No menu items!
21.8 C
Sri Lanka
20 April,2024

මීටර් 800ක් දුවා, කිලෝමිටරයකට අයකරන ත‍්‍රීවිල් මාෆියාව

Must read

 

 

තරුණයින්ගේ රැුකියා වියුක්තියට අද එකම පිළියම ත‍්‍රීවිල් රැු කියාවය. පදුරකට ගැහුවත් ත‍්‍රීවිල් එකක් විසිවීම සුළබ තත්ත්වයක් ය. අගනුවර කෙන්ද්‍රියව මේ ත‍්‍රීවිල් කෙරුවාව පිළිබඳව කල්පනා කිරීමේදී එය සමාජ ව්‍යසනයක් බව පෙනෙන්නේය. දිනෙන් දින වර්ධනයවන මේ කියන ත‍්‍රීවිල් සමාජය නිසා මාර්ග තදබදය එන්න එන්නම උග‍්‍රවෙමින් පවතින අතර ඉහළ යන මාර්ග අනතුරුවලටද මේ කියන ත‍්‍රීවිල් රියදුරන්ගේ ක‍්‍රියාකලාපයන් හේතු වී ඇත. අනෙක් පැත්තෙන් පාසලෙන් ඉවත්වූ පසුව තරුණයින් ත‍්‍රීවිලරයක් ලීස්කර රැුගෙන මහපාරට පැණීම තුළ රටේ සංවර්ධනයට අවශ්‍ය තරුණ ශ‍්‍රමය අපතේ යන්නේ ය. මේ කාරණා මෙලෙස පවතින අතර අපි මේ ලිපිය තුළින් කතාකරන්න උත්සාහ කරන්නේ මේ කියන අගනුවර කේන්ද්‍රීය ත‍්‍රීවිල් සමාජය මිනිසුන්ගේ සාක්කුව සුද්දකරන මාපියාවක් පිළිබඳවය.

මීටර් මාෆියාව
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව 2016 වර්ෂයට ආදාළව කරනු ලැබූ සමීක්ෂණයට අනුව දැනට රට තුළ මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රීරෝද රථ ගණන ලක්ෂ 8කට ආසන්නය. එම ත‍්‍රීවිල් රථවලින් මීටර යෙ¥ ත‍්‍රීවිල් රථ ප‍්‍රමාණය ලක්ෂ 2කට ආසන්නය. 2016 වර්ෂය ගෙවී 2018 වර්ෂයද ගෙවෙමින් යන මේ මොහොතේ මේ ත‍්‍රීවිල් රථ සංඛ්‍යා දත්ත බොහෝ සෙයින් වැඩිවී තිබෙන්නට පුළුවන් බව සිහිතබාගත යුතුය. අපි කියන්නට යන මේ මාෆියාව අදාළ වන්නෙ පාරෙ ත‍්‍රීවිල් නැවතුම් පොළවල ගාල් කරතැබෙන මීටර් ත‍්‍රීවිල් රථ සඳහා ය. අපිට දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව අගනුවර කේන්ද්‍රීයව ක‍්‍රියාත්මක වෙන මෙම ත‍්‍රීවිල් තුළ සවිකර තිබෙන මීටරයේ, මීටර් 800ක් කැරකෙන විට කිලෝමීටරයකට අයකරන මුදල පෙන්වනු ලැබේ. ඒ අනුව මෙම ත‍්‍රීවිලරයක ගමනක් යන අප මීටර් 800ක් ගියවිට කිලෝමීටරයක ගාස්තුව ගෙවිය යුතුය. සමහර ත‍්‍රීවිලරයක මීටරය, මීටර් 700යෙන් කිලෝමීටරය පෙන්වන්නට පුළුවන් ය. දැන් අපි සිතා බැලිය යුත්තේ කිලෝමීටරයට වැඩියෙන් අපි යම්ගමනක් ත‍්‍රීවිලරයක් යොදාගනිමින් යනවිට අපට නිකරුණේ අසාධාරණ ලෙස කොපමණ මුදලක් අමතරව ගෙවිය යුතුද යන්නයි. මේ මුදලත් අපේ සාක්කුවෙන් ගන්නේ ඇස්බැන්ඳුමක් කර හොර රහසේමය. මෙලෙස ත‍්‍රීවිල් රථ ගමන් ගාස්තුව මනින මීටරයන් වෙනස් කළ හැකිද එය නීතියට පටහැනි නොවන්නේ ද? එය හොඳ ත‍්‍රීවිල් රථ සේවාවකට ගැළපෙන්නේද? අපි සොයා බැලූවෙමු.

කිලෝමීටරය 1000ට දිව්වත් කමක් නෑ
‘තමුසෙලට ඕනී නම් කිලෝමිටරය රුපියල් 1000ට දුවනවා’ මෙලෙස පවසන්නේ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලය. ඒ ජාතික ත‍්‍රීරෝද රථ සංගමයේ නියෝජිතයින් ඉදිරියේදීය. ප‍්‍රමිතියෙන් තොර ඉහත සඳහන් කරනු ලැබූ පන්නයේ මීටර් සවිකිරීම නිසා ඒතුළින් ත‍්‍රීරෝද රථ කර්මාන්තයට සිදුවන හානිය සහ ත‍්‍රීරෝද රථ ක‍්‍රියාකරුවන් මුහුණ දෙන ගැටලූ පිළිබඳව සාකච්ඡුා කිරීමට මෙම හමුව ඔවුන් යොදාගත්තද අමාත්‍යවරයා තමන්ගේ ප‍්‍රශ්නය මෙලෙස හෑල්ලූ‍ කිරීම නිසා ඔවුනට බලාපොරොත්තු සුන්කරගෙනම සාකච්ඡුා කෙළවර කරන්නට සිදුවී ඇත. ප‍්‍රමිතියෙන් තොර සහ මිනිසුන් ගසා කෑමම ඉලක්ක කරගෙන වෙනස්කර සවිකරනු ලැබූ මෙම ත‍්‍රීරෝද රථ මීටර් වෙනස් කිරීමට ප‍්‍රවාහන බලධාරීන්ට තිබෙන්නේ මෙවැනි උනන්දුවක් ය. මෙම තත්ත්වය තුළ අපිට සිදුවී තිබෙන්නෙ දැනදැන රැු වටෙන්න ය. අනෙක් පැත්තෙන් සමහර ත‍්‍රීවිලර් රියදුරන් රුපියල් 60ක අවමයෙන් ගමන ආරම්භ කරනවිට සමහරුන් ගමන ආරම්භ කරන්නේ රුපියල් 50කින් ය. මේ ආරම්භක කිලෝමීටරයට අයකරන මුදලය. ඇත්තෙන්ම නම් මේ අයකිරීම කරන්නේ ද මීටර් 800කට හෝ 600කට ය. මේ තත්ත්වය තුළ පාරිභෝගිකයින් ලෙස අපිට මේ මාපියාවෙන් ගැලවීමට කරන්නට තිබෙන්නේ ස්ථිර නැවතුම්පොළකින් තොරව, අන්ත‍්‍රර්ජාලය භාවිත කරමින් සිය සේවාව ක‍්‍රියාත්මක කරගෙන යන ත‍්‍රීවිල් ටැක්සි සේවාවකින් ගමන් පහසුව සලසා ගැනීමය. මෙම ටැක්සි රථ තුළ ක‍්‍රියාත්මක වෙන මිලසටහන් මීටරය, පරිගණක මෘදුකාංගයක් මාර්ගයෙන් ඨඡුී තාක්ෂණය ඔස්සේ ක‍්‍රියාත්මක වන නිසා එය හොර බොරුවෙන් තොරබව සිතිය හැකිය. මෙම නවීන ත‍්‍රීවිල් ටැක්සි සේවාවට උවද අපි ගෙවන මුදලට අදාළව බිල්පතක් නිකුත් කිරීම සඳහා පෙළබවීම් කළ යුතුය. එය එසේ නොවන තාක් ගුණාතමක සේවාවක් ලබාගැනීමට නොහැකිවනු ඇත. අනෙක් පැත්තෙන් ත‍්‍රීරෝද රථ නැවතුම්පොළ කේන්ද්‍රීයව ක‍්‍රියාතමක වෙන මේ ත‍්‍රීවිලර් මාෆියාව පිටුදැකීමට මෙම ත‍්‍රීවිල් රථ සඳහාද නවීන තාක්ෂණය සුපිරි ඨඡුී තාක්ෂණය මඟින් ක‍්‍රියාතමක වෙන මෙම මීටර් ක‍්‍රමය හඳුන්වා දිය යුතුය. එය ආණ්ඩුව මැදිහත්වී වහාම කළයුතු දෙයක්‍ ය.

මීටර්වල දෝෂ පරික්ෂා කළ යුතුයි
සුජීව අකුරන
වැඩබලන අධ්‍යක්ෂ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව
ත‍්‍රීවිල් මීටරය තාක්ෂණික වශයෙන් පෙට‍්‍රල් මීටරයට සමානයි. සාමන්‍යයෙන් මෙවැනි උපකරණ ගෙන්වන විට මාදිලි අනුමැතියක් ගතයුතුයි. එහෙත් ත‍්‍රීවිල් මීටර් ගෙන්වීමේදී මේක වුණේ නෑ. මොකද මේ සඳහා මාදිලි අනුමැතියක් හිමිවී තිබුණේ නෑ. මේ අනුව දැනට සමාගම් කීපයකින් නොයෙකුත් වර්ගවල මීටර් ගෙන්වනවා. දැන් මේ මීටර් පරික්ෂා කිරීම් කරන්නට සහ මේ මීටර් පිළිබඳව යම් නීතිමය තත්ත්වයක් හදන්න කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව විදිහට අපි මහන්සි වෙමින් සිටිනවා. දැනටමත් අපි මේ මීටර් ගෙන්වන ආයතන දැනුවත් කරලා තිබෙනවා මේ මීටර්වල පවතින තාක්ෂණික දෝෂ හඳුනාගන්න පරික්ෂා කිරීම් කළ යුතුයි කියලා. ඒ සඳහා මේ වෙනකොට අපි එක් ආයතනයකට අනුමැතිය දීලා තිබෙනවා. කොහොම වුණත් කිරුම් මිනුම් නීතිය ක‍්‍රියාතමක කරන්න 75%කවත් ත‍්‍රීරෝද රථවල මේ මීටර් සවිකළ යුතුව තිබෙනවා. ඒ නිසා අපි මේ ගැන බැ?රුම්ව සිතිය යුතුයි.

ධම්මික ප‍්‍රියදර්ශන

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි