Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

හැන්දෑව

ඝෝෂාකාරීත්වය අතර මැද නිහඬක හඬ නගන හෑගොඩ – ලියනගේ අමරකීර්ති 

නිහඬතාව යනු භෞතික නිහඬතාව හෙවත් ශබ්දයෙන් තොර වීමම නොවේ. බහුවිධ ශබ්ද අතර නිර්-ශබ්දය වෙනුවෙන් අප දියුණු කරගන්නා සංවේදිතාවකි. හෑගොඩ කවියාගේ කවියෙහි සෑම විශිෂ්ට අවස්ථාවකම ඔහු අපට ආරාධනා කරන්නේ මේ නෙක නෙක මනුෂ්‍ය ඝෝෂාකාරිත්වය අතරම ආත්මීය නිහඬතාවක අසිරිය වෙතය. ලාල් හෑගොඩගේ අලුත් කවිපොත් සිඟිත්ත පළවෙන බවට…

හැන්දෑව

Sapians නොවැදගත් සත්වයාට දේවත්වය හිමිවීම?- කැත්ලීන් ජයවර්ධන 

අප ඉගෙනගත් වාර්තාකරණීය ඉතිහාසය මෙන්ම අප තුළ මුල් ඇදී ඇති විශ්වාස, මතිමතාන්තර බොහොමයක් ද සියුම් ලෙස කොනිත්තන අපූරු පරිවර්තන කෘතියක් ලෙස සේපියන්ස් හැඳින්විය හැකි ය. මේ විවාදාපන්න කෘතියේ කතුවරයා වන්නේ ජෙරුසලමේ හීබෲ සරසවියේ ඉතිහාසය පිළිබඳ ආචාර්ය යුවාල් නෝආ හරාරි ය. ඔහුගේ පර්යේෂණයන්හි විශේෂත්වය වන්නේ පිළිගත්…

විශේෂාංග

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට හා හිජාස්ට යුක්තිය ඉටුවීම කිතුනුවෙකුගේ ඇසින් 

නිසි ක්‍රියාදාමය සහ නීතියේ ආධිපත්‍යය නොසලකා හරිමින් කටයුතු කිරීම සහ යුක්තිය ඉටුකරගැනීමේ නාමයෙන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම අප විසින් කිසිවිටෙකත් සාධාරධෑකරණය කිරීම හෝ ඉවසීම නොකළ යුතු ය. රුකී ප්‍රනාන්දු පාස්කු ඉරිදා එල්ල වූ බිහිසුණු බෝම්බ ප්‍රහාර මාලාවේ වින්දිතයන්ගෙන් බහුතරයක් ක්‍රිස්තියානි භක්තිකයන් වූ අතර, ඔවුන්ගෙනුත් බහුතරයක්…

දේශපාලන

අසුබවාදී අඳුරක සුබවාදයේ රිදී රේඛා – විදර්ශන කන්නන්ගර 

අතීරණයේ මොහොතක… කොරෝනා වසංගතය සමග සහවාසයෙන් සමාජ ජීවිතය ගත කිරීමට බලකෙරෙන අලුත් යුග මොහොතකට දැන් අප පිවිසෙමින් ඇති බව පෙනෙයි. ආරම්භයේදී විදේශීය,පිටස්තර කඩාවැදීමක් වූ මෙම වෛරසය දැන් අපට ආගන්තුක නැති හුරුපුරුදු අනතුරක් ලෙස රූපාන්තරණය වී ඇත. ලංකාවේ පමණක් නොව ලොව පුරා දක්නට ලැබෙන තත්වයද මීට…

තීරු ලිපි

බ්‍රිතාන්‍ය බලවතෙක් නීතිය කැඩුවා, පුරවැසියන් ඉවසුවේ නැහැ 

කොවිඩ්-19  වසංගත සමය පාලකයන් පුරවැසියන් ඉදිරියේ ආදර්ශවත් වීම අත්‍යාවශ්‍ය වන කාලයක්. නිරෝධායනය සඳහා පුරවැසියන්ගේ සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය ලබාගන්නට නම් නිරෝධායන නීති රාජ්‍ය නායකයකයන් හෝ සමීපතමයන් අනුගමනය කළ යුතුයි. ජනාධිපතිවරයෙක් මුඛ ආවරණ පළඳින්නේ නැතිව ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වුවහොත්, ඔහුට හැකිනම් අපට බැරි මොකදැයි පුරවැසියන් විමසනවා….

පශ්චාත් නූතනවාදයේ ලාංකීය භාවිතය – සත්‍යපාල ගල්කැටිය 

මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය ‘සිතිවිලි සිතිජය’ නම් ග්‍රන්ථයෙහි කොලොම්බියානු ලේඛක ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් ගැන කරන පහත සටහන කෙරේ අපි අවධානය යොමුකරමු. ‘ගාර්සියා මාර්කේස් සැලකෙන්නේ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සමග අඛණ්ඩ මිත්‍රත්වයක් පවත්වාගත් ලේඛකයකු ලෙසය. ඔහු සමාජවාදී ලෝකයක් පිළිබඳව මියෙන තුරුම විශ්වාස කෙළේය. එය දේශපාලනික වශයෙන්…

තීරු ලිපි

නීතිපති භූමිකාව කා වෙනුවෙන්ද? 

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවෙමින් පවතී. පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම් මේ වන විට අවසන් වී ඇති අතර වගඋත්තරකාර…

තීරු ලිපි

දේදුන්නක් හැදීමේ අභියෝගය භාරගන්නේ කවුද? 

ඒ ව්‍යවස්ථා උල්ලංඝනය ආවරණය කරගැනීමට, විවිධාකාර ව්‍යාජ තර්ක පසුගිය කාලය පුරාම ආණ්ඩුව ඉදිරිපත් කෙළේය. 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් පරාජයට ඔහුගේ අතිශය දුර්වල නායකත්ව ලක්‍ෂණ, පාලනයකින් තොර කතාබහ, සංවිධානාත්මක හැකියාවෙන් වියුක්ත වීම, අදහස් ගනුදෙනුවලට දක්වන නොකැමැත්ත, ප්‍රතිවාදියාට විකල්පයක් ඉදිරිපත් කිරීමට තිබුණු නොහැකියාව වැනි බලවත්…

දේශපාලන

1970 ගණන් වෙත ආපසු ගමන් කිරීම යනු කුමක්ද? 

1970 ගණන්වල ඇති වූ අර්බුදයේ මූලයන් 1948 ලංකාව නිදහස ලැබීම දක්වා දිවයයි. එය පරාධීන ආර්ථිකයක සිට ස්වාධීන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීමේ දී මුහුණ දෙන්නට සිදුවූ ව්‍යුහාත්මක අභියෝගවල ප්‍රතිඵලයකි. අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන පරිවර්තනය/රමිඳු පෙරේරා කෝවිඩ්-19 වසංගතය නිසා ලංකාව මුහුණ දී සිටින්නේ බහුවිධ අර්බුදයකටය. අපනයන…

විශේෂාංග

වඩා බලවත් කොරෝනා ද? දෙවියෝ ද? – නීල් ක්‍රිස්ටෝෆර් 

අදෘෂ්‍යමාන කොරෝනාවෝ සිය බලය පතුරුවමින් සිටිති. ‘අදෘෂ්‍යමාන සර්වබලධරී දෙවියෝ කැර කියා ගන්නට දෙයක් නැති ව මුව-නාස් වැස්මක් පැළැඳ- ගෙන සැඟවී සිටිති!’ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි යැ’යි කියා පාරම් බෑ මානසික වහල්ලු ද උන්ගේ දෙවියන් ම අනුගමනය කරමින් මුව-නාස් වැස්මක් පැළැඳ බියෙන් සිටිති. මහා බලවත්…