මගෙ මුල් චිත‍්‍රපටය බැලූවේ අවුරුදු 5දී විතර. ඒ කියන්නේ 1972 විතර මයේ හිතේ. 1971 අවුරුද්ද චිත‍්‍රපට බලන වසරක් නෙමෙයි. අවුරුදු 5 විතර වෙනකොට අම්මලා මාව අරගෙන යනවා චිත‍්‍රපටයක් බලන්න. අපි ්‍ය්ඒරස චිත‍්‍රපටය බලන්න ගියේ එම්පයර් එකට. අපේ සීයාගේ ගෙදරට ආවා, ලිලි කියලා සීයාට දුරින් නෑ වෙන කෙනෙක්. සිනමා පත්තර බැලීම හා නළුනිළියන්ගේ පින්තුර එකතු කිරීම, බිත්තිවල ඇලවීම එකල තිබූ කලාවක්. ලිලි ඒ කලාවේ ගිලී සිටියා. මගේ පළමු සිංහල චිත‍්‍රපටය වන ‘උන්නත් දහයි මළත් දහයි’ බැලූවෙ ඇගේ උනන්දු කිරීම මත.


‘හිතුවොත් හිතුවාමයි’ තමයි චිත‍්‍රපටයෟ භාවනා කරන්න පුළුවන් තරම් ආසම සින්දුව තියෙන්නේ මේ ෆිල්ම් එකේ. ඇන්ජලින් කියන ‘මා එදා දෑසින් සනහා..’ සංගීතය සරත් දසනායකගේ. ලෙනින් මොරායස්ගේ වැඩක්. සේන සමරසිංහගේ ‘නිල්ල සොයා’ ගාමිණී, බන්දු හා අපොන්සු වැඩ පෙන්වපු, මිල්ටන්ගේ, සුජාතාගේ සුපිරි සින්දු තියෙන චිත‍්‍රපටයක්. ‘නිල්ල නගන ස්වර්ණ කිංකිණි රාවේ.’ මේක තමයි වට්ටෝරු සිනමාව.


පොඩි කාලෙ චිත‍්‍රපටයක් බලන්න යනවිට නිතැතින්ම ලැබුණ දෙයක් අයිස් චොක්ස් එක. චොකලට් තැවරූ කූරක් ගැසූ අයිස් පලම රසවත්. එලිෆන්ට් හවුස් හෝ ඇලරික්ස් පමණයි එසමයේ විවේකයේදී විකිණීමට තිබුණේ. ඊට අමතරව රට කජු, පෙපර්මින්, ටොපි, කජු කෑලි වැනි කැවිලි වර්ග. අද අනිවාර්යයෙන් අප රැුගෙන යා යුත්තේ හෝ ඇත්තේ පොප් කෝන්ය. පොප් කෝන් යනු අපේ චිත‍්‍රපට සංස්කෘතිය නොවෙයි. ඇමරිකානු චිත‍්‍රපට සංස්කෘතියයි.


සමහර හෝල්වල රෝල්ස් තිබුණි. තවත් ඒවායේ කඩල හා කට්ලට්ස්ද තිබුණි. සැවෝයි, මැජෙස්ටික්, ලිබර්ටි, රීගල්, රියෝ, ඕඩියන්, ටි‍්‍රයෝ, සෙන්ට‍්‍රල් මරදාන, ටවර්, එමෙස් සිනමාහල්වල මිලී 50ක මිල සහිතව, විස්කි, ජින්, අරක්කු, බියර් බෝතල් හෝ වෙනත් සැරබීම වර්ග විකිණීමට තිබුණි. උස ස්ටූල්වලට නැගී විනාඩි 20 විවේකයේදී උගුර තෙමාගන්නා බොහෝ වැඩිහිටියන් මම දැක ඇත්තෙමි. ඔවුහු බේබද්දෝ නොවූහ. එසේ මත්පැන් තොලගෑම පිරිමි අය පමණක් ප‍්‍රගුණ කළ වෙනමම කලාවකි. සංස්කෘතියකි. ඉංග‍්‍රීසි චිත‍්‍රපටවල ඉන්ටර්වල් එක චිත‍්‍රපටය පටන් ගන්න පෙර හා සිංහල චිත‍්‍රපටවල ඉන්ටර්වල් එක මැද්දේද බව අම්මා කීවාය.


අපේ ආච්චිද ප‍්‍රාමාණික නිළියකි. ඇය වඩා ප‍්‍රචලිත වුණේ සිකුරුලියා නිසාය. සිකුරුලියා චිත‍්‍රපටයේ සාදයක සමූහ දර්ශනයක් මොරටුව රස්කින් මන්දිරයේ රූපගත කළ අතර එම සාදයට ඇයටද ඇරියුම් ලැබිණ. හොඳින් සැරසී ඈ එම සාදයට ගියාය. අපට හා බොහෝ අයට ඈ කිව්වේ තමා එම සාදයේ දර්ශනවල සිටින බවය. සිකුරුලියා බලන්නට අප ගියේ ටවර් සිනමා ශාලාවටය. එහි කිසිදු දර්ශනයක ඇය නොසිටියාය.


පල්ලියෙන් ගොස් යුල් බ‍්‍රයිනර් ඉන්න ‘ටෙන් කමාන්ඞ්මන්ට්ස්’ හා තනිවම ගොස් චාල්ටන් හෙස්ටන් ඉන්න ‘බෙන්හර්’ බැලූවේ අම්ම කියපු නිසා සහ ආගමේ චිත‍්‍රපට නිසාය. ඒ කාලේ පල්ලි පන්සල්වල ආධාර දර්ශන නිතර පෙන්නුවේය. ආධාර දර්ශනයක් ලෙස පෙන්වූ ‘ගැටවරයෝ’ ඉරිදා පාසල් ශාලාවේ බැලූ මුත් අතිශයින් මා රසවිඳි චිත‍්‍රපටයකි. ජෝ හා ගාමිණී අනෙක් අය සමග ගහගන්න, ගෑනු හෝටලයේ ගෝරිය කිසිදා අමතක නොවේ. ‘ඇර සොයිසා’ මම බැලූවේ තනියම, හරියට නඩත්තු නොකරන ගැලරි එකේය. පොඩි එකෙක් ගැලරියට ආවාම ඒකෙ ඉන්න ලොකු මිනිස්සුන්ට විවිධ ආශාවන් එයි.


ඕලෙවල් කරලා අපි ඔක්කොම ගියා සැවොයි එකට. මුළු හෝල් එකේම හිටියේ අපේ අවුරුද්දේ ඕලෙවල් කරපු විවිධ ඉස්කෝලවල ළමයි. යාළුවෝත් හිටියා. ‘ලේඩි චැටර්ලීස් ලවර්’ චිත‍්‍රපටයේ හැමෝටම බලන්න ඕනෑ වුණේ එක දර්ශනයක්. ඒක බලන්න තමයි හැමෝම ගියෙ. ඇඩල්ට්ස් ඔන්ලි චිත‍්‍රපට ගැන තමයි අපේ උනන්දුව. බෝ ඩෙරෙක් ඉන්න ‘බොලෙරො’, ඇරීනා හා නොයෙක් චිත‍්‍රපට. ආයෙත් ඒලෙවල් ඉවර උණ දා අපි සැවෝයි ගියා. එදාත් කොල්ලො පිරිලා ‘මතාහාරි’ බලන්න.

චිත‍්‍රපට විචාර කරන්න පුළුවන් කියලා දැනගත්තේ භසටයඑ දඩැර ක්‍යසකැ චිත‍්‍රපටය බලලා සෝවියට් සංස්කෘතික ශාලාවේ (1987* සංවාදයක් තිබ්බා, ඒකේදී. ඒක මෙහෙයවූයේ මතක විදියට ජයන්ත චන්ද්‍රසිරි. එතන හිටිය සමහර අය 1990 වෙනකොට නැති වෙන්න ඇති. මාව කම්පනයට පත්කළේ ණසකකසබට ත්‍සැකාි චිත‍්‍රපටය.


9.30 දර්ශන ඉවර වන්නේ 11.30ට පසුය. මෙම රාත‍්‍රී චිත‍්‍රපට නැරඹීමට කාන්තාවන් එන්නේ නැත. එන අය දකින්නේද නරක අය ලෙසයි. ඒ සංස්කෘතිය අද වෙනස්ය. වරෙක මාලිගාවත්ත ‘රූබි’ හෝල් එකෙහිි ලිංගික දර්ශන ත‍්‍රීඞී මාධ්‍යයෙන් පෙන්වනවා කියා ආරංචියක් පැතිරුණි. පාට කොළ ඇලවූ කඩදාසි කන්නාඩිද ලැබුණි. එයින් බැලූ කල ඔළුව කැරකුණා මිස 3ඞී නොවීය. රූබි එක අපව රවටා තිබුණි.


රාත‍්‍රි බස් දැන් නැත. එනිසාම 9.30 සිනමාවද අහෝසිවී ගොසිනි. පේ‍්‍රම ජයන්ත් හෝ වෙනත් අය විසින් අඳින ලද බිල්ඩින් සයිස් කටවුට්ද දැන් නැත. ඩිජිටල් තිර ඒ වෙනුවට පැමිණ ඇත. චිත‍්‍රපට පෝස්ටර් ගැසූ විශාල මුද්‍රණකරුවන්ද එම මුද්‍රණ කර්මාන්තයද අද අවසන් වී ඈත.


ඉස්සර අපි කළ එක තරගයක් වුණේ සිනමාහල් සහ නගරය එකට කීමයි. මේකලා- කිවු සැණින් ‘ගම්පහ’යයි මම කියමි. ප‍්‍රින්ස්- ගාල්ලය. නිව් විජේන්ද්‍ර – අනුරාධපුර. ජීවනී- අලව්ව. ලැයිස්තුව දිගය. කන්දක් උඩ පිහිටි සිනමාහල අලව්වේ ජීවනීය. නුවර-වෙම්බ්ලි දැන් නැත. උඩුමහල් දෙකක බැල්කනි දෙකක් ඇත්තේ කොන්ට්රාස්- දලූගමය. අමුතුම බොක්ස් ඇත්තේ පාමංකඩ ඊරෝස් එකේය. එකල සුපිරි සිනමාහල්වුණු මැජෙස්ටික්, එම්පයර්, ලිබර්ටි, රීගල්, සැවෝයි ආදියේ ප‍්‍රශස්ත මට්ටමේ වැසිකිළි වුවද, අනෙක් බොහොමයක වූයේ අදද මෙන් අහලකටවත් ළඟාවිය නොහැකි වැසිකිළිය. සිනමා සංස්කෘතිය තියා රටේ සංස්කෘතියද නොදියුණු බව නිගමනයට මෙය කදිම සාධකයකි.


සිනමාහල් චිත‍්‍රපට සංස්කෘතියේ පදනමයි. සිනමාහල් හිමියන් චිත‍්‍රපට සංස්කෘතියේ භාරකරුවන්ය. කූඩාරම්වල චිත‍්‍රපට පෙන්වූ ආරම්භයේ සිට වත්මන් සුපිරි සිනමාහල් දක්වා එය වර්ධනය කළේ ඔවුන්ය. බරපැන ගෙව්වේ අපිය. කලාත්මක සිනමාව, සිනමාව මෙහෙයවන බිම් සාධකය නොවේ. සිනමාව පවත්වාගෙන යාමට නම් ජනප‍්‍රිය සිනමාව අවශ්‍යමය. නැත්තේද එයමය.


ගාමිණී හෝ විජය ෆයිට් කරන්නට එන විට විසිල් ගෑසීම එකල ප‍්‍රසිද්ධ කාරණයකි. ඒ යුගයේ සෙනග ආම්බාන් කිරීම හරක් ආම්බාන් කිරීම හා සමාන විය. විශේෂයෙන්ම කොළඹ හා තදාසන්න පෙදෙස්වල පෝලිම් පැනීම් කිසි ලෙසකවත් කිසිවකු නොඉවසූ කාරණාවක් වූ නිසාද, මහ ගුටිකෙළි ඇතිවන නිසාද, සත්තු වත්තේ කූඩු ලෙස දැල් ගැසූ ටිකට් පෝලිම් හා කුඩා කවුළුවකින් ටිකට් ලබා දෙන ටිකට් කවුන්ටර් නිර්මාණය විය. අදද දෙමළ චිත‍්‍රපටවල විසිල් ගැසීම සිදුවන බව දනිතත් සිංහල චිත‍්‍රපටවල එය සිදුවේද? හේතුව වීරයා මැරිලාද? වැටට උඩින් ගේට්ටු කඩාගෙන පනින පේ‍්‍රක්ෂකයන් සිංහල සිනමාවට තවත් නැත. දෙමළ සිනමාවට තවමත් ඇත.


‘හිඟන කොල්ලා‘ නොබැලූවත් සින්දු මතකය. අංජානා, නැවත හමුවෙමු ආදායම් වාර්තා තැබීය. ‘එරන් කඳ පෙම් හඬ ගුම් දිදී’ එම්එස්ගේ සුපිරි චිත‍්‍රපට ගීතයකි. ්නෑදෑයෝ’ එකේ විජය නන්දසිරි චරිතාංග නළුවකු බව ඔප්පු කළේය. මිනිසුන් ඇදී ගියේ රඟපෑම් හෝ කතාවට පමණක් නොවේ. සින්දු, විහිළු හා පයිට් බැලීමටය. සරල වින්දනය එයයි. පැවැත්මද එයයි. සූකිරි කෙල්ල, ලස්සන කෙල්ල, සුනේත‍්‍රා, ටීවීඑකේ බලපු චිත‍්‍රපට වුවත් සදා මතකය. සින්දුව කියන්නේ ෆ්‍රෙඞීය. හංස විලක් තේරුණේ නැත. දියමන්තිද ඒ කාලේ අපට ඇල්ලූවේ නෑත. 80 ගණන්වලින් පසු චිත‍්‍රපට සංස්කෘතිය ගිලිහිණි. 1983 කලබලවලින් පසු චිත‍්‍රපටහල් ගණනාවක්ම පිළිස්සී තිබිණ. ජවිපෙ අරගල සමයේදී ඉතිරි චිත‍්‍රපට කලාවද මිය ගියේය. දැන් චිත‍්‍රපට පෙන්වන එකම මදෑය. x

x ලක්ෂාන් ඩයස්