ඕනිම කළු වළාවක රිදී රේඛාවක් තියෙන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා නේ!! ඒක ඇත්ත. මේ කතාවත් ඒ වගේ එකක්. අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පස්සේ අපේ ආහාර රටාවත් වෙනස් වෙලා. දැන් අපි වෙනදාට වැඩිය ඌරු මස් කන්න පටං අරං. ඒ තීරණය පිටිපස්සේ ජාතිවාදය තියෙන්න පුළුවන්. අපි ජාතියක් විදිහට ඌරු මස් කෑවා. ඒ ඌරු ගොවිපළ ක‍්‍රමය එන්නත් කලින්. තමන්ගේ හේනට පනින වල් ඌරා මරලා මස් කොටස් කරලා ගමටම බෙදලා කන සිරිතක් තිබුණා. ඊට පස්සේ ඌරු මස් හරක් මස් වගේම මස් ලෑල්ලට ආවාමත් අපි ඌරු මස් කෑවා. මේක වල් ඌරා වගේ නෙවෙයි ටිකක් මෙලෙකයි නේ්! වගේ කතා අස්සෙ තමයි ඊට පස්සෙ කඩෙන් එන ඌරා අපි ගිල දැම්මේ. ඒත් දශක දෙකකට විතර උඩින් පෙන්ෂුයි වාස්තු වගේ සංකල්ප රටේ මුල් බැසගන්න උනාට පස්සේ ඌරු මාංස ගෙදරට ගේන එක බොහෝ මිනිස්සු අතහැරියා. අනෙක මිනිස්සු ඉස්සරට වැඩිය යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් පස්සේ පන්නන්න වුණාට පස්සේ ඌරා ආවොත් දෙයියෝ එන්නේ නෑ කියලා ඌරා ගෙවල්වලට ගේන එක නැවැත්තුවා. ඒත් සමහරු නම් හදිහූනියන්වලට බයේ ඌරු තෙල් ටිකක් ගෙදර මුදුන් යටලීයේ එල්ලගත්තා. කොහොමින් කොහොම හරි මේ ඌරාට වැට බැඳීමට වැඩියෙන්ම දායක වුණේ ගෑනු. හැබැයි පිරිමි ගෙදරට නොගෙන රෙස්ටුරන්ට්වල, එළියේ කොහේදි හරි දිවට ඌරා මුණගැස්සුවා. අපි අද වුණත් වියලි කලාපයට ටි‍්‍රප් එකක් ගියාම, කිතුල් රා ටිකක් බොන්න ගියාම හොයන්නේ වල් ඌරා. ඒ අපේ වලත්තු දිව නිසා.

මෙහෙම තිබුණ රට එකපාරට 21 ප‍්‍රහාරයෙන් පස්සේ වෙනස් වුණා. ඔන්න දැන් ගොඩාක් ගෙවල් ඌරාට දොර ඇරලා. අපි දන්නවානේ පහුගිය කාලයේ හරක් මස් කඩ වැහුණා කියලා. දැන් ඒ කඩ ඌරාට විවෘත කරමින් යනවා. අනික් පැත්තෙන් මේ නව ඌරු රසවාදය නිසා හරක් මසත් දැන් නැවත ජනප‍්‍රිය වෙන්න පටං අරගෙන. මේ ජනප‍්‍රියතාව මැනලා බලන්න පුළුවන් එක තැනක් තමයි මේ වෙනුවෙන් මුහුණු පොතේ නැත්තං ෆෙස්බුක් එකේ පෙළගැස්ම කොහොමද කියලා බලන එක.


‘ලංකා ඌරු මස් සංසදය‘ කියන ෆෙස්බුක් ගෘප් එකට දැන් සාමාජිකයින් හතලිස් දාහක් ඉන්නවා. ඒකෙන්ම පේනවා නේද මේ සිද්ධියෙන් පස්සේ අපි ඌරු මස්වලට කොච්චර කැමතිවෙලා තියෙනවාද කියලා. මේ ගෘප් එකේ සාමාජිකයන් දෛනිකව තමන් ඌරුමස් රස බලපු හැටි ඡුායාරූප මතකයන් එක්ක බෙදාගනිමින් ඉන්නවා. ඔවුන් එක එක ක‍්‍රමයට ඌරු මස් හදාගත්ත විදිහ, අනෙක් සාමාජිකයන්ගේ කටට රස දැනෙන්න බෙදාගන්නවා. මේ ගෘප් එකේ ජනප‍්‍රියතාවත් එක්ක දැන් හරක් මස් සංසදයකුත් හැදිලා. ඒකත් ජනප‍්‍රිය වීගෙන යනවා. ඉතිං මේවා හොඳ දේවල් නෙවෙයිද?

ඌරු ඉතිහාසය අරං බැලූවොත් කිස්තු පූර්ව 1000දී විතර ඉඳලා මිනිස්සු ඌරාගේ රස බලනවා. මේක තවත් ඈතට යන්න පුළුවන්. යුරෝපයේ ඌරා පරදවලා කුකුලා දිනලා බඩට ගියේ, ඌරාට සාපෙක්ෂව කුකුලන් ඇතිකරන්න යන වතුර ප‍්‍රමාණය අඩුවීම. කුකුලන් මසට අමතරව බිත්තර ලබාදීමත් එක හේතුවක්. ගිනිකොන ආසියාව, චීනය මුල්කරගත්ත කලාපය ඌරා එදා ඉඳලාම කෑවා. ඉන්දියාවත් එහෙමයි. ස්ලාමය ව්‍යාප්ත වෙන්න උනාට පස්සේ තමයි මේ රටවල් ඌරාට සීමාවන් පැනවූවේ. මැදපෙරදිග මිනිස්සු වුණත් ස්ලාම් ආගම ව්‍යාප්ත වෙන්න කලින් ඌරාගෙ රස බැලූවා. යුදෙව්වන් ඌරා කෑවේ නැතුවාට කතෝලිකයෝ ඌරුමස් රුසියෝ. ඒත් මේ රුසිය චීනයත් එක්ක බලනකොට අබෑටක් වගේ කියලයි මට නම් හිතෙන්නේ. කොහොම වුණත් මොන ආගමික සීමාවන් ආවත් ලෝකයේ බොහෝ මානවයන් තමන්ගේ ආහාර වේලට තවමත් ඌරු මස එකතු කරගන්නවා.

පහුගිය කාලේ ආපු කතාවක් තමයි ඌරු මාංසයේ දවටනයක් විදිහට තියෙන මේද තට්ටුව නැත්තං අපි කියන්නේ පොල් කෑල්ල, අන්න ඒක අපේ ශරීරයට අගුණයි කියන එක. ඒත් දැන් අලූත්ම පර්යේෂණ කියන්නේ ඌරු මේදය ලෝකයේ ඉහළම පෝෂණයක් තිබෙන ආහාර අස්සට පනිනවා කියලා. ඔවුන් කියන විදිහට මේ පොල් කෑල්ල ඒ ශ්‍රේණියේ මුල් පස් දෙනා අතර ඉන්නවා. අපොයි!! අපි කොලෙස්ටරෝල් අර රෝල් ලැනරෝල් කියලා පිඟානේ කොනට වීසිකරලා තියෙන්නේ හොඳම පෝෂකයක් නේ. කොහොම වුණත් ඌරු මස ගත්තාම අපි දන්නවා වැඩි ප‍්‍රමාණයක් ප්‍රෝටීන තිබෙනවා කියලා. මීට අමතරව ගත්තොත් ඔය ඇඟට ඕනෑම ඕනෑ පොඩි පොඩි මූලද්‍රව්‍ය ගෝඩාක් ඌරා තමන්ගේ මාංසය අස්සට දාගෙන ඉන්නවා අපි ගැන හිතලා. පොස්පරස් තමයි වැඩි ප‍්‍රතිශතයක් තියෙන්නේ. ඊළඟට සින්ක්. මැග්නීසියම්, අයන්, කොපර්, කැල්සියම් යහමින් ඌරු මාංසයේ තිබෙනවා. අපි මේ මූලද්‍රව්‍ය තිබෙන ලොකු ලොකු ගණන් ගහපු විටමින බෝතල් පොඩි දරුවන්ට අරං දෙනවා. ඒ මේ ගුණය නොදන්න නිසා. විටමින ගැන කතා කළොත් බී 6, බී 12 වගේම සී සහ ඞීවලින් ඌරු මස පොහොසත්.

මේ පෝෂණ දත්ත ඔළුවෙ තියාගෙන මේ ගැනත් හිතමු. අද ලංකාවේ ගොවිතැනට අස්වැන්නට ලොකුම බලපෑම කරන්නේ ඌරා. අපි අලියා කියලා හිතුවාට, නෑ ඒක නෙවෙයි ඇත්ත. ඌරා ඒ අර්ථයෙන් ලොකුම ප‍්‍රශ්නයක්. අනික් පැත්තෙන් ඌරා අසීමාන්තිකව බෝවෙනවා. එතකොට එන්න එන්නම මේ ප‍්‍රශ්නය උග‍්‍ර වෙනවා. මේකට හොඳම විසඳුම තමයි වල් ඌරා මරන්න අවසර දීම. මේක නිකං බොරුවට වේදිකාවල කෑගන්නෙ නැතුව නීතියක් විදිහටම ස්ථාපිත කරන්න කාලය ඇවිත්. ඒක එහෙම වුණොත් මාළු යන්නෙ නැති ගොඩාක් දුෂ්කර ගම්වල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවට වල් ඌරා පුංචියට හරි දායක වෙයි.

ඌරා ගැන මෙහෙම ලියලා ලියලා රසට ඌරා කන්නේ කොහොමද කියලාත් නොලීවොත් ඒක අඩුවක් වෙනවා. මිරිස් තුනපහ බැදලා කළුවට කළුවෙ කෑලිවල තැවරෙන්න උයාගන්න එක තමයි වල් ඌරා උයාගන්න ජනප‍්‍රියම ක‍්‍රමය. ඊළඟට සුදුවට හදන ඌරු ඉස්ටුව. අද ගොඩාක් රෙස්ටුරන්ට්වල ජනප‍්‍රියයි මේක. මූ ඉතිං වල් කියලා අපි තම්බනවා තම්බනවා අර වල් එක යවන්න. අපි හිතනවා හොඳට තැම්බුවාම බඬේ අමාරු හැදෙන්නේ නෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. ඒත් අලූත් මස් ගත්තහම අපිට ඒ ගැන හිතලා වදවෙන්න දෙයක් නෑ. අනික පෝෂණය ගැන වගේම රහ ගැනත් හිතනකොට මේ තැම්බිල්ල එච්චර හොඳ දෙයක් නෙවෙයි. ගොඩාක් තැම්බුවාම රසය අඩුයි. වල් ඌරා වුණත් ගං ඌරා වුණත් අලූතෙන් ගෙනල්ලා දුම් ගහලා මීපැණි කළු ගම්මිරිස් එක්ක කාලා බලන්න කොච්චර රසද කියලා. සෝස් තවරලා සීසන් කරලා බාබිකිව් කරහනුත් ඒක වෙනම රසයක්. ගෙදර අවන් එකක් තියෙනවා නම් ලූණු ගම්මිරිස් එක්ක නිකං ටිකක් වෙලා ඉදවලා අවන් එකට දාලා අරගෙන කාලා බලන්න කොහොමද කියලා. පාන් පිටි කඩල පිටි වගේ තැවරුමක් එක්ක ක‍්‍රිස්පිකරණය කරලත් ට‍්‍රයි කරන්න පුළුවන්.

නිකමට ඌරා ගෙදරට ආවාම ගෙදර පැත්තකට විසිකරලා තියෙන අළු ලිපෙනුත් වැඩක් ගන්න පුළුවන්. ලූණු ගම්මිරිස් පදමට දාලා කෙසෙල් කොළේක ඔතලා අළු පල්ලේ දාලා ගන්න. අම්මෝ ඒ රස!! ඌරා වල් වුණාට, ඌරා ගං වුණාට එක එක ක‍්‍රමයට එක එක සෝස් එක්ක, තුනපහ වෙනවෙනස් මාත‍්‍රා එක්ක මික්ස් කරලා උයලා පිහලා, දුම්ගහලා, ග‍්‍රිල් කරලා ගත්තහම රසය වෙනස්. ඉසියුම් රස ගොඩක්. දිවට දෙන රස විශ්වයක් තියෙනවා. අපිට තියෙන්නේ ඌරා හරි හරකා හරි මාංස හම්බවුණාම ඒ රස විශ්වයෙන් එකක් තෝරාගන්න. ඒකනේ ඌරා හැම් වුණත් ඌරා සොසේජ් වුණත් අපිට තවත් අසූකෝටියක් රස ඒවායින් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි වැදගත්ම දේ, ආහාර සෑදීම වගේම ඒවා රස විඳීමත් කලාවක් නැත්තං ආට් එකක් කියන එක. ඒ ආට් එක අහුවුණාම ඒකේ රස මැරෙනකම්ම විඳින්න පුළුවන්.. ඉතිං මේ ඌරු වසන්තයේ ඌරු මසින් දිව රස කරගන්න. ඊළඟට හරක් මස් ගැනත් ඒ රස මනසින්ම හිතන්න.. අන්නේකයි කෙටියෙන්ම කතාව.