Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: අවරදිග ආවර්ජනා

අවරදිග ආවර්ජනා

මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි 

මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා උත්සාහ කරති. ගිය සියවසේ දීර්ඝ කාලයක් තිස්සේත්, මේ සියවසේ අද දක්වාමත් එසේ ජාතිකවාදී…

අවරදිග ආවර්ජනා

‘ත්‍රස්තවාදය වැළැක්වීමට’ ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් 

මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ සහ අන්තවාදී ආගමික මත දැරීමෙන් මිනිසුන් මුදවා ගැනීමත් කළ යුතුව තිබේ. එහෙත්, මේ…

අවරදිග ආවර්ජනා

බෞද්ධයන් ඒකාධිපතිත්වයට විරුද්ධව නැඟී සිටිය යුතු නැත්ද? (මියන්මාරය සහ ලංකාව) 

වර්තමානයේ ඒකාධිපතිත්වය, රජ කාලේ ඒකා-අධිපති ක්‍රමයට වෙනස් ය. රජු කුරිරු වූ විටෙක වූවත්, සමස්ත ජනතාව සහ රට කෙරෙහි එහි බලපෑම එදා අල්ප විය. හේතුව, එදා සමාජය ප්‍රාථමික සහ නොදියුණු සමාජයක් වීමයි. නොදියුණු යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ, රාජ්‍ය යන්ත්‍රය සමග සමාජයේ සහසම්බන්ධය සංකීර්ණ නොවුණු බවයි. උදාහරණයක්…

අවරදිග ආවර්ජනා

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වාර්තාව සහ මෛත්‍රීපාල සිරිසේනගේ වගකීම 

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප්‍රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද නැත. ඒ වාසනාවන්ත පිරිස අතරට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ…

අවරදිග ආවර්ජනා

එන්නත දෙන්නෙත් ‘ධම්මික පැණිය’ දුන් විදිහටමයි 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘වියත්’ ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත්‍රීවරයා දක්වා ‘වැඩකාරයන්’ සහ ‘වියතුන්’ වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර මගින් සමාජගත කොට තිබුණි. වැඩකාරයන් හෙවත් දක්ෂයන් සමාජ පරීක්ෂාවට ලක්වන්නේ, අභියෝග යහමින් ඇති විටකදී පමණි. මේ ආණ්ඩුව බලයට පත්වූ ගමන්ම, ඒ පරීක්ෂාවට…

අවරදිග ආවර්ජනා

ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි 

වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඩී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි. දැන් කාලයක සිට ඔහු බරපතල සමාජ විවේචනයකට සහ පරිහාසයකට ලක්වෙමින් සහ ලක්කරමින් තිබේ. මුලින්ම එසේ…

අවරදිග ආවර්ජනා

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම ‘පළිගැනීමේ කොමිසමක්’ දක්වා පිරිහීම 

“ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය, ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැඟුණු ආක්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනුවිසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම යුගයේ වීරයන් පහළ වූ අතර, ඔවුන් ආක්‍රමණිකයන් මෙන්ම දේශීය කැරලිකරුවන්ව පළවාහැර රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට…

අවරදිග ආවර්ජනා

කාලි අම්මා: “එයා දැන් ලොකු ළමයෙක්” 

කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ ඇදහිලි නගරයේදී විවිධ අභියෝගවලට මුහුණදෙයි. එසේ වන්නේ, ගමේ තිබුණු නිදහස සහ සරලභාවය නගරයේදී ඒ…

අවරදිග ආවර්ජනා

අනූනවයෙන් වැළකුණු වින්නැහියක් 

මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානම තුන් පාරක් පැදකුණු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට වන්නේය. පළමු නැවතුම්පොළේදී මගියක් දෙන්නෙක්, දෙවැනි නැවතුම්පොළේදී තවත් මගියෙක් දෙන්නෙක් ආදි වශයෙන් කිහිප දෙනෙක්…

අවරදිග ආවර්ජනා

‘හිරිඔතප්’ නැති වීම භයානක ය 

හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඬලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්, මේ හිරිඔතප් ගතිය ඇතොත් වැරදි කිරීමෙන් වැළකී සිටීමට බලයි. ඒ නිසා, දේශපාලනඥයෙකුට පමණක් නොව, සාමාන්‍ය මිනිසෙකුට පවා හිරිඔතප් නැති වෙතොත් ඒ…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018