28 C
Sri Lanka
14 August,2022

ගාලුමුවදොර අරගලයේ තැන මාරු කළ යුතු යැයි රනිල් කිව්වා: මනෝ

Must read

■ අමන්දිකා කුරේ


ගාලුමුවදොර පිටිය දේශීය සහ විදේශීය සංචාරකයන් පැමිණෙන ස්ථානයක් වන බැවින් අරගලය පවත්වන ස්ථානය වෙනස් කළ යුතු බවට පක්ෂ නායක රැස්වීමක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බවට කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.


ජුලි 21 වන දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන අතර ගාලුමුවදොර වෙනුවට විහාර මහා දේවී උද්‍යානය හා ටවුන්හෝල් ආශ්‍රිත ප්‍රදේශය ඒ සඳහා ලබා දීමට තමා සිතා සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මනෝ ගනේෂන් මහතා පවසයි.
ඒ පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දී සාමකාමීව ස්ථාන මාරු කිරීමට අවස්ථාව ලබා දෙන බවට ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.


කෙසේවෙතත් කිසිඳු පූර්ව දැනුම්දීමක් හෝ උසාවි නියෝගයක් නොමැතිව ජුලි 21 වන දින රාත්‍රියේදී ගාලුමුවදොරට සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රහාරයක් එල්ල වූ අතර බොහෝ දෙනෙකු ඉන් තුවාල ලබා තිබේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි