No menu items!
19.9 C
Sri Lanka
29 March,2024

සජිත්ද? ගෝටාද?

Must read

රටේ ඉරණම තීරණය වීමට තව ඉතිරිව ඇත්තේ දින හයකි. අප වැළලෙනවාද? ගොඩ යනවාද? තීන්දුව ගැනීමට නියමිතව ඇත. රටේ බහුතරය කතිරය ගසන්නේ හංසයාටය. හෝ පෙහොට්ටුවටය. එවිට බලයට පත් වන්නේ තනි මිනිසෙකි. ඒ මිනිසා කවුද? සජිත් පේ‍්‍රමදාසද? ගෝටාබය රාජපක්සද? මේ දෙදෙනාම මාධ්‍ය අතර දැඩි විවේචනයට ලක් වූවෝ වෙති. කවුරු දිනුවත් බලයේ යෂ්ඨිය විවේචකයන් හඹා එනවාට සැක නැත. එහෙත් රට අපේ නිසා අප ඇත්ත කතා කළ යුතුවේ. මිනිසෙකු හඳුනා ගත හැක්කේ ඔහුගේ හැසිරිමෙනි. පැවැත්මෙනි. බුදුන් වහන්සේ වදාළේ කි‍්‍රයාවෙන් මිස උපතින් කිසිවෙකු බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවන බවය.


අනෙක් සියලු චෝදනා පසෙක තිබුණාවේ. විරකැටියේ සොහොන සඳහා ගෝටාබය තමන් අවභාවිතා කළ කෝටි ගණනක රජයේ මුදල් ආපසු ගෙවා දැමීමෙන් එකී සොරකම කළ බව කි‍්‍රයාවෙන්ම ඔප්පු කොට හමාරය. ඒ නඩුවට ඉදිරිපත්ව, වැරදි කාරයාද නිවැරදි කාරයාද යනුවෙන් අධිකරණය අසන ප‍්‍රශ්නයට උත්තර දීමට ගෝටාබය රාජපක්ස අදටත් පසුවන්නේ දැඩි බියෙනි. ඊට හේතු ගණනාවකි. පළමුවැන්න තම ඇතුලාන්තය සිය පුද්ගල සදාචාරය චින්තනය පැවැත්ම හැදිච්චකම ලසන්ත ඝාතනයේ ඇත්ත අමෙරිකාවේදී හෙළි වුණා වාගේ ඒ දෙන උත්තරයෙන් හෙළිදරව් වන හෙයිනි. ගෝටා හිරේ යා යුත්තෙකු මිස රටක් බාරදිය යුතු අර සිංදුවෙන් කියැවෙන උතුම් මිනිසා නොවේ.


තම දෙමාපියන් පූජනීයත්වයට පත් කරමින් ඉදි කළ සොහොන් කොත් සඳහාද වැය ඔහු කර ඇත්තේ දැන දැනම හොරකම් කළ මුදල්ය. හොරකම සහ වංචාව යනු වර්ග දෙකකි. තමන් සතු නොවන බව දැන දැනම තම පරිහරණයට ගැනීම හොරකමකි. රුපියල් සියයේ භාණ්ඩයට රුපියල් 200ක් බව දැක්වෙන බිල් දමා ගසා කෑම වංචාවකි. දෙමාපියන්ගේ වෙනුවෙන් සොහොන් ඉදි කිරිමටත් ඔහු කි‍්‍රයා කළේ එසේ නම් බලය ලැබුණ විට මේ පුද්ගලයා කෙසේ කි‍්‍රයා කරයිද? ගෝටා අර සිංදුවෙන් කියැවෙන උතුම් මිනිසා නොවේ.


වැඩිහිටියන් දෙගුරුන් පූජ්‍ය පූජකයන් හමුවේ නිවැරදි වීම හැදිච්චි මිනිසුන් සතු අනන්‍යතාවයකි. එවැනි මිනිසුන් අවංක ය. විවෘත ය. ඒ හැදිච්චකම ගෝටාබය තුළ නො පවත්නා බව වීරකැටිය හොරකමෙන් මෙන්ම අමෙරිකා නඩු තීන්දුවෙන්ද දැනටම ඔප්පු වී හමාරය. වීරකැටියේ සොහොන දකින මිනිස්සු ඞී.ඒ. රාජපක්‍ෂ යුවලට නිවැරදි දරුවන් සමාජයට හිමි කළා යයි ගරු කරත්ද? ගෝටාගේ අයියා මහින්ද සිල් රෙදි බෙදුවේත් රාජ්‍ය අරමුදලෙනි. රාජපක්සලා සිය හෘදය සාක්‍ෂියට සමාජ සම්මතයට මතු නොව දෙමාපියන්ටද ගරු නො කරති. පවුලක බලයට යටත් රටේ භාණ්ඩාගාර මුදල් ඒ සඳහා වංචනිකව යෙදවීමට පවත්නා පුරුද්ද අපේ රටේ යහපතට හේතු නොවේ. එය හොරුන්ට රට භාර දීමකි. බුද්ධාගම අනුව අධර්මය රජවීමකි. කි‍්‍රස්තියානිය අනුව සාතන්ට රට භාර දිමකි.


කුමාර වෙල්ගමලා වාසුදේවලා දිගු කලක් ගෝටා ඇතුථ තවත් රාජපක්‍ෂලා එපා කීවේ නිකම් නොවේ. ගෝටලා ගැන වඩාත් හොඳින් දන්නා නිසාය. වාසුදේව ආපසු හැරුණාට කුමාර වෙල්ගම ආපසු හැරි ගොස් නැත. මේ අනුව ගෝටාබය යනු බරපතල චරිතයකි. ඔහු අධිකරණය මග හරින බව රටම දනිති. ඒ තමන් කළ වරදක් ගැන අධිකරණයවත් ප‍්‍රශ්න කරනවාට අකමැති නිසාය. මෙවන් මිනිසෙකු ජිවිතය පුරා තමන් කළ කිසිදු දෙයකට වග නො කියන්නෙකි. ඔහු මාධ්‍ය වේදින්ගේ ප‍්‍රශ්න හමුවේ නිරුත්තර විය. මෙහොතක් ගොථවී සිටි ඔහු මෙසේ ඇසිය.


‘‘ඇයි මගෙන් අතීතය ගැන අහන්නේ අනාගතයේ මගේ සැලසුම් ගැන අසන්න…’’ අතීතයක් නැති ඉතිහාසයක් නැති රටකට අනාගතයක් පැවතිය හැකිද? අතීතය ගැන අසනවාට අකමැති පාලකයෙකුගෙන් අනාගතයක් අපේක්‍ෂා කළ හැක්කේ කුමක්ද? ගෝටාට අප බාර දෙතොත් ඒ අපේ විනාසය මිස රටේ අනාගතය නම් නොවේ. ඔබ ඊට කැමතිද?


ශී‍්‍රලනිපය බිහි කළ බණ්ඩාරනායකලා රාජපක්‍ෂලාට සාපේක්‍ෂව උතුම් මිනිසුන් වෙති. හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදි කළේ මහජන මුදලෙනි. හොරකම් කළ මුදලින් නොවේ. අ`ථත්කඬේ පේ‍්‍රමදාස පිළිරුව ඉදි කළේ වංචාවෙන් ඉපයූ මුදලින් නොවේ. සේ්නානායකලාගේ ගාමිණි දිසානායකලාගේ ලලිත් ඇතුලත්මුදලිලාගේ කිසිදු අනුස්මරණ පිළිරුවකට හොරකම වංචාව මුසුකර නැත. හෙවත් ඒ එකද සිහිවටනයක් සඳහා හෝ වංචනික මුදල් යොදා නැත. වීරකැටියේ හොරකම් චෝදනාව එල්ල වන්නේ ගෝටාබයට බව ලෝකයම දනි. ඔහු ඊට පිළිතුරු දිය යුතුවේ. ඔහු අතීතයට බය ඒ නිසාය.


සජිත් නම් මිනිසාට වැදුණ වැදෙන ගල්මුල් අවලාද කෙරෙහි යොමු වන්න. ඒ හරහා හෙළිදරව්වන කරුණු දෙකකි. පළවැන්න සජිත් ඒ අවලාදයෙන් පැන ගියේ නැත. ඔහු සිය ස්ථාවරය වෙනුවෙන් ශක්තිමත්ව දිගින් දිගටම පෙනී සිටියි. ඊට සාපේක්‍ෂව ගෝටා අනුරාධපුර රැුළියේදී සිරගත වී සිටින රණවිරුවන් එක් රැුයෙන් එළියට ගන්නා බවට දුන් පොරොන්දුව නැවත වේදිකාවකදී සිහිපත් කළේ නැත. හේතුව බන්ධනාගාර ගත කිරිම හෝ නිදහස් වීම යනු දේශපාලනඥයෙකුට සිදු කළ හැකි කි‍්‍රයාවක් නොවන නිසාය. එය රටේ නිතියට පැවරුණ වගකීමකි. ගෝටාට ඇගිල්ල දිගු කෙරෙන ලසන්ත ඝාතනය මෙන්ම, 2012 වැලිකඩ බන්ධනාගාරයේ මිනිස් ඝාතන 27 එවැනි සාපරාධි මැදිහත් වීමකි. ඔහුු රටේ ජනාධිපති වුණොත් සිද්ධ වන්නේ කුමක්ද? අනුරාධපුරදී කළ කතාවෙන් සැබෑ ගෝටාබයගේ ඇතුළාන්තය ඉස්මතු වේ.


2009දී අධි ආරක්‍ෂක කලාපයේදී කුරිරු ලෙස ඝතනය කළ ලසන්ත වික‍්‍රමතුංග පිළිබඳ ගෝටාට එරෙහි අමෙරිකාවේ කැලිපෝනියා ප‍්‍රාන්තයේ ගොනු කළ නඩුවෙන් ඔහු නිදහස් විය. ඒ ලසන්ත වික‍්‍රමතුංග නම් මාධ්‍ය වේදියා ලංකාණ්ඩුවේ උවමනාවට ඝාතනය කළ බවට ගෝටාබය දුන් දිවුරුම් ප‍්‍රකාශය නිසාය. ලංකාණ්ඩුවට එරෙහිව නඩු ඇසීමට අමෙරිකාවට නොහැකිය. ලසන්ත මරා දමා තිබුණේ අධි ආරක්‍ෂක කලාපයක මහ පාරේය. මරණය සිදු කිරිමට පාවිච්චි කර තිබුණේ මසට සතුන් මරණ උපකරණ පාවිච්චි කිරිමෙනි. රාජපක්‍ෂලා පාලනය කරන රටේ දඬුවම් කොතරම් කුරිරුද? අතීතයට අකමැති ගෝටාට අනාගතයේ දවසක ලංකාවේ අධිකරණය ඉදිරිපිට ලසන්ත මරා දැමූ රාජ්‍ය උවමනාව විස්තර කිරිමට කාට හෝ සිදුවනු ඇත. ගෝටා රටේ ජනාධිපති වුණොත් ඒ නඩුව ජාත්‍යන්තර අධිකරණයක විමසනු ඒකාන්තය.

ලංකාවේ නීතිය අනුව පුරවැසියන්ට මරණ දඩුවම දෙන්නේ එල්ලා මැරිමෙන් පමණකි. නඩු නො අසා මහ පාරේ රැුක සිට උල් වලින් ඇන ඌරන් මරන්නා සේ පුරවැසියන් මරා දැමීමට ලංකාවේ නීතියෙන් අවසර නැත. ඒ කුරිරු නීති රාජපක්‍ෂ පාලනයේ ලක්‍ෂණ වෙති. ගෝටාට අනාගතය බාර දුන්නොත් අපට ලැබෙන පාලනය එවැන්නකි. දෙමාපියන්ට සැලකිමේ සිට පුරවැසි පාලනය තෙක් රාජපක්‍ෂලා මෙසේ කි‍්‍රයා කරනු ඇත.


මීට සාපේක්‍ෂව ගෝටාගේ ප‍්‍රතිවාදියා විමසිය යුතුවේ. සජිත්ගේ පෑඞ් කතාව බෙහෙවින් විවාදිත විය. ඔහුට ලජ්ජා නැතැයි සමහරු කීහ. ගෝටා විවිධ හේතු මත හිර ෙ ගදරට කොටුවූ අපරාධ කාරයන්ට කතා කරද්දී සජිත් කාන්තා මාස් සුද්ධිය පිළිබඳ කළ කතාවට විමල් වීරවංශලා උඩ පැන පහර දුන්හ. ඊට පිළිතුරු දෙමින් මන්තී‍්‍රනී රෝහිණි විජේරත්න කීවේ ගර්භාෂයක පිළිසිඳ ගත් එකෙකුට එහෙම කතා කරන්න බැරිය කියාය. රෝහිණි විජේරත්න එහෙම කීවාට විරවංශ ඕපපාතික සත්වයෙකු නොවේ.


‘‘අනේ අර පවුල කන්නේ වේලක් යට වේලක් …’’යයි කී විට හතුරෙකු වුනත් කියන්නේ අනේ පව් කියාය. ඒ අර්තයෙන් ගත් කළ සජි්ත්ගේ දැක්ම ඡුන්ද වාසියක් කර ගැනීමට රාජපක්‍ෂලා දිනවන වහල්ලූ උත්සාහ කළහ. අතින් හෝ පොතින් බලය අල්ලා ගැනීමට ඇටවූ උගුලට විමල් වීරවංශලා සහ මාල හොරුන්ම කොටුවී සිටිති. ලැබෙන වාර්තා අනුව, අමෙරිකා විශ්ව විද්‍යාලවල කාන්තා වැසිකිලිවල සනීපාරක්‍ෂක තුවා මිලට ගැනීමේ පහසුකම් ඇත. මහා බි‍්‍රතාන්‍යය ස්කොට්ලන්තය වැනි රටවල සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාගත හැකිය. සජිත් පේ‍්‍රමදාස ඉස්මතු කර ඇත්තේ ජාත්‍යන්තරය අවබෝධ කරගත් 71 වසරක් අප හඳුනා නොගත් තවත් ඛේදවාචකයකි. විසඳුම් ලබා නොදුන් තවත් ප‍්‍රශ්නයකි. බි‍්‍රතාන්‍යයෙන් සංචාරය පිණිස ලංකාවට පැමිණි තරුණියක ¥ෂණය කර ඇයගේ පෙම්වතා තංගල්ලේදී මරා දැමූ අධමයන්ට ආරක්‍ෂාව දුන් රාජපක්‍ෂලාට කඬේ යන විරවංශලාට ජාතියම අනුකම්පා කළ යුතුවේ. ලංකාව යනු ආර්ථව බද්ද 100%ක් වැඩි කළ රටකි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැුඳවියන්ට මසකට ලැබෙන්නේ එක් සනීපාරක්‍ෂක තුවායක් පමණකි.

පාසල්වල පැය ගණන් එළිමහනේ සිටගෙන දේශනවලට සවන් දෙන දැරියන්ගේ දෙපා හරහා ලේ ගැලීම යනු සාමාන්‍ය සිද්ධියකි. මේ ¥ වරුන් පත්වන අපහසුවට පිළියම් යොදනවා කීමත් රටට ජාතික ආරක්‍ෂාව සපයනවා කියන රාජපක්‍ෂලාට තරම් බරපතල ප‍්‍රශ්නයකි. රාජපක්‍ෂ යුගයේ හතුරන් කී දෙනෙකු අධි ආරක්‍ෂක කලාපවලදී ඝාතනය වීද? එයින් ගම්‍ය වන්නේ ගෝටාගේ ජාතික ආරක්‍ෂාව යනු එක් පවුලක ආරක්‍ෂාව පිණීස ගෙතෙන දැළකි. සජි්ත් දැනටම රටේ ආරක්‍ෂාව පොන්සේකාට භාරදි හමාරය.
සජිත්ගේ පෑඞ් කතාවට ගෝටා ප‍්‍රවර්ධකයන් දැක්වූ ප‍්‍රතිචාර කාන්තා ගෞරවයට කැළලකි. වැ¥ මවුන්ට නින්දාවකි. එහෙම වුණේ ගෝටාගේ බල ව්‍යාපෘතිය තුල මනුෂ්‍යත්වය දයාව නො පවත්නා හෙයිනි. මේ සිද්ධිය ගැන කතා කළ එක් කාන්්තාවක මෙසේ කීවාය. ‘‘මගේ පෞද්ගලික නරකම අත්දැකීම වන්නේ පන්තියේ සාහිත්‍ය සමිතියේ කතාවක් කළ අවස්ථාවකි.

මා ඒ සඳහා නැගිට යන විට අප පන්තිභාර ගුරුවරයා වූ බෞද්ධ භික්ෂූන්වහන්සේ මගේ සුදු ගවුමේ ලේ පැල්ලමක් දැක සූ කියා ඔලුවට අත ගසා ගැත්හ. මා එයින් නොසැලී කතාව කරගෙන ගියෙමි. ඒ මිශ‍්‍ර පාසලේ මගේ පන්තියේ පිරිමි ළමුන් 20ක් විය. ඒ කිසිවෙකු මට හිනා වුනේ නැත. එහි තේරුම ඒ දරුවන් අම්මලා අක්කලා නංගිලා සමග ඔවුන් ජීවත් වූ බැවිනි.’’ ඒ කතාව අනුව ගෝටා ඕනෑ කියන විරවංශලා සාමාන්‍ය දැනුමෙන් මානව දයාවෙන් හෝඩිය පන්තියේය. පෑඞ් මෑන් කියා සමච්චල් කරන විට සජිත් ගෝටා මෙන් හීන් සීරුවේ ලිස්සා ප‍්‍රශ්නයෙන් පැන ගියේ නැත. යළි යළි ඊට පිළිතුරු දෙමින් තම මතයෙහි පිහිටා සිටියේය. ඔහු ප‍්‍රශ්න හැර නොයන බව පමණක් නොව, තමන් කළ කී දේ පිළිබඳව පෙනී සිටින බවද තහවුරු කර ඇත. ඔබ ඊට කැමතිද? බුද්ධ දේශනාව අනුව කි‍්‍රයාවෙන් මිස උපතින් කිසිවෙකු බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවේ. ඔබගේ තේරීම කුමක්ද?

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න .

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි