Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

තීරු ලිපි

කොවිඩ්-19 වෙස් මාරු කරන හැටි 

කොවිඩ්-19 වෙරසය ලෝකය පුරා පැතිරෙද්දී එහි ස්වරූපය වෙනස් වීම හෙවත් ‘මියුටේට් වීම’ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරනවා. වෛරසය වෙනස්කම් ගැන බොහෝ අය කියනවා. ඒ ගැන බියක් ඇති කරගත යුතුදැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දැනට ඇති පිළිතුර වන්නේ කොවිඩ්-19වසංගතයට හේතු වූ චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් හමුවූ සාර්ස්-කොව්-2…

හැන්දෑව

හර්මන් හෙසගේ සිද්ධාර්ථ නැවත කියවීමක් – සත්‍යපාල ගල්කැටිය 

නොබෙල් ත්‍යාගලාභී ජර්මානු මහා ලේඛක හර්මන් හෙස සාහිත්‍යමය දාර්ශනිකයකු ලෙස ලොව හඳුනාගෙන ඇත්තේ සාංදෘෂ්ටිකවාදය හා රොමෑන්තිකවාදය යා කළ ලේඛකයා ලෙසය. ඔහුගේ නවකතාවන් අතර විශිෂ්ටතම නවකතාව ලෙස සැලකෙනුයේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි. මෑතකදී මම සිද්ධාර්ථ නවකතාවේ ඉංග්‍රීසි පිටපත හා දයාරත්න ගරුසිංහයන් විසින් පරිවර්තනය කරන ලද සිංහල පිටපතද කියවූයෙමි….

තීරු ලිපි

කොටියා මැව්වෙත් බැටළුවා මැවූ ඔහු ම ද? 

ලක්ෂාන්ත අතුකෝරල කෝමළ ‘නි’ මුල් කොට ගත් ලාල් හෑගොඩගේ අභිනව කවිතා මෙලඩියෙන් දෙදින වේදනාවක් තනුක වෙමින් පවතී. මා සිටියේ කොවිඩ්-19 කූඩුවෙන් එබී පිටු විහිදුවන පත්තරය මත බර කවියක් තබන්නට තතනමිනි. පුදුමයකට මෙන් කෝමළනියෙහි කිමිදෙද්දී ඒ කවියට ම යා කළ හැකි පබළුවක් ද ලදිමි. “දෙවියන් ලොව…

තීරු ලිපි

නිබන්ධන ඇගයීම: විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තවත් මානයක් – ප්‍රියන්ත ෆොන්සේකා 

කොරෝනා කලබගෑනිය නිසා විශ්වවිද්‍යාල ද වැසී ගියේ ය. වසා දැමෙන දිනය වන විට, පේරාදෙණියේ අප නම් සිටියේ, ගෙවුණු වසර වෙනුවෙන්, මේ වසර ආරම්භයේ පැවති දෙවැනි සමාසිකයේ ප්‍රශ්න පත්‍ර ඇගයුම් කටයුතුවල යෙදෙමිනි. ඒ හා සමග, නව සමාසිකයේ පළමු සතියේ ඉගැනුම් කටයුතු සඳහා වැඩ කරමිනි. නමුත් දැන්…

විශේෂාංග

ඔරොත්තු දෙන ආහාර සැපයුමක්: නියෝග මගින්ද? වෙළෙඳපොළ තුළින්ද? – මහාචාර්ය රොහාන් සමරජීව 

කොවිඩ් උත්සන්න කළ ආහාර අර්බුදය සුමටව ක්‍රියාත්මකව තිබුණු යමක් අපගේ අවධානයට ලක් වන්නේ එය බිඳ වැටුණු විට ය. 1980 ගණන් දක්වා අපගේ පැවැත්මේ කේන්ද්‍රීය මෙවලමක් වූ සලාක පොත අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලාංකික පාරිභෝගිකයනට ආහාර සපයා දුන් සැපයුම් දාමයනට බරපතළ හානි සිද්ධවුයේ කොවිඩ් 19 වෛරස ආසාදනය…

තීරු ලිපි

ස්වාධීන කොමිෂන්වලට එරෙහි දුෂ්ට මෙහෙයුම් 

1978 ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලබද්දී, ශ‍්‍රීලනිපය ඇතුළු වාමාංශිකයන්ගේ තදබල ප‍්‍රහාරයට ලක්වුණු විධායක ජනාධිපති ක‍්‍රමය, තමන්ගේ ‘සභ්‍යත්ව රාජ්‍යයේ’ මුල්ගලක් හැටියට දොස්තර ගුණදාස අමරසේකර දකියි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඔවුන් ඉල්ලන්නේ ඒ ඒකාධිපතිවාදී සිහිනය සැබෑ කරගනු පිණිස, 19 ආපස්සට හැරවීමටය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂටත් ඔහුගේ ආණ්ඩුවටත්…

විශේෂාංග

මැයි 18 අඳුරු අතීතයක් සිහිපත් කර වඩා හොඳ අනාගතයක් උදෙසා පහන් දහසක් දැල්වීම – රුකී ප්‍රනාන්දු 

මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරනපාලෙයි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000 කින් ආලෝකමත් විය. පහන් දහසක්, යුද්ධයේ අවසාන අදියරේ දී විනාශ වූ දස දහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා වැඩි ගණනක් දෙනා සිහිපත් කිරීම වෙනුවෙනි. ඉරනපාලෙයි සහ ඒ අවට පරිසරය 2009දී යුද්ධයේ දරුණුතම…

හැන්දෑව

මේ රටේ නිදහස් මිනිස්සු නැහැ. වහල්ලු ඉන්නේ. 

මහාචාර්ය පූජ්‍ය වල්පොල රාහුල හිමි අවලෝකනය වල්පොල රාහුල හිමියන්ගේ ජීවිතය අපට වැදගත් වන්නේ අද සංඝ සමාජය මුහුණදී තිබෙන තත්වය සැලකිල්ලට ගැනීමේදීය. භික්ෂූන් දේශපාලනයේ යෙදීම යනු කුමක්ද යන්න ගැන පැහැදිලිව නිරවුල්ව උන්වහන්සේ අදහස් දක්වා තිබේ.  ජීවිතයේ බොහෝ විවාද සම්පන්න අවස්ථාවන්ට මුහුණදී තිබෙන අතර, නිර්භයව ඕනෑම බලවතෙකු…

ඉඳ - හිට

ස’යුර් ලෝඩේ – උදන් ප්‍රනාන්දු 

රට විවෘත කළ ද කටුනායක තව ම වසා ඇති බැවින් ද මගේ පියා දේශයට ප්‍රිය වර්ගයේ කෙනෙකු මෙන් ඉහළ තැන්වලට කියා අහස් යාත්‍රාවක් එවන්න නොහැකි හේතුවෙන් ද තවමත් මා සිටින්නේ මවුබිමෙන් එපිට ය. පෙරළුණු අත හොඳ ය කියා මම සුළු මවුබිමෙහි තුටු විය හැකි දේ…

තීරු ලිපි

ඇමෙරිකාවේ චීන ජාතිකයන්ට ජාතිවාදී ප්‍රහාර 

‘වියපත් සුදුජාතික කාන්තාවක්. මාව දැකලා ඇය කිව්වා, ඔයාලාගේ මිනිස්සු ලෙඩ අරන් එනවා. ඈතට යන්න  කියලා.’ වෙරා චෝ නම් චීන සම්භවයක් ඇති ඇමෙරිකාවේ නිව්යෝක්හි වෙසෙන තරුණියක් එසේ කියනවා. ‘මගේ ළඟ හිටියා පණස් හෝ හැට ගණන්වල සුදු ජාතික යුවළක්. සැමියා මගේ ළඟට ඇවිත් අතින් සන් කරමින්, අඩි…