Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

පුවත්

උත්සවවලට නොයන්නැයි නිලධාරීන්ගෙන් ඉල්ලයි 

  දේශපාලන ස්වරූපයේ වැඩ මුළු, සාකච්ඡා, සුහද හමු, භෝජන සංග්‍රහ ආදියට මැතිවරණ රාජකාරීවල යෙදෙන නිලධාරීන් හා මාණ්ඩලික නිලධාරීන් සහභාගි වීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. මැතිවරණ අපේක්ෂකයන් නිවෙස්වල හෝ උත්සව ශාලාවල සංවිධානය කරන එවැනි උත්සවවලට හෝ වෘත්තීය…

දේශපාලන

වසංගතය සහ එහි ආර්ථික ප්‍රතිවිපාක කළමනාකරණයට නැතුවම බැරි ප්‍රජාතන්ත්‍රවාදය 

■ මහාචාර්ය රොහාන් සමරජීව බහු වසංගත කොරෝනා වෛරසය පාදක කරගත් වසංගතය අද ලෝකයට බලපාන එකම ව්‍යසනය නොවේ. විද්‍යාත්මක ප්‍රතිචාරයන්ට අභියෝග කරන, වැරදි තොරතුරු පතුරුවන, දුස්තොරතුරු වසංගතයක් ද ඒ සමග පැමිණියේ ය. සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ලෝකය පුරා ජනතාවට ලබා දෙන විට එන්නත් විරෝධීන් විසින් එම…

කතුවැකිය

කෝවිඞ් 19 හා ප්‍රජාතන්ත්‍රවාදය 

කෝවිඞ් 19 වසංගතය ලෝකයට ආවේ හුදෙක් සෞඛ්‍යමය අර්බුදයක් හැටියට ය. ඉන්පසු එය ආර්ථික, සමාජීය හා අයිතිවාසිකම් අර්බුදවලට ද තුඩු දුන්නේ ය. අප වැනි රටවල ව්‍යසනයේ ඒ මුහුණුවලට අමතර ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයක් ද දකින්නට ලැබේ. ඒ කෝවිඞ්හි ඇති නෛසර්ගික ‘වරදක්’ නිසා ද නොවේ. කෝවිඞ් පාවිච්චි…

විශේෂාංග

ගැසට් නොකළ නිරෝධායන නීතී 

මහ මැතිවරණය පැවැත්වීම සහ එම මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සකස් කළ නිරෝධායන මාර්ගෝපදේශ ගැසට් නොකර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මඟහරිමින් සිටින බව අපි පසුගිය සතියේ වාර්තා කළෙමු. සටහන ලියන මොහොත වන විටත් ඇය නිරෝධායන නීති ගැසට් කර…

විශේෂාංග

ශ්‍රී ලංකා ක්‍රිකට්ට ක්‍රිකට් ගොඩගන්න බැරිද? 

කොවිඞ්-19 වසංගතය නිසා ක්‍රිකට් තරඟ පැවැත්වුවේ නැතත්, පසුගිය සති කිහිපයේ ක්‍රිකට් ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. 2007 න් පසුව ලෝක කුසලාන හතරක අවසන් තරඟයට යෑමට සමත් වූ, විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘති තුනේම පසුපස ශ්‍රේණිගත…

හැන්දෑව

ගුණසිංහ මහත්තයාට ඕනෑවුණේ මිනිසුන්ගේ කොඳු කෙළින් කරන්න – දෙනගම සිරිවර්ධන 

දෙනගම සිරිවර්ධන විසින් රචිත ‘පොදු ජනයාගේ පත්තරකාරයා -දයාසේන ගුණසිංහ චරිතාපදානය’ දැන් සරසවි ප්‍රකාශනයක් සේ එළිදැක්වී තිබේ. දයාසේන ගුණසිංහ යනු අදීන පත්තරකාරයකු ලෙස පිළිගැනීමට පාත්‍රවන්නෙකි. ‘දිවයින’ ඉරිදා සංග්‍රහය ආරම්භ කළ කර්තෘවරයාය. දෙනගම සිරිවර්ධන, සිය විචිත්‍ර හා සජීවී භාෂා භාවිතය නිසා අවධානය දිනාගත් ප්‍රවීණ ලේඛකයෙකි. මේ දෙනගම…

හැන්දෑව

වසංගත කාලේ කෑම මාරු කරමු රාළේ 

බැමිණිතියා සාය සමයේ වෙහෙර, අරඤ්ඤවල වැඩ හිටි භික්ෂූන් වහන්සේලාට කර කොළත් වළඳන්න සිද්ධ වුණාලු. පස්සෙ කාලෙක කර කොළත් සම්බෝලෙට මැල්ලුමට රහයි කියල අපේ අම්මා කියන්න ඉස්සර තාඹුගල ආනන්ද හාමුදුරුවන්ගේ ගෝල නමක් මා එක්ක කිව්වා යුද්ධෙන් බැද්ද හක්කලං කරන්ඩ බැරි තරම් භයානක වෙච්ච කාලෙක කුඩුම්බිගල වැඩ…

විශේෂාංග

කොවිඩ්-19 පරීක්ෂණ මොනවාද? 

කොවිඩ්-19 වෛරසයට අදාලව අප පරීක්ෂණ වර්ග ගණනාවක් ගැන මෑත කාලයේ අසන්නට ඇති. ඒවා තේරුම් ගැනීමත්, මතක තබාගැනීමත් අතිශය අසීරු බව කෙනෙකුට හැඟේවි. විවිධ පරීක්ෂණ වර්ග ඇත්තේ විවිධ හේතු නිසා. ඒවා ගැන තේරුම් ගැනීම අසීරු තරම් සංකීර්ණ කාරණාවක් නෙවෙයි. කොවිඩ්-19 වසංගතය කාලයක් සමාජයෙහි පැවතීමට ඉඩ තියෙන…

ක්‍රිඩා

872 

ක්‍රීඩාව නතර වූ මෙසමයෙහි, ක්‍රීඩාව දිහ නැවත හැරී බලන්න පුලුවන්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විස්මිතම තරඟයක් නැවත නැරඹුවේ ඒ නිසා. ඒ අද අපි අත්දකින උද්වේගකර ක්‍රිකට් වලට සරු පස සැපයූ තරඟයක්. ක්‍රිකට් නව යුගයකට පා තබමින් සිටි කාලයක පැවති සුන්දරම තරඟයක්. 2006 මාර්තු 12…

තීරු ලිපි

බුරුන්ඩි මැතිවරණය අවසන් සාධාරණ නැතැයි චෝදනා 

බුරුන්ඩි රටේ ජනාධිපතිවරණය පසුගිය සතියේ පැවැත්වුවා. අවුරුදු 15කට පසු අළුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. එවරිස්ටේ ඩහිෂිමියේ නම් අළුත් ජනාධිපතිවරයා අවුරුදු 15ක් තිස්සේ බලයේ සිටි පරණ ජනාධිපතිවරයා පියර් කුරුන්සිසා විසින් තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගන්නා ලද අයෙක්. මේ පුංචි, දිළිඳු රටේ හිටපු ජනාධිපතිවරයාට ඇති චෝදනා කෙසේ වෙතත්, ඔහු දේශපාලනයට…