ් ලොයිඞ් පෙන්වන අයුරින්, ‘විසම්මුතිය කළමනාකරණය‘ කිරීමක් පමණි. දේශපාලන අධිකාරීත්වය යනු විසම්මුතිය මර්දනයෙන් උපදින තත්වයක් නොවිය යුතුය. සම්භාව්‍ය ග්‍රීක පෞර රාජ්‍ය පාලනය කළ තනි පුද්ගල අධිකාරීත්වයක් නොපැවතිණි. එසේම එවැනි අධිකාරිත්වයකට සේවය කළ ‘නිදන්ගත…

තීරු ලිපි

ප්‍රයෝජ්‍යතා දේශපාලනයේ ත්‍රස්තවාදය 

පාස්කු දින ප්‍රහාරය හරහා ජාතික දේශපාලනය හා ත්‍රස්තවාදයේ නව මුහුණුවර පිළිබඳ අර්ථකථන සමූහයක් ඉදිරිපත් වෙයි. එක් පසෙකින් ‘ජාතික ආරක්ෂාව‘ සහ ‘ජාතික ආරක්ෂක රාජ්‍යයක්‘ පිළිබඳ අදහස් ද අනෙක් පසින් ‘ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ ඉදිරිය‘ සහ ‘ඒකාධිපතිවාදයේ නිසැක ආගමනය‘ පිළිබඳ සැකයත් මතුව තිබේ. එසේම මෙම සන්දර්භය තුළම ජාත්‍යන්තරව සිදුවිය…

රාජ්‍ය ඒකමිතිය බිඳීයාම සහ ත්‍රස්ත බල තුලනය 

සමාජ යථාර්ථයේ මතුපිට මත ගොඩනඟන දෘෂ්ටිවාදීමය මිථ්‍යාවන් විසින් එහි අභ්‍යන්තර අර්බුදයන්ගේ සැබෑ ස්වරූපය බොහෝවිට වැසී පවතී. හේගල් නමැති දාර්ශනිකයාට අනුව රාජ්‍යය යනු ‘මානව සවිඥානකත්වයේ ඉහළ ම වර්ධනයක්’ වුවද රාජ්‍යය සහ සිවිල් සමාජය අතර නිරන්තරවම පවතින්නේ ‘සියලු දෙනා සියලු විසින් සියලු දෙනාට එරෙහිව සිදු කරන ආර්ථික…

අසම්පූර්ණ නිදහස හා විමුක්ති දේශපාලන හිදැස 

නිදහස යනු ‘නිදහස ද ඇතුළු පූර්වයෙන් අප වෙත ලැබී ඇති සියලු‍ ආකල්පනයන් ප්‍රශ්න කිරීමට ඇති හැකියාව‘ බව ස්ලාවෝජ් ජිජැක් කියා දී තිබේ. සැබවින්ම නිදහස පිළිබඳ උක්ත අදහසින් බලන විට අප තවමත් නිදහස් නොමැති බව කීම අතිශයෝක්තියක් නොවෙයි. නිදහස වශයෙන් අප වෙත ලැබී ඇති වපසරිය යනු…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018