23.4 C
Sri Lanka
14 August,2022

සර්වපාක්ෂික නෑ පොහොට්ටුවේ ආණ්ඩුවක්

Must read

■ අමන්දිකා කුරේ


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්වුවද රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති නොවන බව වාර්තා වන අතර පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක්ම කටයුතු කරන බව වාර්තාවේ.

ජුලි 22 වැනිදා ආණ්ඩුවේ නව අගමැතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇති අතර අමාත්‍ය මණ්ඩලය වශයෙන්ද දිව්රුම් දී ඇත්තේ පැරණි අමාත්‍ය මණ්ඩලයය.


නව කැබිනට් මණ්ඩලයේ ඇමතිධූර භාර නොගැනීමට සමගි ජන බලවේගය සහ දමිළ ජාතික සන්ධානය තීරණය කර ඇති අතර අප කළ විමසීමක දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කඳුරට ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසුවේ සමගි ජන බලවේගය විසින් ඇමතිධූර භාර නොගැනීමට පක්ෂය වශයෙන් තීරණයක් ගනු ලැබූ බවයි.


ආණ්ඩුව සිදු කරන ප්‍රගතිශීලී කාර්යයන් වලට සහය දක්වමින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට ඒ අනුව තීරණය කළ බව ඔහු පැවසුවේ ය.


දමිළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ සිය පක්ෂය ද අමාත්‍යධූර භාර ගැනීමෙන් වැළකී සිටින බවයි.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඒ පිළිබඳව දැනට තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නීතීඥ නිශාම් කාරියප්පර් පැවසුවේ ය.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ආරාධනාවක් ලැබුණහොත් එහි මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගනු ලබන බවයි.


එම පක්ෂ, පක්ෂ ලෙස ආණ්ඩුවට එක් නොවුණද ආණ්ඩුවට සහාය දුන් එම පක්ෂවල සාමාජිකයින් බොහෝ විට ඇමති ධුර බාරගනු ඇති බවද එම පක්ෂ ප්‍රධානීන්ගේ මතයවී තිබේ.
කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති නොවන තත්වය තුළ ජනාධිපතිවරයා ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් ලබා ගැනීමට කටයුතු නොකරනු ඇති බවද වැඩි දුරටත් වාර්තාවේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි