Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

දේශපාලන

අලුත් රේගු රෙගුලාසි මගින් කෘෂිකර්මාන්තයට වන අවැඩ : මහාචාර්ය රොහාන් සමරජීව 

එළවළු ආනයනය (සහ අපනයනය) 2019 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 32 ක් වටිනා එළවළු (සහ පලතුරු විය හැකිය) එම වර්ෂයේ අපනයනය කොට ඇත. මෙය 2018 ට සාපේක්ෂව සියයට 13.3 ක ඉහළ යාමක් වන අතර එය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහළ ම අපනයන වර්ධනයයි….

පුවත්

තාවකාලික ඉඩම ෆොන්සේකාගෙන් ඉල්ලලා 

නාවල කිරි මණ්ඩල මාවතේ පිහිටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිවස ඇති ඉඩමට යාබදව පිහිටි නීත්‍යනුකූල අවසරයකින් යුතුව ෆොන්සේකා මහතා භාවිත කරන ලද ඉඩම් කැබැල්ල නාගරික සංවර්ධන අධිකාරිය යළි ඉල්ලා ඇතැයි වාර්තා වේ. සරත් ෆොන්සේකා මහතාගේ නිවසට යාබදව රක්ෂිත ඉඩම් කොටසක් වශයෙන් එම කොටස තිබී…

පුවත්

දරුණුම විදේශ විනිමය අර්බුදයට රට මුහුණදීලා: බන්දුල ගුණවර්ධන 

ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුදයට රට මුහුණදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. ඒ මැයි 28 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මෙම විදේශ විනිමය අර්බුදය නිසා ආනයන සීමා කිරීම සඳහා පැනවූ ගැසට් නිවේදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා…

තීරු ලිපි

බිල්ලන් මවන දේශපාලනය 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම බලයට පැමිණීම සඳහාත් බලය රැකගැනීම සඳහාත් බිල්ලන් මැවීම යහමින් කර තිබේ. එම ප්‍රධාන දේශපාලන ධාරාවන්ට සම්බන්ධ වී සිටින ඡන්දදායකයන්ද කිසිදු වග විභාගයකින් තොරව එම බිල්ලන් පසුපස ගොස් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ විරුද්ධ පක්ෂයේ සිටින…

හැන්දෑව

නවජීවනය සර්වසාධාරණ නීතියට ප්‍රශ්නාර්ථයක්? කැත්ලීන් ජයවර්ධන 

‘මාස්ලෝවා, උසාවි යන්න සූදානම් වෙනවා’ අළුපැහැ ලෝගුවකින් පිරිපුන් ළයමඬලත්, යෞවන සිරුරත් වසාගෙන සෙසු සිරකරුවන් ද සමඟ සිරකුටියේ දොරින් එළියට පැමිණෙන්නේ තරුණ සිරකාරියකි. විසිහත් හැවිරිදි කැතරිනා මාස්ලෝවා (කතියුෂා) වන ඇය, චෝදනා ලබා සිටින්නේ රජයේ අනුමැතිය ලැබූ ගණිකා නිවාසයක සේවයේ යෙදී සිටියදී තමා වෙත ආ එක් ගනුදෙනුකරුවකුට…

තීරු ලිපි

අමිශ්‍ර ජාන උමතුව… – අශෝක හඳගම 

කොරෝනා කොයිතරම් රුදුරු විසකුරු වුණත්, කොරෝනා විසින් ලබා දුන් අනපේක්ෂිත එහෙත් අනිවාර්ය විවේකය අපට බොහෝ දේ කරන්න අවස්ථාවක් ලබා දුන්නා. විශාලත්වය වැඩි නිසාම කියවන එක කල් දාලා තිබුණු පොත් කිහිපයක් ම මේ කාලයේ කියවලා ඉවර කළා. කෞශල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය’, චූලානන්ද සමරනායක ‘මගේ දිවි සැරිය’…

දේශපාලන

වැඩබලන උපකුලපතිවරුන් පත් කිරීම: දේශපාලන ජාවාරමක් – හිරන්ති සුමනපාල 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල වර්ග දෙකකි. එයින් කොටසක් පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා වන අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ පාලනයට යටත් විශ්වවිද්‍යාල දෙකක් ද පවතී. මෙම විශ්වවිද්‍යාලවල බොහොමයක  උපකුලපතිවරුන්ගේ වසර තුනක සේවා කාලය මේ වනවිට අවසාන වෙමින් පවතින අතර නව උපකුලපතිවරුන්…

දේශපාලන

අතීරණයේ මොහොතක කොවිඩ්-19 ප්‍රහාරයෙන් ලෝක පිළිවෙළ පෙරළෙයිද ? විදර්ශන කන්නන්ගර 

කොවිඩ්-19 වසංගතය ගෝලීය දේශපාලනයට කළ මූලිකම බලපෑම වන්නේ මෙතෙක් සෙලෙවෙමින් තිබූ ලෝක සංස්ථාපිතයන් හා සම්ප්‍රදායන් තවදුරටත් එහි අභාවයන් දෙසට තල්ලු කර හැරීමයි. එහි එක් නිදසුනක් වන්නේ ‘ලිබරල් ජාත්‍යාන්තර පර්යාය’ බිදවැටීමේ තත්වයන් වේගවත් කරලීමයි. සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන්ගේ බල අක්ෂයන් බිඳවැටීමෙන් පසු 90 දශකයේ…

ක්‍රිඩා

ක්‍රීඩා ආයෙ එන්නේ කවදාද? කොහොමද? 

කොරෝනා වෛරසයෙන් නතර වූ, ඇතැම් අය වැදගත් යැයි නොසිතන ප්‍රධානම ක්ෂේත්‍ර දෙකක් වන්නේ සිනමාව ආදි විනෝද කර්මාන්ත සහ ක්‍රීඩාව. වසංගතය ආරම්භ වීමට පෙර නිෂ්පාදනය කළ චිත්‍රපටි, ටෙලි කතාංග ආදි බොහෝ කලා නිර්මාණ අන්තර්ජාලයෙන් හෝ නැරඹිය හැකියි. එහෙත් ක්‍රීඩා රසිකයන්ට වසංගතයෙන් සිදුවූ බලපෑම කෙළින්ම දෑස් ඉදිරිපිට…

තීරු ලිපි

වැඩ බැරි ජනපති නිසා ඇසෙන බ්‍රසීලයේ අඳෝනාව 

කොවිඩ්-19ලොව පුරා රාජ්‍යයන් ගණනාවකට නොසිතූ ලෙස එකවර කඩාවැදුණා. දැවැන්ත පෞරුෂයන් ගොඩනඟාගන්නට උත්සාහ කළ ඇතැම් පාලකයන් මේ අභියෝගය ඉදිරියේ සියල්ල අනාගත්තා. රාජ්‍ය පාලනය ගැන කිසිවක් නොදන්නා ඇතැම් ආධුනික නායකයන් මොනවා කරන්නදැයි සිතාගත නොහැකිව අසරණ වුණා. විවිධ විශේෂඥයන් විවිධ උපදෙස් ලබාදෙන විට කුමන උපදෙස් පිළිගන්නදැයි සිතාගත නොහැකිව…