Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: කතුවැකිය

අපරාධ හා අපරාධ මර්දනය 

මාධ්‍ය වාර්තා කරන හැටියට, දැන් රට පුරා පවතින්නේ අපරාධ රැල්ලකි. ඒ අපරාධ රැල්ල ඇති වී ඇත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ය. ඊට පෙර ලංකාව යනු, කිසිදු අපරාධයක් සිදු නොවුණු යහපත් දේශයකි. අවුරුදු තුනකට පෙර බලයෙන් පලවා හරින ලද දේශපාලන බලවේගවල චෝදනාව ද හරියට…

මුව හමට තඩි බෑම 

  චයිනා හාබර් සමාගම මහින්ද රාජපක‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට දුන්නායැයි කියන ඩොලර් මිලියන 7.6ක මුදල ගැන කතා දැන් බොහෝ දුර ඇදී ගොස් තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට නඩු දානවා වෙනුවට, ලංකාවේ එම ලිපිය පළ කළ පුවත්පත්වලට හා අනෙකුත් මාධ්‍යවලට නඩු දමනවායැZයි පිරිසක් තර්ජනය කරමින් සිටිති….

චීන උගුල 

අමෙරිකාෙවි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලංකාවේ චීන මැදිහත්වීම් ගැන ලියූ ලිපියක් මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. එයින් හෙළිදරව් වන ලෝකයේ චීන ආර්ථික හා දේශපාලනික ආක්‍රමණයට අදාළ කරුණු පුදුම උපදවනසුලූ වුණත්, ඊට වඩා බැරෑරුම් ලෙස අප සැලකිය යුතු වන්නේ, ලංකාවේ දේශපාලන නායකයන්,…

භික‍ෂූන්ට බුදුදහම උගන්වනු. 

  රටේ භික‍ෂූන් වහන්සේලා කොපමණ ප්‍රමාණයක්, බුදුදහමේ මුලික හරයවත් නොදන්නා, හුදු චීවරධාරීන් පිරිසක් ද යන්න මේ දිනවල බැලු බැලු හැමතින් ම සනාථ වෙමින් තිබේ. සියල්ල දත් මේ චීවර දරන උන්නාන්සේලා නොදන්නා බව පෙනෙන්නේ බුදුදහම ගැන පමණ ය. බුදුදහමේ ඉගැන්වෙන මූලික එහෙත් ඉතාමත් ම සාරවත් ඉගැන්වීමක්…

බැඳුම්කර විගඩම 

රටට ඉතාමත් ම තීරණාත්මක හා මහජනයාට වැදගත් වන කරුණු කාරණා දේශපාලකයන් විසින් සහ, ඊටත් එහා ගොස් මාධ්‍ය සමාජය විසින් හුදු සරල සංදර්ශන බවට ඌනනය කොට, තොරොම්බල් කිරීමේ කනගාටුදායක තත්ත්වය මේ දිනවල අපට මැනැවින් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය විසිනි. අද සියල්ලෝ ම දුවන්නෝ…

කුමට මෙරට අධිකරණය? 

  තමා අත්අඩංගුවට ගැනීමට නියමිත ව ඇති බැවින්, ඉන් වළක්වා ලන ලෙස ඉල්ලා ආරක‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක‍ෂ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් තමා ඉවත් වන බව විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා ය. ඒ, මේ ජුනි මාසයේ මුල ය. ඒ…

හිසරදේට ඇමති මණ්ඩලය මාරු කිරීම 

  ආණ්ඩුවේ තුන්වැනි ඇමති මණ්ඩල මාරුව ද සිදු විය. ඒ අනුව මේ ආණ්ඩුවේ අවුරුදු තුනක ආයු කාලය තුළ වසරකට එකක් බැගින් වන පරිදි ඇමති මණ්ඩල මාරුවක් සිදු කර තිබේ. කියන පරිදි මෙවර මාරුව ආණ්ඩුවේ අවසාන ඇමති මණ්ඩල මාරුව යි. වසර තුනකට තුන් වරක් ඇමති මණ්ඩලය…

ආපස්සට යන ජනාධිපති 

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් කරමින් සිටින්නේ 2015න් ආපස්සට බව දැන් දැන් හොඳින් පැහැදිලි වෙයි. 2015දී ජනාධිපති ධුරය දක්වා ඔහු ගෙන ආවේ තමා ලේකම්කම දැරූ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය විසින් නොවේ. ඔහුගේ පෞද්ගලික දේශපාලන අතීතය විසින් වත්, ඒ වන තෙක් වූ ඔහුගේ දේශපාලන භාවිතාව විසින්…

රණවිරුවා සහ ත්‍රස්තවාදියා 

  රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හඳුනා ගන්නට අපේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට පවා බැරි වී ඇතැZයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නට පෙර කළ යුතු ව තිබුණේ මඳක් පසුපසට හැරී, තමා පිටුපස සිටි යුද හමුදාපතිවරයාගෙන් ඒ දෙක අතර වෙනස කුමක්දැයි ඇසීම ය. යුද හමුදාපතිධුරයට පත් වුණ දිනයේ ම,…

විස්ස දිනවීම 

ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස් ථා සංශෝධන කෙටුම්පත හෙටානිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත ය. කෙටුම්පතේ අන්තර්ගතය ගැන තව ම පැහැදිලි නැතත්, විධායක ජනාධිපති ධුරය ඉවත් කොට පාර්ලිමේන්තුවට බලය පැවරීමේ විධිවිධාන එහි අඩංගු වන බව දැනගන්නට තිබේ. සමහර විට, ඉන්දීය මොඩලයේ කිසියම්…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018