Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: කතුවැකිය

කතුවැකිය

පළාත් සභා රෝහල් මධ්‍යම රජයටෟ 

පළාත් සභා රෝහල් සියල්ල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින බවත්, රජය ඒ ඉල්ලීම ගැන ක්‍රියාත්මක වන බවත් මේ සතියේ මාධ්‍ය වාර්තා කර තිබිණ. බැලූබැල්මට, පළාත් සභා රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම රටේ බොහෝ දෙනා අසන්නට කැමති ප්‍රවෘත්තියකි. එසේ කළ…

කතුවැකිය

මුස්ලිමුන්ගේ මාළු දමිළයන් පිට තබා කැපීම 

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීමට තිබෙන අවස්ථාව දුර්වල කර ගනු සඳහා ආණ්ඩුව ලහි ලහියේ ම කෝවිඩ් 19 ආසාදිතව මියයන මුසල්මානුවන්ගේ මෘතදේහ භූමදානයට අවසර දීමට තීරණය කෙළේ ය. මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නට පාකිස්තානය ඇතුළු අරාබි…

කතුවැකිය

කොමිෂන්, කොමිෂන්, කොමිෂන් 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් වුණේ රටේ තිබෙන සකලවිධ රෝග හා ඒවාට තිබෙන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ගැන දීර්ඝ කාලයක් තිස්සේ තමා වටා සිටි වියතුන්, උගතුන් හා ප්‍රාමාණියක් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව සකස් කළ වැඩපිළිවෙලක් හා දැක්මක් ඇතිව බව, සෞභාග්‍යයේ දැක්ම කියවන විට ඒත්තු යයි….

කතුවැකිය

එන්නත (දුර්)කළමනාකරණය 2 

කෝවිඩ් 19 සඳහා වන ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වන කරුණුවලින් නැවතත් පැහැදිලි වන්නේ, අප ගිය සතියේත් අවධාරණය කළ පරිදි, ආණ්ඩුව එය කළමනාකරණය කරන දුර්වල ආකාරයයි. ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්‍ෂ-විපක්‍ෂ දේශපාලකයන්, එන්නත පදනම් කරගෙන තමන්ගේ ජනතා හිතවාදිබව පිළිබඳ මිනුම් දඬු ප්‍රසිද්ධ කරන්නට…

කතුවැකිය

එන්නත (දුර්)කළමනාකරණය 

කෝවිඩ් වසංගතය පාලනය කිරීමේ දී මුලින් කරගෙන ආ පුරසාරම් දෙඩිල්ල පවා අතහැර දමන්නට සිදුවන තරම් අසමත්කමක් ප්‍රදර්ශනය කරන ආණ්ඩුව, කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ද දක්වන්නේ එවැනි ම අසමත්කමකි. දැනට ලංකාවට ලැබී තිබෙන්නේ ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු, කොවිෂිල්ඩ් එන්නතෙන් මාත්‍රා ලක්‍ෂ පහක් පමණ ය. එක පුද්ගලයකුට…

කතුවැකිය

2014න් ඉදිරියට 

පසුගිය අවුරුද්දක පමණ කාලය තුළ ලංකාවේ සිදුවෙමින් පවතින දේවලින් පෙනෙන්නේ, 2014 වසරේ අවසානය වන විට නවතා ගන්නට හැකි වුණු යහපත් රාජ්‍ය පාලනයේ ප්‍රමිතීන්ගේ අවගමනය, 2019 අවසාන භාගයෙන් පසු නැවතත් ඇරඹී පවතින බව ය. 2015දී අවසන් කරන ලද්දේ පවුල් පාලනය, පාලක පවුලේ ගජමිතුරන්ට රටේ මහජන දේපළ…

කතුවැකිය

ව්‍යවස්ථාව හැදිය යුත්තේ අන්තවාදීන්ට ඕනෑ විදියට නොවේ 

ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බලයට ගෙන ඒම සඳහා උදව් වුණු පොදු පජන පෙරමුණ වැනි ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන, අන්ත ජාතිකවාදී සංවිධාන හා පුද්ගලයන්, දැන් මහත් උකටලී තත්වයට පත්ව සිටින බව පෙනේ. ඔවුන් බලාපොරොත්තුව සිටියේ මෙවැනි නායකත්වයක් නොවේ. ඔවුන්ට වුවමනා වී තිබුණේ, වහා ම රටේ මහා වෙනසක් සිදු…

කතුවැකිය

200 

බදාදා රාත්‍රිය වන විට කෝවිඞ්19 ආසාදනය වීම නිසා මිය ගිය සංඛ්‍යාව 199 ලෙස සටහන් විය. මෙය කියවන විට එය 200ද පන්නා ඉදිරියට ගොස් නොතිබෙනු ඇතැ’යි යන්න අපගේ ප්‍රාර්ථනාවයි. අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ, මේ විදියට රටක් ලෙස අප බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටියදී ය. බිහිසුණු, වසංගතය පමණක්…

කතුවැකිය

තිරිංග නැතිව යන පාලනයක් 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ආණ්ඩුව ගත් තීරණය, ජනාධිපතිවරයාගේ තනි වුවමනාව මත කරන ලද්දක් බව පැහැදිලි ය. ජනාධිපති ලේකම්වරයා, කොමිෂන් සභාව අහෝසි යැ’යි ලිපිය ලියන්නේ ජනාධිපතිවරයාගේ නියමය අනුව මිස ඔහුගේ තනි තීරණයට නොවේ. කොමිෂන් සභාව අහෝසි කිරීම ගැන, එහි විෂය පථය අයත් වන තමා…

කතුවැකිය

පල් හොරුන්ට ගිය රටක් 

කොරෝනා දවස් තුනෙන් සුව කිරීමට හඳුන්වා දී ඇති, ‘ධම්මික පැණිය’ හැටියට තරුණයන් විසුළු ලෙස හඳුන්වන දියරය වනාහි තක්කඩියකු විසින් වර්තමාන ශ්‍රී ලංකාව නමැති පල් වල ඉහගෙන කෑම සඳහා අටවන ලද පල් බොරුවක් බව, අනාගතයේ දී තහවුරු වන තෙක්, වේලාසනින් ම ලියා තබමු. 2019 අවුරුද්දාවසානයේ කැලණිය…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018