වෝල්ටර් මර්ච් විසින් රචිති  ‘In The Blink Of an Eye’නම් ග්‍රන්ථය ඇසුරෙන් සකස් කළේ,

■ එම්.ඩී. මහින්දපාල
බොහෝ කලකට පෙර මගේ බිරිඳ මැගී සහ මම, අපගේ විවාහයේ පළමු සංවත්සරය සැමරීම වස් එංගලන්තයට ගියෙමු. එහිදී මට ඇගේ ළමා වියේ යහළු යෙහෙළියන් කිහිපදෙනෙකු මුණගැසිණ-
‘ආ! ඔයාගේ රස්සාව මොකක්ද? ඔයා මොනවද කරන්නේ?’යනුවෙන් එක් අයෙක් මගෙන් විමසීය- මගේ පිළිතුර වූයේ මා චිත්‍රපට සංස්කරණය ඉගෙන ගන්නා බවයි- ඉන් අනතුරුව ඔහු කීවේ මෙවැන්නකි-
‘ ඕහ්—- සංස්කරණය නේද? ඒ කියන්නේ අර නරක ඒවා කපලා අයින් කරන එක නේද?’
ඇත්තෙන්ම මම කිසියම් අපහසුතාවකට පත්වීමි.
‘ඇත්තෙන්ම ඒක එයිට වඩා වෙනස් වැඩක්- සංස්කරණය කියන්නේ ආකෘතිය, වර්ණය, ගම්‍යතාව, කාලය පරිහරණය කිරීමක්, වගේ දෙයක්’ යනාදි වශයෙන් විවිධ දේ කියන්නට මම උත්සාහ කළෙමි.
‘අහා! හොඳ නැති කොටස් තිබුණොත් ඒවා අයින්කරලා ඉතිරි කොන් දෙක අලවනවා නේද?’
වසර 25ක් ගතවූ අද දින මම ඔහුගේ නිර්ව්‍යාජ දැක්මට ගරුකරමි. මන්දයත් සංස්කරණය යන්න කිසියම් ආකාරයකින් හොඳ නැති කොටස් ඉවත් කිරීමක් වන නිසයි- එහෙත් දුෂ්කරතම ගැටලුව වන්නේ යම් කොටසක් හොඳ නැතැයි තීරණය කිරීමයි- එහෙත් වෘත්තාන්ත චිත්‍රපටයක අරමුණ එයට වඩා සංකීර්ණ වේ. එහිදී මිනිසුන් හා ගැහැනුන්ගේ අභ්‍යන්තර චෛතසිකයන් විදහා පෑමට සිදුවීම නිසා සාපේක්ෂව හොඳ නැති කොටස් ඉවත්කිරීමට වඩා එය සංකීර්ණ කටයුත්තක් බවට පත්වේ. එසේම එක් චිත්‍රපටයකදී හොඳ නැති කොටසක් තවත් චිත්‍රපටයකදී හොඳ වීමට ද ඉඩ තිබේ. මේ අනුව කිසියම් චිත්‍රපටයකදී නරක කොටස වන්නේ කුමක්දැයි විමසා බැලිය යුතුවේ. එය එකී චිත්‍රපටය සඳහාම කෙරෙන ගවේෂණයක් බඳුවේ.
වසර 40කට පමණ පෙර ඩීඑන්ඒ අණුවක ද්විත්ව සර්පිලාකාර (double helix) ආකෘතිය සොයාගත් පසු ජීව විද්‍යාඥයන් සිතන්නට වූයේ දැන් තමනට සෑම ජීවී දේහයකම (organism) ජානමය සිතියම ලබාගත හැකි බවයි.
කෙසේ වෙතත් ඔවුන් සොයා ගත්තේ එය පමණක් නොවේ. නිදසුනක් ලෙස ඔවුන් එය ඉතා සූක්ෂ්මව පරීක්ෂා කරද්දී මිනිසාගේ ඩීඑන්ඒ අණුවක ආකෘතිය පුදුමාකාර ලෙස චිම්පන්සීන්ගේ ඩීඑන්ඒ අණුවකට සමාන බැව් හෙළිවිය- එය 99%ක්ම එක හා සමාන විය- මෙම සමානත්වය කෙසේද යත් මිනිසා හා චිම්පන්සීන් අතර ඇති පැහැදිලි වෙනස්කම් ගැන වුවද අර්ථ දැක්වීම අතිශයින් දුෂ්කර වේ.
එසේ නම් එකී වෙනස්කම් ඇතිවන්නේ කෙසේද?
මිනිසාගේ හා චිම්පන්සීන්ගේ උත්පත්තියේ මුල් අවස්ථාවේදී එනම්; කලල අවස්ථාවේදී ඒවායේ ඩීඑන්ඒ අණුවල වෙනස නිරීක්ෂණය කිරීම දුෂ්කර වේ. එහෙත් කලලය වර්ධනය වද්දී එම වෙනස්කම් වර්ධනය වීම ඇරඹේ. නිදසුනක් ලෙස මුලින් වර්ධනය වියයුත්තේ මොළය ද හිස් කබල ද යන්න තීරණය වීම සැලකිය හැකියි- කුඩා ළදරුවෙකුගේ හිස පරීක්ෂා කිරීමේදී හිසේ ඉහළ කොටසේ හිස්කබල වර්ධනය වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක- එයට හේතුව මොළය ඉතා විශාල ලෙස වර්ධනය වීමේ අවශ්‍යතාවය.- චිම්පන්සීන්ගේ තත්වය මෙයට ප්‍රතිවිරුද්ධ වේ. උන්ගේ මොළයට පෙර හිස් කබල වර්ධනය වන්නේ වඩා දුෂ්කර පරිසරයකට අනුවර්තනය වීමේ අවශ්‍යතාව මතයි. කෙසේ වෙතත් චිම්පන්සියෙකුට වඩා වැදගත් වන්නේ විශාල මොළයකට වඩා ශක්තිමත් හිස්කබලකි- එයාකාරයේ වෙනස්කම් රැසක් චිම්පන්සින් හා මිනිසුන් අතර සිදුවේ. ඇඟිලි, ඇටසැකිල්ල හා ඇතැම් පේශීන්ගේ වර්ධනය යනාදි වශයෙනි.
මගේ තර්කය වන්නේ ඩීඑන්ඒ අණුවක ඇති තොරතුරු සමූහය හරියට සංස්කරණය නොකළ පටලපට තොගයක් මෙන් බවයි- යටකී විස්මයජනක අණුපිළිවෙළ සැකසීමේ කේතය ( sequencing code) බවට පත්වන්නේ සංස්කාරකවරයායි.
කිසියම් චිත්‍රපට රූගත කිරීමක පටල තොගයක් එක ළඟ කාමර දෙකක සිටින සංස්කාරකවරුන් දෙදෙනෙකුට ලබා දුනහොත් ඔවුන් එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක් කරනු ඇත. ඒ දෙදෙනා ඒවායේ ආකෘතිය සකස් කිරීමේදී එකිනෙකට වෙනස් තීන්දු තීරණ ගන්නා නිසායි. එනම්; එකී තොරතුරු සමූහය කුමන අවස්ථාවේ- කුමන අනුපිළිවෙළකට නිකුත් කළ යුතුද යන්නයි.
නිදසුනක් ලෙසි ‘X’ නම් අය වාහනයට ගොඩවීමට පෙර තුවක්කුවට පතරොම් දැමිය යුතුද, නොඑසේ නම් වාහනයට ගොඩවුණාට පසු එය කළ යුතුද යන්න අප දන්නේද? මේ කවර තීන්දුවක් වුවද දර්ශනයේ පිළිබිඹුව සහමුලින්ම වෙනස් කරනු ඇත. මේ අනුව ඔබ එවැනි තීන්දු රැසක් ගනිමින් ඔබගේ කාර්යය කළ යුතුවේ. අවසානයේ සිදුවන්නේ චිම්පන්සීන්ගේ හා මිනිසුන් අතර වෙනස්කම් සිදුවූ ආකාරයෙන් එකම පටල පට ප්‍රමාණය හරහා වෙනස් චිත්‍රපට දෙකක් නිර්මාණය වීමයි.
මෙහිදී චිම්පන්සීන් හා මිනිසුන් අතර ඇති වෙනසට සාපේක්ෂ වටිනාකම් ලබාදීමට මම උත්සාහ නොකරමි. එකී සත්ත්ව කොට්ඨාස දෙක තම තමන්ගේ පරිසර සාධකයන්ට උචිත ලෙස හැඩගැසී ඇති බව පමණක් අප සලකා බැලිය යුතු වේ- මා වනාන්තරයේ ගසින් ගසට පැනයාමත්, චිම්පන්සියා මේ පොත ලිවීමත් එකිනෙකා තුළ ඇති නෛසර්ගික වටිනාකමක් නොවේ. එය එකිනෙකා තම තමන්ගේ පරිසරයන්ට අනුගත වීම හරහා සිදුවන්නකි.
මේ අනුව චිම්පන්සියෙකු තැනීම ආරම්භකොට ඌ මිනිසෙකු කිරීමට උත්සාහ කළයුතු නොවේ. එහිදී අවසානයේ ඔබ විසින් කරනු ලබන්නේ ප්‍රැන්කන්ස්ටයින්ගේ අද්භූත සත්ත්වයෙකු වැන්නෙක් ගොඩනැඟීමයි- මෙහි චිත්‍රපට අනුවර්තන අප සිනමාහල්වල කොතෙකුත් දැක ඇත්තෙමු- ං නම්වූ චිත්‍රපටය එකී නිශ්චිත අරමුණ හා ‘පරිසරයට’උචිත චිත්‍රපටයකි- එහෙත් අතරමඟදී කෙනෙකු ඉන් සම්භාව්‍ය චිත්‍රපටයක් කිරීමට තීරණය කොට කටයුතු කිරීමට යාමෙන් සිදුවිය හැක්කේ අතිශයින් නීරස, ව්‍යාජ චිත්‍රපටයක් බිහිවීමයි-
චිම්පන්සි චිත්‍රපටයකින් යමෙකු මිනිස් චිත්‍රපටයක් කිරීමට යන්නේ නම් එයද සාර්ථක නොවේ-
එසේම Y නම් වූ චිත්‍රපටය ඉතා සංකීර්ණ විෂයයක් හා සියුම් ගැටලුු සාකච්ඡා කරන එකක් වේ නම් පසුව එයට යම්යම් ක්‍රියාදාම කොටස් හා ලිංගික ජවනිකා ඇතුළත්කොට තවත් කොටස් රූගත කිරීමට නිෂ්පාදකවරයා බල කරයි නම් එහිදී ද බිහිවන්නේ දුර්වල චිත්‍රපටයකි. එනම් චිිම්පන්සියෙකු හෝ මිනිසකුද නොවන අමුතුම වර්ගයේ චිත්‍රපටයකි.
ග්‍රන්ථ කර්තෘවරයෙකු වෙනුවෙන් පොත් සංස්කාරකවරයෙකු කටයුතු කරන්නාක් මෙන් චිත්‍රපට සංස්කාරකවරයාද චිත්‍රපට අධ්‍යක්ෂවරයා වෙනුවෙන් කටයුතු කරයි. එහිදී යම්යම් තීන්දු තීරණවලට පැමිණීම, ගත යුතු පියවර, එකිනෙකාට උපදෙස් හා ගුරුහරුකම් ලබාදීම, කිසියම් රූගත කිරීමක් චිත්‍රපටයේ ඇතුළත් විය යුතුද නැද්ද හා අලුුතෙන් දේවල් එකතු කළ යුතුද යන්න තීරණය කෙරේ. එහෙත් ග්‍රන්ථකරණයේ දී අවසානයේ වචන ගළපමින් ලිවීමේ කාර්යය කරන්නේ රචකයායි.
එහෙත් සිකමාකරණයේ ද රූප එකිනෙක කිසියම් අනුපිළිවෙළකට, රිද්මයකට ගැළපීම හා එක්කිරීම (ග්‍රන්ථකරණයේදී වචන මෙන්) පිළිබඳ වගකීමක් සංස්කාරකවරයාට ද ඇත- එහිදී අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය වන්නේ සංස්කාරකවරයාට උපදෙස් ලබාදීමයි- එය හරියටම අධ්‍යක්ෂවරයා නළු නිළියන් සමඟ කරන කටයුත්තට සමාන වේ. මේ අනුව කිසියම් චිත්‍රපට ව්‍යාපෘතියක දී අධ්‍යක්ෂ-සංස්කාරක සබඳතාව නිරතුරුවම එකිනෙකා වෙත දෝලනය වෙමින් ක්‍රියාත්මක වේ.
ඇතැම් රෝග සඳහා කෙරෙන සිහිනමය ප්‍රතිකාර ක්‍රමවලදී (Dream therapy ) රෝගියා එනම්; සිහින දකින්නා, වෙනත් අයෙකු එනම්; සිහිනයට සවන්දෙන්නා සමඟ යුගලගත වේ- සිහිනයෙන් අවදිවූ පසු දෙදෙනා එක්වී පෙරදින රාත්‍රියේ දුටු සිහිනය විමර්ශනය කරති.- බොහෝ අවස්ථාවලදී සිහිනය දුටු තැනැත්තාට සිහිනය මතක නැත- නොඑසේ නම් මතක ඇත්තේ තනි රූපයක් ගැන පමණි- යටකී ක්‍රියාවලිය ආරම්භ කිරීමට එය වුවද ප්‍රමාණවත් වේ- එම රූපකය විස්තර කළ පසු, සවන්දෙන්නාගේ කාර්යභාරය වන්නේ එම රූපය පාදක කොට ගෙන කිසියම් සිදුවීම් මාලාවක් යෝජනා කිරීමයි- නිදසුනක් ලෙස සිහින දකින්නාට මතක ඇත්තේ ගුවන් යානයක රූපයක් පමණකැයි සිතමු- එහිදී එකවරම සවන්දෙන්නා යෝජනා කරන්නේ එය තහිටිවලට ඉහළින් පියාසර කරන යානයක් වියහැකි බවත්, එය ඉන්දුනීසියාවේ පැවැත්වෙන ගොල්ෆ් තරගයකට ගෙනයන බෝලවලින් පිරී ඇති බවත්ය- එකෙණෙහිම සිහින දකින්නා විරෝධය පළකරමින් කියා සිටින්නේ එය පියාපත් තට්ටු දෙකේ ගුවන් යානයක් ( bi-plane )  බවත් එය ප්‍රංශයේ සටන් භූමිියකට ඉහළින් පියාසර කළ බවත්ය.
වෙනත් වචනවලින් කියන්නේ නම් මතකයේ සැඟව ගිය සිහිනය වෙනුවට වෙනත් දෙයක් යෝජනා කළ විට සිහිනය ඉබේටම මෙන් ඉස්මතුවීම ඇරඹෙන බවයි. පියාපත් තට්ටු දෙකේ ගුවන් යානය පිළිබඳ අනාවරණය වීම හේතු කොට ගෙන අසා සිටින්නාට නැවතත් සිහිනයේ වෙනත් මානයන් පිළිබඳ යෝජනාවක් වුවද ඉදිරිපත් කළ හැක- මෙම ක්‍රියාවලිය දිගටම සිදුවීම හරහා සිහිනය පිළිබඳව ඇති තරම් තොරතුරු නිරාවරණය වේ-
චිත්‍රපට අධ්‍යක්ෂවරයා හා සංස්කාරකවරයා අතර සබඳතාව ද එයාකාර වේ- එහිදී සිහින දකින්නා අධ්‍යක්ෂවරයා වන අතර සවන් දෙන්නා සංස්කාරකවරයා වේ- එහෙත් හොඳින් සූදානම් වී සිටින අධ්‍යක්ෂවරයාගේ පරිකල්පනය හා මතකය තුළද සීමාසහිතකම් කොතෙකුත් පවතී- විශේෂයෙන්ම සියුම් තොරතුරු හා අදාළව එය එසේ සිදුවේ- මේ අනුව සංස්කාරකවරයාගේ කාර්යභාරය වන්නේ අධ්‍යක්ෂවරයාගේ බොඳවී ගිය සිහින මතක් කරගැනීමට යම් යම් දේ යෝජනා කිරීමයි- (හෙතෙම ඇම විසිකරයි) ඇතැම් විට එකී යෝජනා හේතු කොටගෙන ඇතැම් දර්ශන චිත්‍රපටයෙන් මුළුමනින්ම ඉවත්කිරීම වුවද සිදුවිය හැක- නොඑසේ නම් මේ රූපඛණ්ඩය (shot) මේ රූපරාමුව ළඟින් ඡේදනය කරනවාද? නොඑසේනම් තත්පරයෙන් 1රැ24 කට පසු එසේ කරනවාද? වැනි සියුම් කරුණු පවා ඉස්මතුවීමට පුළුවන.
ඇතැම් අවස්ථාවලදී අධ්‍යක්ෂවරයා සවන්දෙන්නා වී සංස්කාරකවරයා සිහින දකින්නා බවට පත්වීමටද ඉඩ ඇත. එවිට ඇම විසිකරන්නේ අධ්‍යක්ෂවරයායි- මේ කවරාකාරයකින් වුවද අවසාන ප්‍රතිඵලය වන්නේ සිහිනය හොඳින් නිරාවරණය වීමයි.
දාන ඇම අනුව තමන් අල්ලන මාළුවාගේ ස්වභාවය තීරණය කෙරෙන බව ඕනෑම මසුන් මරන්නෙක් දනී-
චිත්‍රපටයක දී විවිධ රූපඛණ්ඩ එකිනෙක බද්ධකළ හැකි තාරකා විද්‍යාත්මක සංඛ්‍යාව පිළිබඳ අවධාරණය යොමුකිරීමට දැන් මම කැමැත්තෙමි. ඔබ චිත්‍රපටයක් සංස්කරණය කිරීමට කවර යන්ත්‍රයක් භාවිත කළද නොකළද මෙම සංඛ්‍යාව එලෙසම ක්‍රියාත්මක වේ-
කිසියම් දර්ශනයක් රූප ඛණ්ඩ දෙකකින් පමණක් රූගත කර ඇතිනම්, එනම්; A හා B නම්වූ කැමරා ස්ථාන දෙකකින් එය රූගත වී ඇති නම්, ඔබට කළ හැක්කේ එක්කෝ A පමණක්, නැත්නම් B පමණක් යොදා ගැනීමට හෝ නැතිනම් AB දෙකේම සංකලනයක් යොදා ගැනීමටයි- ඒ අනුව ඔබට උපරිම වශයෙන් හතර විදියකට එකී රූපඛණ්ඩ භාවිතා කළ හැකියි- එනම් A,B ,  B+A හෝ A+B වශයෙනි.
කෙසේ වෙතත් මෙම රූපඛණ්ඩ ප්‍රමාණය දෙකකට වඩා බොහෝ සේ වැඩි නම්, නිදසුනක් ලෙස සාමාන්‍යයෙන් 25ක් පමණ වේ නම්, යටකී සංඛ්‍යාව තාරකා විදාත්මක සංඛ්‍යාවක් බවට පත්වේ- එනම්; එම රූප භාවිතා කළ හැකි ආකාරය අතිවිශාල සංඛ්‍යාවක් බවට පත්වේ.
මෙය කිසියම් සූත්‍රයක් ආකාරයෙන් පෙන්වා දිය හැක- එය නම්,
C = (e x nl / ni)-1 යන්නයි-
මෙහිදී C යනු රූප එකතු කළහැකි ආකාර සංඛ්‍යාවයි N යනු රූගත කර ඇති කැමරා ස්ථාන සංඛ්‍යාවයි. මෙහිදී E යනු කිසියම් නියත අගයකි (transcendental number)  එය ගණිතයේදී භාවිත කරන π නම්සංඛ්‍යාව මෙනි N සමඟ ඇති I යනු (exclamation point) එක්තරා විදියකින් ගණිතය භාවාත්මක වීමක් අඟවයි (mathematics gets emotional) එය සාධනාත්මක (factorial) යන්න නියෝජනය කරයි (stands for factorial ) ඉන් අදහස්වන්නේ ප්‍රස්තුත, එතෙක් ඇති සියලුම අංකවල ගුණිතයයි (which means you multiply together all the numbers up to and including the number in question)
නිදසුනක් ලෙස 4 යන්නෙහි සාධනාත්මක අංකය = 1x2x3x4 =24 වේ-
අංක 6 හි සාධනාත්මක අගය=1x2x3x4x5x6 = 720කි-
මේ අනුව ප්‍රතිඵලය ක්‍රම ක්‍රමයෙන් විශාල සංඛ්‍යාවක් බවට පත්වනු ඔබට පෙනී යනු ඇත- 25 සාධනාත්මක සංඛ්‍යාව යනු අතිවිශාල සංඛ්‍යාවකි- එය බිලියන, බිලියන, මිලියන 15කි- එනම්; 15 ට පසු බිංදු 24 ක සංඛ්‍යාවකි- එය ැ වලින් වැඩිකිරීමෙන් ආසන්න වශයෙන් 40 හා බිංදු 24 ක සංඛ්‍යාවක් ලැබෙනු ඇත- ඉන් 1ක් අඩු කළවිට අවසාන ප්‍රතිඵලය ලැබේ-
මේ අනුව රූපඛණ්ඩ 25කින් පමණ රූගත කළ දර්ශනයක් 39,999,999,999,999,999,999,999,999 ආකාරයකින් සංස්කරණය කළ හැකි වේ- මෙම සංඛ්‍යාව සැතපුම්වලට හැරවුවහොත් අපට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ සමස්ත ග්‍රහලෝකවල පරිධීන්ගේ එකතුවට සමාන වේ (the circumference of the observable universe)
ඔබ සතුව කිසියම් දර්ශනයක රූපඛණ්ඩ 59ක් ඇත්නම් එය අසාමාන්‍ය තත්වයක් නොවේ- එවිට ඒවා බද්ධ කළහැකි ආකාරය දැක්වෙන සංඛ්‍යාව සමස්ත විශ්වයේම ඇති අනු පරමාණුක (subatomic) අංශු ප්‍රමාණයට සමාන වනු ඇත! මා සංස්කරණය කළ ඇතැම් ක්‍රියාදාම ජවනිකාවල සමහර විට රූපඛණ්ඩ 250 ක් පවා ඇතුළත් විය- මේ අනුව යටකී සංඛ්‍යාව කවරක් විය හැකිදැයි ඔබට පැහැදිලි කළ යුතු නොවේ- එය 88 හා බිංදු 91ක සංඛ්‍යාවක් වනු ඇත-
කෙසේ වෙතත් මෙලෙස අමුණන බොහෝ අනුවාද (versions) මුළුමනින්ම කිසිදු අරුතක් නැති වල්පල් වනු නියතය. එය මිලියනයක් චිම්පන්සීන් හා මිලියනයක් වූ යතුරු ලියන සම්බන්ධ පැරණි කථාව සිහිගන්වයි. උන් යතුරු ලියනය කළ කිසිවක කිසිදු අරුතක් නිරූපණය නොවනු ඇත.
එහෙත් 40 හා බිංදු 24 සංඛ්‍යාවකින් ඉතා කුඩා ප්‍රමාණයක් (යම් අරුතක් ගෙන දෙන හොඳ අනුවාද ප්‍රමාණය) වුවද විශාල අනුවාද ප්‍රමාණයක් බවට පත්වේ. නිදසුනක් ලෙස සෑම මිලියනයේ සිව්වැනි බලය සහිත සංඛ්‍යාවකින් (quadrillion) හොඳ අනුවාද ලබාගත හැක්කේ එකක් වුවද එහිදී තවත් අනුවාද මිලියන 40ක් ගොඩ නැඟීමට අවස්ථාව ඉතිරිවේ. මා මේ සඳහන් කරන්නේ කිසියම් එක් දර්ශනයක් හා අදාළව පමණ-ි.
මේ අනුව කිසියම් චිත්‍රපටයක් සංස්කරණය කිරීමට භාර ගන්නා සංස්කාරකවරයා හෝ සංස්කාරකවරියගේ සිත තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇතිවන උභතෝකෝටික ගැටලුුව වන්නේ ඔහුට හෝ ඇයට මුහුණදීමට සිදුවන තීන්දු තීරණ සංඛ්‍යාව කොපමණද යන්නයි. ■