Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: තීරු ලිපි

අවරදිග ආවර්ජනා

අවශ්‍ය කරන්නේ විකල්පයක්ද, ආදේශනයක්ද? 

ලංකාවේ ඉදිරිය ගැන අද කතා කරන විට අප යොමු විය යුතු ප්‍රධාන පරිශ්‍ර හතරක් හඳුනාගත හැකිය. ඒවා නම්, දේශපාලනික නායකත්ව, රට කරවන පාලන ප්‍රතිපත්ති, අනාගත ආර්ථික/සමාජ සංවර්ධනයේ ස්වභාවය සහ ජාතික/ආගමික සහජීවනය වන්නේය. ඒ අතරින් මේ ලිපියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ පළමු කාරණය ගැන පමණි. මේ…

අවරදිග ආවර්ජනා

අපේ හෙට දවස කෙසේ විය හැකිද? (දෙවැනි කොටස) 

ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකත්වය, (බැසිල් රාජපක්ෂ හරහා) ප්‍රජාතන්ත්‍රීය දිසාවට සේම, (ශවේන්ද්‍ර සිල්වා හරහා) ප්‍රජාතන්ත්‍ර-විරෝධී අනාගතයක් දිසාවටත් යොමු වීමේ ශක්‍යතාව තිබේ. “අසාර්ථකත්වය” යන වචනය මෙහිදී අවධාරණය කළ යුතුය. මේ කියන ඔහුගේ ඉදිරි මාවත ප්‍රජාතන්ත්‍රවාදී වුවත්, ප්‍රජාතන්ත්‍ර-විරෝධී වුවත්, සාර්ථකත්වයකින් කෙළවර විය හැකි එකක් නොවේ. “සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ…

අවරදිග ආවර්ජනා

අපේ හෙට දවස කෙසේ විය හැකිද? (පළමු කොටස) 

රසායනික පොහොර භාවිතය සහ වකුගඩු රෝගය අතර සහසම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි කිසිවක්ම නැත. එහෙත් එවැනි සම්බන්ධයක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ සමහරුන් කියන නිසා එම තර්කය අපි මොහොතකට පිළිගනිමු. එහෙත් රසායනික පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කිරීම, කෝවිඩ් වසංගතයේ අභියෝගය ගැන පමණක් හෝ සිතා තව…

අවරදිග ආවර්ජනා

සීමිත පරමාර්ථයක් කෙටිම කාලයකින් සාර්ථක කරගත් ප්‍රථම නායකයා 

ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවරේ ස්වභාවය දෙයාකාරයි. එකක්, ඔහු විසින්ම තමා වෙත පවරා ගත් මෙහෙවරයි. දෙවැන්න, ජනතාව විසින් ඔහු වෙත පිටතින් ආරෝපණය කරන ලද මෙහෙවරයි. ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක සාර්ථක/අසාර්ථක බව මැනෙන්නේ, දෙන ලද අපේක්ෂාව සහ ඒ අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමේ හෝ නොගැනීමේ ස්වභාවය මත ය. ගෝඨාභය රාජපක්ෂ…

අවරදිග ආවර්ජනා

සැලසුම් කිරීමට අසමත් වීම යනු අසමත් වීමට සැලසුම් කිරීමකි 

“අපිට රජයක් කියලා එකක් නැහැ. හුස්ම ගන්න තියෙන වායුව අපිට නැති වීගෙන යනවා. අපි ඉන්නේ පණඅදිමින්. ඕනෑ කරන සම්පත් අපිට ලැබිලත්, ඒවා අදාළ තැන්වලට යොමු කරලා කළමනාකරණය කරන යාන්ත්‍රයක් අපිට නැහැ… කරුණාකරලා, වදයක් නොවී පැත්තකට වෙන්න. අඩුගාන් මේ මොහොතේදීවත් මම බැගෑපත්ව ඔබෙන් ඉල්ලනවා, මෙතනින් ඉවත්…

අවරදිග ආවර්ජනා

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ යුක්තියක් නැති බව අප විසින්ම ලෝකයාට කියා සිටීම 

‘කැච්-22’ යනුවෙන් හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුමක් ජාත්‍යන්තර ව්‍යවහාරයේ තිබේ. එම යෙදුම ජනප්‍රිය ව්‍යවහාරයට ආවේ, ඇමරිකානු නවකතාකරුවෙකු වන ජෝසප් හෙලර් විසින් ලියන ලද ‘කැච්-22’ නමැති නවකතාව ඇසුරෙනි. මේ යෙදුමේ දළ අදහස වන්නේ, නඩත්තු කළ නොහැකි තාර්කික පටලැවිල්ලක් යන්නයි. තාර්කිකත්වයත් ඇති තැන සාමාන්‍යයෙන් පටලැවිල්ලක් තිබිය නොහැකි මුත්, තාර්කිකත්වයක්…

අවරදිග ආවර්ජනා

අපේ සල්ලි ගසා කෑ සොරාට ඇමරිකාවෙන් දඬුවම් කරන තෙක් පොල් ගෑව අපි 

ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත. ඒ නරක සිරිත පටන්ගත්තේ 1970 දී බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එහෙත් එය රටේ මුල්බැසගත් දේශපාලනික සංස්කෘතියක් දක්වා ව්‍යවස්ථාව මාර්ගයෙන්ම සමාජගත කෙරුණේ 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත්…

අවරදිග ආවර්ජනා

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව 

20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒවා නම්, 17 වැනි, 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා…

අවරදිග ආවර්ජනා

මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි 

මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා උත්සාහ කරති. ගිය සියවසේ දීර්ඝ කාලයක් තිස්සේත්, මේ සියවසේ අද දක්වාමත් එසේ ජාතිකවාදී…

අවරදිග ආවර්ජනා

‘ත්‍රස්තවාදය වැළැක්වීමට’ ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් 

මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ සහ අන්තවාදී ආගමික මත දැරීමෙන් මිනිසුන් මුදවා ගැනීමත් කළ යුතුව තිබේ. එහෙත්, මේ…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018